Tuesday, May 1, 2012

...දන්නවද දුවේ...



වැහි කුණාටු අහසට
කේඩෑරි කෝටු අතපය
ඉහලට ඔසවන් ඇසූවත්
බුම්මාගත් ඒ ගගනතම
දෙන්නෙ වැහි කදුළු සීතලට..............

අද වගෙම අතීතෙක
ගියා දුවෙ නුඹෙ පියා
සනුහරේ තලන අත්පුඩි මැදින්
කතා කරනට යුතුකම් බෑගයක්
කරලාගෙනම හන්දියේ තිබු මහ
සෙනඟ ගොන්නක් අතරට................

මඩපාට ගැහුණු හොදම සුදු
සරමට කමියක් ඇගලාගෙන
දැවෙන පපු ගින්දරෙන් ගෙයි
බත පිසින්නට ඉඩ නොලද
ගිනිමලත් යුධ වදින මධ්‍යහනකම...........

මැලවිලා යටට ගිලිච්ච බොරපාට
පිරිමි ඇස් දෙකෙන් කිවුවෙ
බේරි බේරි ගත සිඹින ඩා බිදට
දෙන්න කියමින් යහපත් සධාරණය.....................

රතුපාට රතු දිනය සමරමින්
හැන්දෑවෙ ගෙදර ආවත් හිස් අතින්
නොකිවු කතා ගොන්නක්
පපු මැදම අත ගාමින් රැයේ
හූල්ලනවා ඇහුණා නින්දටත් උරණව...................

තැන තැනින් හිල් රටා වැටුණු
කළු හම් බෑගයක් දකුණට ගෙන
පහුවදා අලුයම නැග්ගත් පොරකා
ලංගමේ බස් එකක වාර ප්‍රවේශය අතැතිව
හිල් වෙච්ච පොකැට්ටුවෙ අඩිය
මාසෙ අන්තිම හිනාවෙද්දි
විඳි සියල්ලම වහා ක්‍රියාත්මක වන
පරිදි අත්හිටුවා රාජකාරයි ඔහුගෙ..............

උඹ දන්නවද මගෙ දුවේ
පහුවෙච්ච අවුරුදු ගානටම
නොකිවු රහසක් නම් උඹට
ගෙදර එන අතරමඟ උඹෙ පියා
අරන් ගොස් නාදුනන උන්
යකඩ බටයක උණ්ඩයෙන්
දී තිබුණා අයිතිවාසිකම් ඉල්ලාපු.....................

***දිනිති***

14 comments:

  1. හිතට දැනුන කවි පෙලක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ....

      Delete
  2. ආසාවෙන් කියෙව්වා
    …හිත පතුලටම වැදුනා

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඇති..බොහොම ස්තුතියි ඔබට...

      Delete
  3. සිය කම්කරු අයිතිය ඉල්ලා
    හඬ නැගූ විට
    රට අල්ලන්න නොව
    හෙලූ ශ්‍රමයට සරිලන වැටුපක්
    ඉල්ලා.
    ඒ පන්තයේම උපන් බත් බැලයෙක්
    එල්ලකලේ තුවක්කුව
    දුවේ උඹටයි
    උඹේ අනාගතයටයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඒක නම් ඇත්ත අයියෙ...ස්තුතියි හුගාක්ම...

      Delete
  4. හරිම සංවේදියි ..... අපූරුයි දිනිති....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට...

      Delete
  5. ලස්සන කවි සිතුවිල්ලක්. වෙනදා වගේම මේ කවියත් ආසාවෙන් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි මධුරංග...

      Delete
  6. ලස්සන අමුතු දෙයක් තිබුණා.නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හුගාක්ම ඔබටත්...

      Delete
  7. මම දැකපු වෙනස්ම මාතෘකාවක්.. ලස්සනයි අක්කේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගෙ නංගියේ....

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...