Saturday, February 18, 2012

කෙටිකතාව හා කෙටිකතාවක්...



    ලොව පුරා ප්‍රසිද්ධ රුසියානු ජාතික ඇන්ටන් චෙකොප් කියනවා “කෙටි කතාව වූ කලි ජීවිතයෙන් පෙත්තක් නිරූපණය කිරීමකි ” කියලා.  එහෙම කියන්නෙ ගැඹුරු මානුෂිය තලය විවරණය කිරීමක්.  සමහරවිට මට හිතෙන විදිහට කෙටිකතා කරුවාට පුලුවන් හරිම සංවේදීව කිසිවෙකුට හසු නොවන තලයක ඉදන් විවරණය කරන්නත් කියලා. මාත් ඉතින් දන්න තරම තමා.  :-p

කෙටි කතාවක් යන්න කුමක්දැයි තේරුම් ගන්න වඩාත්ම සුදුසුයි  "ජෝසෆ් බර්ග් එසන්වින්ගේ" අර්ථ දැක්වීම. ඔහුට අනුව කෙටි කතාවක මුලික ලක්ෂණ 7 ක් තියෙනවා.

01සංග්‍රහ වන යම් යම් සිද්ධි අතුරෙන් එකක් අභිබවා යන ප්‍රබල සිද්ධියක් තිබීම.
 
02 ඉස්මතු කර පෙන්වන එක් ප්‍රධාන චරිතයක් සිටීම. 
03 කතා වින්‍යාසයක් තිබීම. 
04ඒකීය ධාරණාවක් තිබීම. 
05සත්‍ය කතාවක් නොව කල්පිත කතාවක් වීම. 
06විස්තීරණත්වයෙන් තොර වීම. 
07සංවිධානාත්මක වීම. 
යන ලක්ෂණ තමා.

         හ්ම් මේ විදිහට හිතන්න ගියොත් කෙටි කතා ලියන්න එපාවෙයි අපේ අයට. දැන ගන්න ඕන් මං ලිවුවෙ. ඉගෙන ගෙන තියෙන විදිහට සම්ප්‍රදානුකුලව. හැබැයි වචන දෙක තුනකින් වුනත් කෙටි කතාවක් ලියන්න පුලුවන් කියලා මට හිතෙනවා. කෙටි වුන කතාවක් කෙටි කතාවක් වුනත් හැබැයි ඒකට යම් යම් රීති එහෙම නැත්නම් රාමුවක් තියෙනවා කියලත් මම හිතනවා... ඒ විතරක් නෙමෙයි අපිට කෙටි කතාවක් ලියනකොට එක එක කෝණවලට ලියන්න පුලුවන්. නමුත් ප්‍රධාන වශයෙන්

01 උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන් හා
02 මධ්‍යම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන් .
තමා ලියවෙන්නෙ.

උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණය කියන්නෙ ,.... මම..... කියන තැන ඉදන් තමා කතාව කියවෙන්නෙ. ප්‍රථම පුරුෂ දෘෂ්ඨි කෝණය කියන්නෙ ඔහු හෝ ඇය හෝ කවුරු හෝ කෙනෙක් විසින් කතාව ඉදිරිපත් කිරීමක්.

යුරෝපයේ කෙටිකතාව ජනප්‍රිය වුනාට මුල් කාලයේදි ලංකාවෙ එච්චර ජනප්‍රිවුනේ නැහැ. මොකද ඒ යුග වල බුත්සරණ අමාවතුර පන්සිය පනස් ජාතක පොත.....ඊට පස්සෙ මාර්ටින් වික්‍රමසිංහ විසින් සාහිත්‍ය ලෝකයට දුන්න ගම්පෙරලිය වැනි නවකතා නිසා අපේ රටේ නවකතා සමාජය අතර බහුලව කියවුනා... නමුත් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින්ම ....ගැහැනිය....කෙටිකතාව ලියා සමාජයට දිමත් සමග තමා ඔන්න අපේ රටේ පාඨකතා කෙටිකතාව ගැන වැඩි අවධානයක් යොමු කරන්න ගත්තෙ..ගීද මෝපසංගෙ...ඇන්ටන් චෙකොප්ගෙ වගේ කෙටිකතා කියවන්න ඉංග්‍රිසි දන්න අය පුරුදු වුනා...
කොහොම වුනත් මාර්ටින් වික්‍රමසිංහ...ජි.බි..සේනානායක..ඩබ්ලිව්.ඒ ද සිල්වා වගේ ලේඛකයින්ගෙන් දිගටම අපේ රටේ කෙටිකතාව පෝෂණය කලා. අදත් අපේ සමාජයේ වත්මනෙහි ලේඛකයින් හැකි විදිහට කෙටිකතාව පෝෂණය කරනවා....

