Wednesday, May 30, 2012

***රජරට***


රජරටට හිරු නිතර රැවුවට
සිනාසෙනවා පලු වීර හරියට
බෝසත්ම ගති උරුම ගොවියන්
වියළි සුළගින් හුස්ම ගන්නවා.....

ඉඩැල්ලේ හිත් කනස්සලු නැති
කුරහන්ද සරුසාර වෙන හැටි
ගොඩැල්ලේ පස් සකස් කරමින්
රජරටින් හසරැල් නැගෙන හැටි....

දුරුතු මාසෙදි අතගාන බිම
වෙසක් මාසෙදි දෝත පානව
පොසොන් මාසෙත් ඇසල ආවම
බැතිමතුන් රජරටට වඩිනව....

කලා මින්නේරියේ දිය රැලි
නංවමින් ඉඟසුග වටා
නේක වන්නම් තාල තියමින්
පවනෙ රාවෙන් පාද තියනව....

දමා දළු සිනාසෙන කෝන්
තුරු කොහොඹ දිවුලුත්
තාම සිහිලස සදා නිවනවා
විඩාබර කම් ලෙංගතුව හොඳ...

හෙම්බත්ව හිත් දකින විට
නිරාමිසවම සමිඳු අවුකන
එදා වාගෙම මහා කරුණා
ගුණය විහිදයි කිසිත් නොඅඩුව....

බත බුලත එකිනෙකා බෙදමින්
දහඩියට මුසුවෙච්ච දිරි සවි
මිනිස් කම් හදවතින් විහිදන
සතා සිවුපාවටත් ආදරේ රජරට.....

සේල සළු පිළි වලින් සැරසුණ
සිල් සුවද දෙන රන්වැලිය....
පිං සුවඳ හමනවා මහ බෝධියේ
එදා වගේම හෙටත් රජරට.......

කලාවියෙ නුවර ඇත්තන්
ගැනම කිවුවත් මොනතරම් පද
වත්මනේ කොයිතරම් නීරස
තැනුත් තියෙනවා සබඳ හරියට....

___________________දිනිති________




20 comments:

  1. වැව් බැදි රාජ්‍යයේ සුන්දරත්වය හා දුශ්කරත්වය මෙහෙම කවි පන්තියකින් කියවන්න ලැබීමත් වාසනාවක් ඒ තරම්ම ලස්සනයි කවි ටික.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට.

      Delete
  2. රජරට තරම් ලංකාවට ශක්තියක් දෙන පළාතක් තියෙනවද මන්දා...

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඒක නම් ඇත්ත මල්ලි..

      Delete
  3. මමනං ලංකාවෙ පලාත් ගැන මොකුත්ම දන්නෙ නෑ ඕං

    ReplyDelete
    Replies
    1. ජීවත් වෙන්නෙ කොහේද එතකොට...?

      Delete
  4. //..රජරටට හිරු නිතර රැවුවට
    සිනාසෙනවා පලු වීර හරියට..//

    රජරට අසිරිය ගැන අපුරුවට පද ටිකනම් ගලපලා තියනවා දිනිති..හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිතුවිලි දැහැන.

      Delete
  5. මුළු රයරටම එක මිටකට ගත්තු කවියක්.... මරු දිනිති

    ReplyDelete
    Replies
    1. ම්..ස්තුතියි හුගාක්ම...

      Delete
  6. ආසාවෙ බෑ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා අඩවි රජාටත්...

      Delete
  7. නුවර කලාවිය මගේ නිජබිම නේ කොහොම ලිව්වත් මනසින් රවුමක් දාලා ආවා වගේ හැගිමක් ඇතිවුණා කවිය දැක්කාම

    ReplyDelete
    Replies
    1. මම නම් වන්දනාවෙ දෙතුන් පාරක් ගිහින් තියෙනවා විතරයි අයියෙ..පොතපතින් කියවපුවා තමා හිතම කලත්තලා කවියට ගත්තෙ..

      Delete
  8. මේ කොළඹ පොළවෙ ඉපදෙන්නෙ නැතුව රජරට ඉපදුණා කියලා මට සියදහස් වාරයක් හිතිලා ඇති.කවදහරි දවසක අනුරාධපුර පැත්තෙ ඉස්කෝලෙක ගුරුවරියක් වෙන එක මගෙ ජීවිතේ ප්‍රාර්ථනාවක්.දැනටත් මම ඉතිහාසය පොතේ ආසාවෙන්ම පාඩම් කරන කොටස තමයි ජලාශ්‍රිත ශිෂ්ටාචාරය ගැන තියෙන පාඩම් දෙක.

    රජරට පරිසරයයි සංස්කෘතියයි රුධිරගත වෙලා තියෙන්නෙ.දිනිති අක්කගෙ කවියෙ මුල ටික කියවද්දි මට ඒ ඔක්කෝම ඇස් ඉදිරියේ මැවිලා පෙනුනා.ගොඩක් ස්තූතියි මේ වගෙ කවියක් ලිව්වට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුංචි නංගියේ....

      Delete
  9. රටකට බත සපයන එක සුලු පටු කාර්යයක් යෑ. ඒ නිසා ඒ අතින් රජරට මිනිස්සුන්ව අදහන්ඩ වටිනවා. කවි පෙල ලස්සනයි දිනී.

    ReplyDelete
    Replies
    1. රජරට තරම් හොද පලාතක් කොහ්ද කියලා මට හිතෙන වාර අනන්තයි...
      ස්තුතියි මධුරංග..

      Delete
  10. රජ රටේ සුවඳ ජයසිරි මහා බෝධින්වහන්සේගේ පිහිටෙන් චිරාත් කාලයක් පවතීවා !!!

    ReplyDelete
    Replies
    1. ම්...ඒක නම් ඇත්ත මල්ලි...
      ස්තුතියි ඔයාට..

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...