Saturday, May 5, 2012

...සඳ දිනුම්..

කිවිසුමක් ගිය විටදි තරුවට
ලොකු කරන් ඇස් දෙකම සඳ
බලන විට අද තද කළුවරට
කොනිත්නවා සුළග හරියට.....

තලා අත්පුඩි තුරුලිය එකට

ජයගොස නගයි සතුටින් ඉපිල
විරිත්තාගෙන තරු පොකුරු
ඇඹරෙනවා අර ගඟනත මැදක

සිහිසුන්ව වැටීලා අද පොලවට
එල්ලිලා උන් වවුල් රෑනම
ඉස්සිලා අඩියක් දෙකෙක් හෙමිහිට
බලනවා වලාකුළු මග හොදට.....

සිල් ගත්ත වැලි කැට බිමක
මෙත් වඩයි තව නෙත් වසන්
ඉසින විට පිනි බිදු දෙක තුනක්
රව රවා අඹරට බලයි ඒ නෙත්.....

කනා මැදිරියො එක මැදට වී
කතා කරනවා අර සියළු විස්තර
වැඩට ගොස් උන් බකමුණො
ඇවිල්ලා අද ලහි ලහියෙ ආපසු....

එකම හුස්මට දුවගෙනම ඇවිත්
දුර පැනපු සඳ ජය අරන් අද
මිනිස් කැල බිම සිටන් දැන්
වඳිනවා අර සාදු කියමින්.....................


12 comments:

  1. ඔයාගෙන් මම කියවපු හොදම කවිය මේක අක්කියෝ.. උපමා රූපක පිරිච්ච කවි පන්තියක්.හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගෙ නංගියේ....

      Delete
  2. වෙසක් දාට පායන හඳ හරිම ලස්සනයි.. මටත් මතකයි දවසක් මමත් වෙසක් දවසක රුවන්වැලිසෑයෙ කොතට උඩින් හද පායන අපූරුව දිහා පැය ගානක් බලන් හිටිය... උපමාවන්ගෙන් රසවත්ව ලියල තියන කවි පෙළත් ඒ වාගේම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. මම නම් කවදාවත් රැයකට රුවන්වැලි සෑය දිහා බලා ඉදියෙ නැහැ කොටියො..හිතෙන් මවා ගත්ත දේවල් තමා...ස්තුතියි මේ පැත්තෙ ඇවිත් දෙන දිරියට...

      Delete
  3. හඳ කෝමද මෙතෙන්ට ආවේ ??

    ReplyDelete
    Replies
    1. හිහි..හඳ අද දිනුම්නෙ මධුරංග...අද පෝය දවසනෙ..මුළු ලෝකෙම අණසක පතුරවන්නෙ සඳ අදනෙ...

      Delete
  4. රැයේ සුන්දරත්වය කවියෙන් විස්තර කරලා අන්තිමට සඳ එළිය ගේන තැන නියමයි. කවි සිතුවිල්ලනම් නම් පරිණත අදහසක්.

    විශිෂිඨයි.

    ReplyDelete
    Replies
    1. අයියගේ මේ වචන තුල දෙන සවිය අපමණයි...බොහොම ස්තුතියි...

      Delete
  5. බොහොම ජීවමානයි.
    මම කියවපු ලස්සන ම කවී වලින් එකක් අක්කේ..
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ හුගාක්ම...

      Delete
  6. ජීවිතයේ පළවෙනි පාරද මන්ද මෙහෙට ආවෙ.කිඳුරු හිතට නම් ගොඩක් දැනුන

    ReplyDelete
    Replies
    1. හ්ම්..මටත් මුණ ගැහුණෙ පලවෙනි වතාවට කිඳුරව... ස්තුතියි ඇවිත් ගියාට...හැමදාමත් එන්න බලන්න...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...