Monday, May 28, 2012
*** සමාකරන් අප්පච්චී *** Part - 06
දෙවෙනි අයියා පැක්ට්‍රි අසලින් කාරය නැවැත්වීමටත් පෙර මා ඉන් පැන ගත්තෙමි. වෙනදාට අප්පච්චී හෝ ලොකු අයියා එක්ක පැමිණෙන මා අද දෙවනි අයියා එක්ක ආවෙ ආරම්භ කිරීමට නියමිත අනෙක් ශාඛාවේ සාකච්ඡාවකට ඔවුන් නුවර ගොස් ඇති බැවිනි.
මේ නම් පෙර පින් පල දීමක්මය. ඒ වනවිටත් දෙව්මි පැක්ට්‍රියට පැමිණි මා එකම මිතුරිය මා ඉදිරිපිට සිටියේය. පාසැලේ එකම පන්තියේ එක ළගින් වාඩි වී සිටි ඇය අදත් මගේ ළග රැදෙයි. රැකියාවක් කිරිමට ඇවැසි නැතත් අප්පච්චී මගේ තනියට ඇයටත් අවස්ථාවක් දුන්නේය.
—Good morning දෙව්මි කියාගෙන මා ඇගේ අතක එල්ලුනෙමි.
—Very good morning මොකද මේ උදේ පාන්දර කම්මුල් පපුරන්න හිනාවේගෙන......
—ඇයි උඹට විතරද හිනාවෙන්න හොද.....?
—නෑ ඉතිං...මේ වලව්වෙ කුමාරිනෙ.....වෙනදට නැති වෙනසක්...ඒකයි......
—මේ උඹට කියන්න දෙයක් තියෙනවා.....
—ඒ මොකක්ද අප්පා....කාර් එකේ එනකොට පාරෙ හිටපු කොල්ලෙක් ඇහැක්වත් ගැහුවද....?
—විහිළු නෙමේ දෙව්මි. මං ඔයාට ඉස්සර දවසක් කිවුවෙ සිහිනයියා.....
—ආ...මේ....රන්මුතු සදකිරණිගෙ සිහිනයක් වුන සිහිනද....කියමින් දෙව්මි තාලයට කිවුවේය.
—හීනයක් නෙමේ හැබෑවක්... මේ අහනවකො....
—නෑ....කියපන්කො බලන්න විස්තරේ.....
මා සියල්ල දෙව්මිට පැවසූවෙමි. අනතුරුව ඈ පුදුම වූ දෑසින් මදෙස බලා
—දැං අද හවසට එනවද එතකොට......
—හ්ම්....
—ඒත් රන්මුතු...ඒක එච්චර හොද වැඩක් නෙමේ... එයා ඔයාලගෙ සේවකයෙක්ගෙ පුතෙක්. අප්පච්චි ඔයාට ඉඩ දෙන්නෑ. අපි ඔන්න ඕක අතැරලා දාමු.
—අනේ දෙව්මි Please......සිහින අයියා හරි හොදයි....මං දැක්කා එයා එයාගෙ අම්මට සලකපු හැටි....එහෙම අයගෙ හිත හරිම අවංකයි.....මට සිහින අයියා හවසට හමුවෙන්න උදවු කරන්න දෙව්මි......
—හරි ඉතිං දැං කට පියාගෙන ඉන්නකො. තවම උදේ පාන්දර තව පැය කීයක් තියෙනවද....?
එසේ කියා දෙව්මි නිහඩ විය. මම හිතෙන් සිහින අයියා මුණ ගැසෙන හැටි චිත්ත රූප මැවුවෙමි.
