හන්තානෙත් පීරා එන
සිහිල් සුළග හිග වුනාම
සංසාරේ බොහෝ දුකයි
වන්දනාවෙ අපි ගියාට.....
අඬන එකී කැහැටු පපුවෙ
තියා ගනින් සීදේවී
නොරටු පුදන කිරි පිටියෙන්
මුවා කරන් සීදේවී......
ගිනි අව්වක් නොදැනුනාට
පිච්චෙන්නේ හිත
ආවට මේ දුර තනියම
වද දෙන්නේ හද....
කාසි අහුරු සිදාදියෙන්
ගමට පටව එවන්නේ
හිගා නොකා කෙලී තියන්
සීදේවියෙ සැනසෙන්නේ...
නොකා කාපු හිස් බඩටම
වතුර නලෙන් පිරෙන්නේ
අඩක් වැසෙන නෙත් අසලට
උඹයි කෙලියි එබෙන්නේ.....
මුදලාලිගෙ හයර් වලට
නැහැ යහමින් ගෙවන්නේ
ලබන මාසෙ ගම එන්නට
වැඩිපුර නිදි මරන්නේ......
පිනයි පවයි මෙයයි කියා
හිතාගනින් සීදේවී
පුරපස නම් මුවා වුනත්
අවපසවත් බලාවී.....
ටීක් බෝල වගේ ඉතින්
නොකර විසල් ඔය ඇස්දෙක
පාර බලා නොඉද දැන්ම
නිදා ගනින් සීදේවී.....
මතක ඇතුව අලුයමින්ම
ලියා එවන් ගම විස්තර
අඩිය පෙනෙන නුඹේ හිතට
පිරුණු සෙනෙහේ ඇත තවරා.......
යථාර්තයට හුගාක් ලගයි කියලා හිතුනා. ඒකයි මේ. ජය...!
ReplyDeleteස්තුතියි සරත්....
Deleteගමෙන් සිදාදියට ගිය අයට වගේම රට රස්සාවට ගිය අයටත් මේක පොදුයි කියලා හිතුනා..
ReplyDeleteහ්ම්...ඔව් නේද මල්ලි...
Delete//නොකා කාපු හිස් බඩටම
ReplyDeleteවතුර නලෙන් පිරෙන්නේ
අඩක් වැසෙන නෙත් අසලට
උඹයි කෙලියි එබෙන්නේ.....//
යථාර්තය අපේ කල්පිත වලින් බොහෝ ම ඈතින් තිබෙන්නක්..
ඒත් මේ කවිය යථාර්තයට බොහොම ආසන්නයි කියලයි හැඟෙන්නේ.. හැමදාමත් වගේ බොහොම සාර්ථකයි අක්කේ.
ජය!
හුගාක්ම ස්තුතියි මල්ලියේ....
Deleteමට දැනෙන්නෙ විදේශගත වූ කෙනෙකුගේ සිතේ පහලවන සිතුවිල්ලක් වගේ කියල. ලස්සන කවියක්
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඅපූරුයි !
ReplyDeleteස්තුතියි සිහින...
Deleteගොඩක් අපූරුයි අක්කියෝ.. ලස්සන අදහසක්.
ReplyDeleteකපුගේගෙ මගෙ බිසවුනේ අසාපන් ගීතය මතක් වුණා.
ම්....ඔව් නේද නංගියේ....ස්තුතියි ඔයාට...
Delete