Monday, May 7, 2012

_____යථාර්ථය පැහැදුනා_____



මම හදපු කූඩුවට
ඇන්නා නොවැ
පෑනකින්
ඉරිසියාකාර මනුස්සයෙක්...

‍කදුළු බිඳු වැටිලා
තෙත් වුනා
සව්කොල....

හිනා වුන බට කෝටු
නිරුවතින් ඇඹරිලා....

ආයෙමත් අන්දන්න
ගවුම් නෑ රට ගෙදර............

තදින් අත් අල්ලගෙන
රබර් පටි සීරුවෙන්
ගැහි ගැහී කියනවා
නොරිදන්න කියාලම....

බොඳවෙච්ච ඇස් දෙකෙන්
පිරිමැදිමි සියොළගම කූඩුවේ.....

නොවී අමනාප දැන් ඉතින්
හැංගෙන්න කිවුවා
නොපෙනෙන්න......

දුර වෙච්ච සසර මඟ
නොහිමිකම කියා දී
හැංගුනා කසල ගොඩෙ
ලෝ දහම පසක් කර......

4 comments:

  1. "හිනා වුන බට කෝටු
    නිරුවතින් ඇඹරිලා...."

    මේ පේලි දෙක කවියට හොඳ ආලෝකයක්. ව්‍යංගාර්ථය කියන්නේ මේකටයි.
    සියලු දේ අනියතයි. ඒ නිසා වෙසක් කුඩුවත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. හැමදේම නැසෙන සුලුයි කියලා තේරුණා....

      Delete
  2. හ්ම්ම්.. දුක හිතුනා.. ඇත්තටම එහෙම දෙයක් උනාද?

    ReplyDelete
    Replies
    1. හ්ම්.....මගේ මේ ලෙඩෙක් ඇන්නා නොවැ පෑනකින්....ගහන්න කියලද..බැහැනෙ...දුක විතරයි.. :-(

      Delete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....