අපිළිවෙල ඒ කොණ්ඩෙ....ලස්සන නිල්පාට ඇස් දෙක...සුදු මුහුණ....සිහින අයියා මගේ හිත උඩ ඇවිද්දේය. සිහින....ඔබ මගේ සිත මෙතරම් සොරකම් කලේද....?ඇත්තටම ඔහුට මා මෙතරම් වශීවී ඇත්තේ ඇයි....?මට තේරෙන්නේ නැත. මෙය ආදරයද....මට හිතාගන්නට බැරිය. එහෙත් සිහිනයියාගේ හැමදේම ලස්සන යැයි මට සිතේ. ඔපිස් කාමරයේ උන්නද කාලය ගෙවී ගියද මගේ මනසට කිසිවක් ඇතුළු වූයේ නැත. පිච්ච මලක් සේ නැලැවිල්ලේ නොකිළිටිව...නොකළැල්ව...සිහින අයියා මගේ හදවතේ ගැඹුරටම ගිලා බසියි.
—ඒයි රෝසමල....උඹේ කන් ඇහෙන් නැද්ද...? දෙව්මි මා කොනිත්තයි. ඇය එසේ කරන්නේ මට කේන්ති යන බැවිනි. ඒත් මට කේන්ති නාවේය.
—ඒ පාර හිනාවෙනවා...ඔය ඇස් දෙකෙන් කදුළු පැනලා...ආයිත් දෙව්මි කියවයි.
— දෙව්මි විහිළු නෙමෙයි...දැං දෙවෙනි හරි ඩ්‍රයිවර් කෙනෙක් හරි ඇවිත් ඇති මාව එක්ක යන්න. අනේ මට සිහිනයියා එක්ක කතා කරන්නෝනා...
— ඉතිං උඹළගෙ ගෙදරට එන්න කිවුවම හරිනෙ.....අප්පච්චි මෙයා සිහින. මෙයාට මං ආදරෙයි.....තව හ්ම්...එයා නැතුව මට ඉන්න බෑ....
— අනේ දෙව්මි...විහිළු නෙමේ...
— ඉතිං එහෙම නම් කොහොමද....?
— ඔයා මහ නරකයි...හොද නෑ..එසේ කියමින් මා දෙව්මිට කලින් කාමරයෙන් පිටවුනි. ඇය මට විහිළු කර කර මා පසුපස එනබව දැනුනි.
—ආ...මොකද...රේස් එක ඉවරද...? පැක්ට්‍රියේ ගේට්ටුවට මද දුරක් තියා මගේ ගමනේ වේගය බාල වූයෙන් දෙව්මි අසයි. මා දෙව්මිගේ අතක එල්ලුනෙමි.
—දෙව්මි...අර පාරෙන් එහා පැත්තෙ චෙක් ෂර්ට් එක ඇදලා ඉන්නෙ සිහිනයියා....
—ආ...මේ ඒකද... No problem my dear.....
—පිස්සු කරන්නෙපා දෙව්මි...
—ආ..කවුද දැන් පිස්සු කලේ...ඔය ඉහින් කනින් දාඩිය බේරෙනවා...ආ...මගෙ ලේන්සුව පිහිදා ගන්න....කියමින් දෙව්මි ඇගේ ලේන්සුව මදෙසට දිගු කළේය...
සිත රිදුනු මා ගේට්ටුව අසල නවතා ඇති දෙවෙනි අයියාගේ කාර් එක දෙසට පියවර එසවීය. මා කාර් එකේ දොර අරින විට දෙව්මි දුවවිත්
—කොහොමද දෙවෙනි අයියා.....කියමින් දෙවෙනි අයියා එක්ක කතා කලේය...
—දෙව්මි නංගිනෙ...ඉතිං....ඉතිං...
—දෙවෙනි අයියේ.....හෙට මගෙ Birthday එක. මට ඇදුමක් අරගන්න ඕන....ඉතිං මං මේ රන්මුතුට කතා කලා...එයා ඔයාලගෙන් ඇහුවෙ නෑ කියලා දුකෙන් වගේ ඇවිත් ඔය ඉදගත්තෙ.....
—ඇත්තද රෝසමල....? කිසිදෙයක් හිතා ගන්නට ඉඩ නොතබා දෙව්මි මට පිහිට විය. එමෙන්ම ඇගේ උපන්දිනය පසුවී දැන් මාස ගණනකි. මා වෙනුවෙන් බොරු කිවූ දෙව්මි දෙසත් දෙවෙනි අයියා දෙසත් මා බැලුවෙමි. ඒ අතරතුර දෙව්මි මට ඇහෙන් ඉගි කලේය. යන්තම් ඔව් යැයි කීමට මා හිස සැළීය.
