එකම බත් මුට්ටිය නොඉදුනත්
පතට නම් හුවමාරු වෙයි
කියාගෙන සුළගටත් රහසක්
සුවඳ හමමින්ම ව්‍යාංජන....
ටිකක් හිර වෙච්ච ගවුමට
අල්පෙනිති රිදුම් ඇයි
දුව ගොසින් සෙනෙහසින්
ගනියි අල්මාරියෙ තමන්ගෙම ලෙස......
මඟුල් ගෙය ඇති විටදි
කතා බහ කරමාල
සිනාසෙයි ගෙල වටේ
නැහැ වෙනස බිල්පතේ නම ගම.....
හිලව්වක් ඉලව්වක් ආව විට
දෑත පටලා එකට යයි
පිඹගෙනම නෑදෑයො පරදවා.....
රිඳුම් දෙන විටදි නොන්ඩියක් ගසා
දෙපතුලුත් පිරිමදියි එකම කදුළක්
බෙදාගෙන සම සමව.............
සදන්නට සිතාගෙන දැම්ම විට
අලුත් ගෙබිමක් නැවුම් හසරැල් පතා
අබත් නැහැ පුපුරන්නෙ කීරී ගැසෙනා
සිතුවිල්ල දැවටිලා හද කොනේ...........
සන්තකය වුව සින්නකර
දුවයි මීටර සියයෙ වේගෙත් අභිබවා
එක නැට්ටෙ දෙහි ගෙඩි සොයා....
බෙදනවා නොබිදෙනම සෙනෙහසක්
ලියා බිත්තර කට්ටෙ
අසල්වැසි ප්‍රේමය.......
වැට මායිමෙන් පන්නලා
ජප නූල වළලනවා තඹ තහඩුවෙන්
නොමැකෙනා තිළිණයට.
සහෘදම අසල්වැසියාටද මෙහෙම වින කටින්නේ..
ReplyDeleteඅනේ හැබෑටම මෙහෙමත් මිතුරු අසල්වැසියෝ..
මං හිතන්නේ ඉරිසියාව වගේම කෙනෙක් දියුණු වෙලා ඉන්නවා දකිනකොට ඇහේ කටු අනිනවා වගේ ඇති හින්ද වෙන්න ඇති.
ReplyDelete