හ්ම්...අයියෝ මට බැහැ මීට වඩා ලියන්න...ඔන්න මම ලිවුව කෙටිකතාවක් පහල තියෙනවා..ඒකත් හදිස්සියෙ ලිවුවෙ..ඔන්න මම දන්නෙ නැහැ. ඉතුරු හරිය ඔයාලට බාරයි...

ජය...



..... පසුතැවීම......

මම තදින් දෑස පියා ගත්තෙමි. ඊයක වේගයෙන් සිත අතීතයට ගියේය.

“ මම මේ මලුවට යනවා එනවා
බෝ මුල් බෝ පත් මට පෑගෙනවා
සමාව දී මගෙ පවු අරවනවා
‍බෝ රජුනේ මට සමාව දෙනවා......”

               එක දිගට යකඩ කටින් එන බෝධි පුජා ගථා සැදැහැති පිරිස්ද හඩ නගා කියවයි. පුරුද්දට කියෙවුවාට මගේ සිත අහලකවත් මේ කිසිවක් නොරැදුණි. පහලවන සෑම සිතුවිල්ලක් පාසාම ඇය ගැන කෑගසා හිත මට කියයි. මා දානයකට වැඩියත්..බණකට වැඩියත්..පිරිවෙණේ ඉගෙන් ගන්නට ගියත් ඒ සියල්ලක්ම වසා ඇයගේ මුහුණ මා සිත සොරා ගත්තේය....

වරෙක මට මගේ හිත
“..... මොකද්ද උඹ කරන්නේ......”

යැයි තරවටු කළේය. ඒ සෑම වෙලාවකම ආනාපානා සතිය වඩන්නට මම පටන් ගත්තෙමි. එයද තත්පරයක තරමවත් මට රැදෙන්නට බැරි වූවාය. ඊයම් බාරු වැනි බර අඩි තියමින් ඇය හිත් මළුවේ ඇවිද්දේය.

“.... බැදීම් අත් අරින්න නේද ආවෙ......”

තවත් මොහොතක මසිත මට වද දුන්නේය. එහෙත් සංසාරය පුරාවට ඇය හා බැඳුනු ඒ ආධ්‍යාත්මික සංසාර සුවඳ මගේ හිත මට මතක් කළේය. ඇය මුදු සිතින් මසිත පිරිමදින... මහිස පිරිමැද්දා වගේම හිතට සුවය දැනුනේය. ඇසිපිය වසා මා නන්නත්තාර සිතුවිලි යායක හැමදාමත් අතරමං වුයෙමි.

“.....තේරුම් නොගන්නෙ ඇයි.....”

යලිත් මගේ සිත ප්‍රශ්න කලේය. මා තේරුම් ගන්නට උත්සහා ගත්තේය. එහෙත් ඇය නොඑන තැනක් නොවුයේය.

නෙත් යුග පියවෙන සිහිනයට පවා ඇය ආවාය. ....කාත් කවුරුත් නැති මට ඉන්නේ ඇය සේම ඇයට ඉන්නේ මා පමණක් යන සිතුවිලි වල මා කිමිදුනෙමි. නිශ්චිතව ඇය දිනුවේය.

       ඉදින් අවසන මා පැරදුනි. බුදු ගෙයි විහාරයට ගොස් උතුම් වු සිවුරට වැද නමස්කාර කර මලසුන මත තබා සෝමපාලගෙන් ඉල්ලාගත් සරම ඇදගෙන මා අභිනික්මන් කලෙමි. බුර බුරා නැගෙන සිතුවිලි වලට පණ දෙන්නට මම ආවෙමි. මහ පාන්දර කලුවරේම මහ ගේට්ටුවෙන් එළියට යාමට නොහැකි නිසා මා පිටුපස කම්බි වැටෙන් රිංගා පාරට ආවෙමි. ඇවිදින් සිත තුල නලියන ඇගේ රුව ගැන මතක් කරමින් පියවර තැබුවේය...