—දැං කොහොමද නංගි යන්නෙ....?
—ආ....අපේ ඩ්‍රයිවර් ඇවිත් ඉන්නෙ...අර....එසේ කියමින් දෙව්මි ඇගේ වාහනය පෙන්වීය.
—එහෙනම් පැයකින් දෙකකින් රෝසමලව ගෙනත් දාන්න නංගි. කියමින් දෙවෙනි අයියා මගෙ කම්මුලක් සිප ගත්තේය. කෂණයකින් කාරයෙන් බැස ගත් මා දෙව්මිගේ අත තදට අල්ලා ගත්තේය. දෙවෙනි ගිය පසු මම ඇය දෙස බැලුවේය.
—දැං මොනාද මං දිහා බලන්නෙ....අර ඉන්නෙ ගිහින් කතා කරපන්..මම අපේ ඩ්‍රයිවර්ට බොරුවක් ගහලා එන්නම්....
—අනේ ....මට කියවිනි.
—ඒ ගමන අනේ හුනේ ගානවද..... පලයන්....ගිහින් කතා කරපන්......
—මට බයයි දෙව්මි....
—ඇයි...?දැන් පණ්ඩිතයා වගේ කියෙවුවෙ සිහිනයියා...සිහිනයියා ගගා....මෙන්න මෙහෙ වරෙන් යන්න....කියමින් මගේ අතින් ඇදගෙන දෙව්මි පාරෙ අනික් පැත්තට පැන්නේය....
—මං අපේ ඩ්‍රයිවර්ට කියන්නම් පැයකින් එන්න කියලා....අර බොක්ස් එකෙන් අම්මට මොනා හරි කියන්නම් කියා දෙව්මි ගියේය.
—කොහොමද.....? ඩෙනිම් කලිසමට ලස්සන චෙක් ෂර්ට් එකක් හැද සිටි සිහිනයියා සොදුරුම සොදුරු විය. යෞවනයේ කඩවසම් බව ඔහු ළග ඕනෑවටත් වඩා වැඩි විය. අර ඇස් දෙක දිලිසෙමින් තිබුණි. මා ලෝභ කලේ මේ රුවට නොවේද...? මට කතා කරගන්නට වචන නැති තරම්ය. මම ඔහු දෙසම බලා හිදියේය.
—ඔයාට මාව මතක නැද්ද....? ඔහු ආයෙත් ඇසුවේය. මතකයි යැයි පැවසීමට මම හිස වැනීය.
—ඔයා රන්මුතු බංගලාවෙ රන්මුතු. අපේ අම්මා කියන විදිහට නම් රෝසමල. මං ඔයාගැන දැනගෙන හිටියේ නෑ නංගි. මට ඔයාව මගෙ හිතට හරියටම මතක හිටියෙ එදා මල්වත්තෙදි. ඔයා රෝසමල් මැද්දෙ රෝසමල්වලටත් වැඩිය ලස්සනට හිටියා. සිහිනයියා කියවයි. මම බෑගය කොනිත්තමින් ඔහු දෙසම බලා හිදියි. එතකොට මේ චලන ලෙස සිටියේත් සිහින අයියා නොවේද..යටි හිත ප්‍රශ්න කරයි. නමුත් සියල්ල හිත යටම තියා ගැනීමට මම සිතුවෙමි. දිවා රෑ මා වෙහෙස කරමින් මගේ තුන් සිතම පෙම් බැඳි සිහින නැති කර ගන්නට මා බිය විය...සොදුරු මොහොත අඳුරු කර ගන්නෙ ඇයි......
මං හිතුවෙ නෑ ඔයාව ආයිමත් මට මුණ ගැහෙයි කියලා. ඒත් එදා අපේ ගෙදරදී මං ඔයාව දැක්කම මගෙ හදවතට ඔයාව ඕන වුනා. මං හිතට කිවුවා ඔයා උඩ අත්තක පිපුන මලක් කියලා. ඒත් හිත ඒක පිළිගන්නෑ. එදාටත් වැඩිය දැං හිත ඔයා ගැන හිතනවා නංගි....
