Friday, May 11, 2012

....පිටරට සිහිනේ....

පෙරලි පෙරලී ඔය නටන
ඇස් අහකට ගන්න
කෝ ඉතින් හසමලක්
මට දෙන්න මොහොතකට

" ද " යන්නට නිදා ඉන්න
පුතු අවදි නොකරන්න
" ස " යන්න වාගේම වසාගෙන
අපෙ දූව රැකගන්න.....

පනිනකොට කළුවර වැට
කොඩොල්ලෙන් හැමදාම
උණුසුමට එක පොඳියෙ
ගුලිවෙලා හිනැහෙන්න.....

3.20 ට ෆ්ලයිට් එක මට
තව ටිකක් සොදුරියේ
එන්න දැවටී ළග ඉන්න
සුවඳ තවරා ගන්න....

හිනාවෙන බෝනික්කියක්
ඉගිල්ලෙන කාර් එකක්
එවන බව පවසන්න මම
සතියකින් දෙකකින්ම....

යටි පතුල් කටු ඇණෙන ගේ ඇතුලෙ
දිලිසෙන ටයිල් පොඩ්ඩක් අල්ල ගන්න
දුම් පිඹ පිඹම අළු මැද්දෙ උයන නුඹෙ
කුස්සියට අලුත් පෙනුමක් කැන්දන්න

හැමදාම පාට දෙකකින් දකින
රූප පෙට්ටියෙ දේදුන්න තවරන්න
ගේ වටේ අරන් ඇවිදින වයර්ලස් එක
ඩුම් ඩුම් හඩින් සද්දෙට අසාගන්න

තවම ඉර හඳ තරු පෙනෙන වහලයට
ස්ථිරව බදාමෙන් කොන්ක්‍රිට් කරගන්න
කොළඹවත් නොගිය වයසක මව්පියන්
දඹදිවට යවා පොඩ්ඩක් සනසන්න.....

තව තියෙනවා සොදුරියෙ මහ හුගක්
අහස සිපගන්න සිහින වැල්
ඉතින් දුරු රට ගිහින් මම එනතුරා
සැනසුමෙන් නුඹ ඉන්න

කෝ දෙන්න ඔය වත කමල
ඇබින්දක් සිපගන්න
මගෙ මැණිකෙ පන නල නුඹලමයි
කෝ ඉතින් හිනැහෙන්න.....

******************

කප්පරක් හීන පොදි කර තියන්
අහස් යානයෙ ආවා තමයි
මඟ දිගට ඇපල් වතු දොඩම් වතු
කටින් මැවුවේ ඒජන්සියේ උන් තමයි

දිව ගිලෙන ගිනි අවුවෙ හාමතේ
තවම අන්දුන් කුන්දු වුන හැඩයි
උතුර දකුණත් මාරු වී දස අතේ
යන්න මඟ නොම දන්නෙමයි.....

මුවා කර මුළු ලොවෙම ඇස්
රිංගන්න වුනේ ඩිකියට තමයි
වාහනේ පන්නලා බව බෝඩරය
වැටහුනේ බහින්නට කිවු විටයි.....

දැන් ඉතින් රිසි දෙයක් තමුන්
කරගන්න කිවුවෙත් උන්මයි
අනේ සොදුරියෙ ජිවිතේ මේදැයි
මම දැක්ක සිහිනය ගැන හිතෙයි.....

තුරුල් කරගෙන රෙදි පොට්ටනිය
ඉන්න විට සුදු පොලිස් මහත්වරු
ඇවිත් එක්කන් ගියේ කොහෙදැයි
වැටහුනේ අන්තිමට කූඩුවට වැටුනමයි................

දැන් ඉතින් මක් කරන්නද ‍සොදුරියේ
දහ අතේ හිතනවා පිස්සුවෙන් වගෙයි
අනේ මං ගැන හොය හොයා නුඹ
දුවනවා ඇති වැලහින්න මඟ තොටේ.........

16 comments:

  1. මුවා කර මුළු ලොවෙම ඇස්
    රිංගන්න වුනේ ඩිකියට තමයි
    වාහනේ පන්නලා බව බෝඩරය
    වැටහුනේ බහින්නට කිවු විටයි.....
    මේටිකදැක්කම එකපාරට මතක්‌උනේ,මිල්ලෙසොයා,

    ReplyDelete
  2. හිහි...ඇත්ත ඕක තමයි මල්ලියේ.....දැන් නම් යුරෝ හොයන්න ගිහින් ඔහොම වෙන්නෙ.

    ReplyDelete
  3. කප්පරක් සිහින මොහොතකින් බොඳ කෙරනු
    ආදරණීය සැමියෙකුගේ, පියෙකුගේ සුසුම් තවරපු
    ලස්සන නිර්මාණයක්...............


    මරු දිනිති....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට..

      Delete
  4. මටනම් මලත් මෙහෙ හොඳයි කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙම හිතෙනවා..ඒත් මොනා කරන්නද....

      Delete
  5. පිටරට ජීවිත ගැන කියන්න කොච්චරනම් දේවල් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඒක නම් ඇත්ත මල්ලි...

      Delete
  6. මටත් මගේ අත්දැකීමක් මතක් වුණා.. ඊට පස්සේ තවත් එකක් මතක් වුණා..
    සැහෙන්න හිතට දැනුනා අක්කේ..
    ජය!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒවා පස්සෙ දවසක අපිටත් ලියන්නකො මල්ලි....
      ස්තුතියි හුගාක්ම....

      Delete
  7. තනි අලියාMay 11, 2012 at 8:46 PM

    මම මෙන්න මේක අහන ගමන් මේක බැලුවෙ! :) එ්ක අහල මේක මතක් උනා නෙවෙයි! අහම්බෙන් දැක්කෙ! :)

    http://www.youtube.com/watch?v=oy2kB35mkI4

    ReplyDelete
    Replies
    1. ම්..මමත් මේක ඇහුවා මල්ලි...

      Delete
  8. "සායෙන් හඬන දූ දරුවන් උදෙසාම
    ආයෙම් මෙහෙවරට නොරටුන් ළග මෙහෙම
    බානෙන් බැඳී සිටියත් යදියන් සේම
    හීනෙන් මගේ රටෙයි නිදියන හැම රෑම"

    ෴ නන්දා මාලනී෴
    ගියකින් එහෙම කිව්වා

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත..හැමදාම හිනෙන් නිදා ගන්නෙ ලංකාවෙ...

      Delete
  9. මිල්ලෙ සොයා... කටුක යථාර්ථයක්...
    දහසක් පැතුම් පොදිදරා කාසි සොයන්න එතෙර යන ඇතෙම් ළදුන්ගේ ශෝකගීතයක් වගේ.. ඕකෙ තව පැත්තකුත් තියනව.. ඇය කීයක් හරි හොයාගෙන යලි ගෙදර විත් බලනවිට සැමියා සල්ලි ටික කාබාසිනිය කරල, ඇතෙම්විට වෙන කාන්තාවක්ද ගෙනැත්, දරුවන්ගේ අධ්‍යාපනය ඇණහිටල..

    ReplyDelete
    Replies
    1. දැන් යූරෝ සොයා....
      බොහොම ස්තුතියි තොටියො මේ පැත්තෙ ඇවිත් ගියාට.....

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...