.... ඇගේ වත මා දුටු විට කේසේ වේද.....

යන සිතුවිල්ලම වදදෙමින් සිතමින් මා දස දහස් වාරයකටත් වඩා ඇය ඉදිපිරිටට ගොස් සිතින් නතර වුයෙමි. තව පැය දෙකකින් තුනකින් මා ඇය අසල නේදැයි සිතමින් උන්නේය. හදවත මැදම ලබ්ඩබ් සද්දයත් තදින්ම ශබ්ද නගන බව මට වැටහුනේය.  අත තිබුණු මාරු කාසි ටික කොන්දොස්තරට දී මා ටිකට් පතක් ඉල්ලන විට කොන්දොස්ත අමුතුම ආකාරයට මා දෙස බැලුවේය.....

“ මට හොදට දැකලා පුරුදුයි “
 කියා බුලත් විටට රතුවි ඇති තොල් සඟල පෙරලමින් සිනාසුනේය. එතන නොරැදී පසුපසම අසුනකට ගොස් මා වාඩිගත්තේ

“ පුජ්‍ය පක්ෂය සඳහා පමණයි “
   යන අසුන පෙනි පෙනිය. ආනන්තරිය පාපකර්මයට සමාන පාප කර්මයක් මා කරගත් බව මගේ හිත දොස් කීවේය. එහෙත් හදවත ඇතුලෙහි අසරණව ඇගේ නෙත් මැවෙන අයුරු මට කිසිවෙකුට පෙන්වන්නට බැරි වුයේය.

   අවසන නිවස අසලින් බැසගත් මා ගැහෙන හදින් දොරට තට්ටු කලේය. තවමත් අලුපාටට අලුයම බැවින් ඇය අවදි වී නොමැති යැයි සිතමින් නැවතත් මා දොරට තට්ටු කලේය.

“ මගෙ පුතේ ඇයි උඹ මෙහෙම ගමනක් ආවේයි“
අසමින් ඇය පපුව අල්ලා ගත්තාය.  එක පාරටම ගැස්සුනු මා නැවතත් වත්මනට ආවේය.

   අදට හරියටම ඇය මියගොස් වසරකි. මා පුද්ගලික පන්ති කරමින් ජිවිතය ගෙවා ගන්නෙමි. බොහෝ දරුවන්ගෙන් මා මුදල් නොගනියි. ඒ මේ අහිංසක දරුවන් මායිම් ගම්මානයක ජිවත්වන නිදහසේ හුස්ම ගන්නට සිතුවා විතරක්ම නිසාය.

   මේ මායිම් ගමේම කුරිරු ත්‍රස්තවාදින්ගෙන් ස්වාමියාත් දරු 3න් දෙනෙකුත් අහිමි වී ගිය මගේ  ....අම්මා.... රැකගැනීමට මා ශාසනය අතහැර ආවත් ඇයට එය දරාගත නොහැකි ශෝකයක් වී ඇය පපුවේ නහරයක් පුපුරා යන්නම යන්න ගියේය.

අදත් හෙටත් මියෙන තුරුත් මා සිතුවිලි අතරම සැරිසරන්නෙකුම වේද ? අතහැර ආ ශාසනයට නැවත යන්නටද බැරිය.

      අතරින් පතර අදටත්
..... හීරලුවෙකු.....
        කියා ඉදහිට කියයි. මා ඉදින් දැන් තැවෙමි. දැවෙමි. මගේ නික්මයාමට හේතු ඇයට කියන්නට තිබුණා නම්.... එකම පාරක් හෝ මගේ අම්මාට මා අතින් තේ එකක් හෝ සාදා දෙන්නට තිබුණා නම්....මේ හිතට මේ තරම් වදයක් නොවනු ඇත. එමෙන්ම මා එලෙස පිටමන් වී නොආවා නම් ඇය අදද ජිවත්වන්නට ඉඩ තිබුණා නොවෙද...?

නිමි.

දිනිති දීපිකා.