ඉතිං මේ ආදරයට මා පණ දෙන්නේ කෙසේද....? ඒ සිතුවිලි වලට මා පියාපත් දුන්නෝතින්...අප්පච්චී අයියලා මා හිතඋඩ එකපෙලට මැවුනි. කවියක් තරමට සොදුරුවූ සිහිනයියා හැගුම්බරව මගේ ඉදිරිපිට හිදියි. ඇසිපිය සැලීමටත් අමතක වූ ගානට මට සිහිනයියාගේ දෑසින් දෑස් ඉවතට ගන්නට නොහිතෙයි. මගේ හිත චංචලය. රන්මුතු බංගලාවේ සිවුමහල මා ඉදිරිපිට සිනාසෙයි. වික්‍රමසිංහ පරම්පාරාව මා ගිල ගන්නට සේ බලා හිදින බව මට දැනුනි. එහෙත්...
මේ මගේ හිරිමල් යෞවනයයි. මා සිතැගි සගවාගෙන කදුළු සලන්නේ කෙසේද.? නොයිදුල් ප්‍රේමයක පැටලෙන්න සැරසෙන නෑඹුල් යුවතියක වූ මා දෙලොවක් අතර අතරමං වූවාය.
—රෝසමල කතා කරන්න නංගි....සිහින අයියා එසේ කියන විට මා පියවි තත්වයට ආවේය.
—මන්දන්නෑ අයියා...මට කියවින.
—මන්දන්නවා නංගි....ඔයාගෙ ගෙදර වැඩ කරලා අපෙ අම්මා මාව ජීවත් කරවන්නෙ...මට උගන්වන්නෙ...ඉතිං එහෙම අයට ද්‍රෝහි කමක් කරන්න මටත් බැරිවෙයි නංගි..
පළමුවරට සිහින අයියා මට අහිමිවේදෝයි යන සිතුවිල්ල මා සිත තුළට පිවිසියේය. මහිත ගැස්සිණි. මේ මා උදේ හවා සිහින මැවූ මගේ ප්‍රෙමයයි. ඉතිං මා එයට අසාධාරණයක් කර පිටුපාන්නේ කෙසේද...?
—අනේ අයියා....
—ඒක එහෙම තමා නංගි...මං ඉපදුනේ...හැදුනෙ...වැඩුනෙ පේළි ගෙවල් වත්තක. කලින් මං ඔයා ගැන දැනගෙන හිටියනම් කවදාවත් මං මගෙ හිතට දැනෙන්නෙ දෙන්නෑ. මං දන්නවා මටග අසරණ ජීවිතේ ගාවට ඔයාට එන්න බෑ. ඔයා මන්දිරයක රාජ කුමාරියක්. ඔව් නංගි. මං කොහොම හරි ඉගෙනගෙන තැනකට එන්න බලනවා. ඒත් පේළිවත්තෙම තමයි අපේ ජීවිතේ ගෙවෙන්නෙ.
සිහිනයියා තවත් කියවයි. මගේ හිත හොදටම හිරිවැටී ඇත.
මම හිතට ධෛර්ය ගෙන කතා කරන්නට සිතුවේය.
—සිහිනයියා මට ඔයා නැතුව බැරුවෙයි...මම හැමදාම හිතුවෙ ඔයා ගැන..මේ ඇත්තමයි...
මගේ හිතට කොහන් හයිය ආවාදැයි නොදනිමි. රන්මුතු සදකිරණී වික්‍රමසිංහ ලැජ්ජා නැති එකියකි යැයි මට සිතුණි. අප්පච්චීට ද්‍රෝහී වූවා යැයි හිත කියයි. ඒත් මට මගේ ප්‍රේමය මිය යන්නට දෙන්නට බැරිය. මේසා හිත තුළ දගලන ප්‍රේමය මගේ දිගු අතැගිලි අතරින් රූරා වැටුනෝතින් මා ළය පැළී මිය යනවා සත්තමයි.