11 comments:

  1. ලස්සන කතාවක් අක්කේ..............
    ඔය කෙටි කතා ගැන දහයෙ වසරෙ මුලදි ඉගෙන ගත්තා මතකයි සිංහල වලට....
    අර අනික් කතාවේ ඉතුරු ටික එන්නේ කවදද...?

    ReplyDelete
    Replies
    1. මටත් යන්තම් ඉගෙන ගත්තා වගේ මතකයි මල්ලි. ඒකෙන් අහුල ගත්තුවා තමයි මේ... ඒ කතාවෙ ඉතුරු ටික තාම ලිවුවෙ නැහැ..ඉක්මනට ලියලා දාන්නම්කො...

      Delete
  2. කතාව ලස්සනයි !!
    දිනිතිගේ සාහිත්‍ය දැනුම නම් මරු !!!

    ReplyDelete
    Replies
    1. අපෝ මධුරංග මම දන්න සාහිත්‍යය......

      Delete
  3. කෙට් කථා මන් ආසම ජාතිය
    රුසියාවේ අසාර්ථක කෙට් කථා කරුවෙන් කියලා හදුන්වපු ලියන්නෙක් හිට්යා
    ඔහු අසාර්ථකයි කියලා හැදින්වුවේ ඔහුගේ කෙට් කථා කව්රුවත් අරගෙන නෑ
    ඔහුගේ පළ උනු කෙටිකථා කියෙන්නේ දහයකටත් අඩු ගානක්
    හැබැයි ගොඩක් ලේඛකයෝ නමි ඔහු ගේ කෙටි කථා කියවනවලු
    අවාසනාවට මට ඔහු ගේ නම මතක නෑ නෙව
    රුසිසන් නමි මතකතියා ගන්න මාර ගේමක් දෙන්න ඕනි
    මොකක් හරි මට කියන්න ඕනි උනේ ඔහු කියපුදෙයක්
    "ඔබ කෙටි කථා ලියන්නේක් නමි
    පාඨයාට සිතිමට දෙයක් ඉතුරු කරන්න
    ඔබ සාර්ථක පාඨකයෙක් නමි ලේඛකයා හිතිමට ඉතුරු කල දෙයට වඩා එහා දෙයක් සිතන්න"

    ReplyDelete
    Replies
    1. ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඇත්තම කියන්නම් මේ දැනුවත් කිරිමම මට හුගක් වටිනවා...මොකද මට හුරු නැති පැත්තක් කෙටිකතා නවකතා..මම ආස කරන්නෙ වැඩියෙන්ම ලියන්නෙ ගීත. ඒත් ටික ටික ගීත රචානාවෙන් ටිකක් එහාට ගිය මාවත් ඔස්සේ යන්න හිතුණා...ඉතින් ඉදිරියේදී ‍මීට වඩා ප්‍රයෝජවනත්ව ලියන්නට මම උත්සහා ගන්නම්.....

      Delete
  4. තවත් ලස්සන නිර්මාණයක්! (හීන කුමාරි වගේ :) )

    උණුසුම් සුභ පැතුම්! :) :)

    ReplyDelete
  5. හීන කුමාරි එහෙනම් ලස්සන නිර්මාණයක්....අපේ රටේ ගුවන් විදුලි මාධ්‍යයට නම් හීන කුමාරි වැඩක් නැහැ...මල් නැති හින්දද මන්දා... ස්තුතියි මල්ලියේ....

    ReplyDelete
  6. බූඩි හිතන් හිටියේ කෙටි කතා කියන්නේ කෙටි කතා වලට කියලා, ඒ කියන්නේ පිටු පොඩ්ඩක් පොතක් :) :) :)

    ReplyDelete
    Replies
    1. :-( :-( දැන් බූඩ් හිතන්නෙ මේක වැරදියි කියලද.....

      Delete
    2. බූඩි හිතන්නේ වැරදි කියලා තමා මේක තහනම් කරන්න ලිප්ටන් වටරවුමේ හෙය ෆිකට් එකක් කරන්න ඔන්නේ, ඔයාත් එන්න ඕකේ :) :)

      පලි: කදුලු ගෑස් ගසන්න වෙඩි තියන්න එපා

      පලි පස්සෙ ආයෙත් ලියමි: බූඩි ගේ සාහිත්‍යයය ගැන දැනුම කොහොමද? :P

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.