—රෝසමල..මං ඔයාව රවටිට ගත්තා කියයි...ඊයෙ හවස අර විදිහට කියලා මෙහෙම ආපු එක ගැන මං දැන් පසු තැවෙනවා.
—සිහිනයියා.....කියමින් මම ඒ සවිමත් අතක එල්ලුනෙමි.
මෙතරම් හයියක් ලැබීම ගැන හදවතින්ම මං මගේ හිතට පිං දුන්නෙමි. ඒ සමගම අපට මදක් එහායින් අප දෙස බලා හිදින දෙව්මි දැක මගේ ඇස් ඔරලෝසුව වෙතට ගියේය. දැන් පැය එකහමාරක් පමණ ගෙවී ඇත.
—යන්නම් අයියා... කියාගෙන මම දෙව්මි අසලට දිව ගියෙමි. කිසිවක් නොදොඩා ඇය මා අත අල්ලාගෙන ඇගේ කාරය දෙසට පිය මැන්නේය.
මහ වැස්සේ විදුලි කොටයි
මහ පොළවත් නිසොල්මනේ
නුඹ මට දොස් පවරද්දී
පොළව වගේ නිහඩ වෙමි......
මල වටකර කටු ගාලකි
මලත් හිනැහී පිපී වැනෙයි
මට බැන්නට අනේ නුඹත්
ඔබ මට ලෝකයක් වටී....
දුක් වින්දට දුක නොදැනේ
ඔබෙ සිනහවෙ සතුට ගෙනේ
මහමෙරකට පෙම් කෙරුවත්
මට ලැබිච්ච දෙයක් නැතේ....
______________මතු සම්බන්ධයි________________
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
මුල් කොටසුත් කියෙව්වා නම් කතාව මීට වඩා තේරුම් ගන්ඩ තිබ්බා. :(
ReplyDeleteදැන් ඉක්මනට ඉක්මනට දානවා මධුරංග...ඉස්සරහට අමාරු වෙන එකක් නැහැ තේරුම් ගන්න....
Deleteබලාගෙනම ඉදල අදත් ආවා
ReplyDeleteමෙයා කිවුව වගේමයි වගේ.....
Deleteමල කෙලියකි....
ReplyDeleteඇහ්...ඒ මොකෝ සිහන....
Delete'මම' කිව්වොත් 'මි' කියන්න
ReplyDelete'අපි' කිව්වොත් 'මු' කියන්න
'තෝ', 'නුඹ' නම් 'හි' කියන්න
'තොපි', 'නුඹලා' 'හූ' කියන්න..
නිර්මාණාත්මක බව වගේ ම භාෂාව ගැනත් සැලකිලිමත් වීමෙන් වඩාත් හොඳ නිර්මාණයකට යන්න පුළුවන් අක්කේ..
ජය!
අන්තිමට දාපු නිසඳැස නම් සුපිරි අක්කේ!
නියමයි මල්ලියා...දඩිබිඩිස් වැඩ..කතාව හිතේ තියෙන්නෙ..කස්ටිය පරක්කු කරනවා කියලා හැමදාම දොස් කියනවා..ඉතින් දෙතුන් වතාවල් කියන්නෙ නැහැ...අනුවාර්යෙන්ම හැකි උපරිම භාෂාවෙ අඩුපාඩු හදාගෙන ඊගාව කොටස ගේන්නම්....
Delete//..දුක් වින්දට දුක නොදැනේ
ReplyDeleteඔබෙ සිනහවෙ සතුට ගෙනේ
මහමෙරකට පෙම් කෙරුවත්
මට ලැබිච්ච දෙයක් නැතේ....//
කතාව නම් ගොඩක් ලස්සනයි..ඒ වගේම කවිත්...කතාවේ ඔක්කොම කොටස් එකම හුස්මට කියෙව්වේ...ඔන්න දැන්නම් ඉතිරි කොටස් ටිකත් ඉක්මනටම බලන්න ඕනේ දිනිති....