Saturday, February 4, 2012

.....නිදහස් දා මට හිතෙන දේ.....

                                     
                         
                         *** පින්බර මව්බිමේ සුළගත් සුවද දේ ***


            හැමෝම අහන්නෙ ඇයි නිදහස ගැන සිතුවිල්ලක්..නිසදැසක් කවියක් නොලිවුවෙ කියලා...

 හ්ම්....ඒකට දෙන්න ඕනි උත්තරේද....

ලියන්න මට හිතුනෙ නැහැ කියන්න බැහැනෙ ඉතින්...ලියන එක මගෙ හුස්ම පොද වගේ....


ඒත් පුද්ගලිකව මම ලියන්න උනන්දු වුනේ නැහැ..කැමති වුනේ නැහැ... 

ඒ ඇයි දන්නවද..

ඉස්සර මගේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මේ කියන හැම ජනයම එකට ජිවත්වුනේ...

 එකට හුස්ම ගත්තෙ...

මගේ රටට  එළාර..මාඝ..වැනි සතුරු ආක්‍රමණ ආවහම එකම ශ්‍රිලාංකිකයො විදිහට ඒවට මුහුණ දුන්නෙ... 

එපමණක් නොවෙයි නේද...

සොබාදහමින් ලැබුණ සුනාමිය වගේ දුක් කරදර වලදීත් අපි හැමෝම එකට අත්වැල් බැදගත්තා නේද....

එදා වගේම අදත් එකම ජාතික කොඩියක නේද අපි ඉන්නෙ...

පුරා අවුරුදු 30 ක සාපලත් යුද්ධයත් නිමා වෙලා කොයිතරම් ලස්සන රටක් අපිට ආයෙමත් උරුම වෙලාද...

එදා යුද්ධයට දස දහස් ගණනින් රණවි‍රැවො ජිවිත දන් දිලා නේද අපේ මව්බිම රැකගත්තෙ...අතීතෙත් එහෙම නේද...

ඒත් අද අපේ මිනිස්සු ආයෙමත් එක එක දේ පස්සෙ ගිහින් භේද බින්න වෙනවා....

ආගම්..ජාති..වශයෙන් ආයෙමත් බුර බුරා නග්ගන්න හදන ගිනිදැල් නොදකිනවා නොඇසෙනවා නෙමෙයි මටත්...

ඒත් ඒ සෑම දෙයක් දිහාම මම දරණ මතය වෙනස්ම වු දෙයක්....

ඒ නිසයි පුරුදු විදිහට මගේ නිහඩබව...

            මගේ රට ඉන්දියන් සයුරේ මුතු ඇටය වුයේය... පෙරදිග ධාන්‍යාගාරය වූයේය... එදා සියළු ජාතීන් එක්ව මගේ මව්බිම අස්වැද්දුවේය....අහස සිඹින වෙහෙර විහාර තැණුවේය... සමුදුර පරදන වැව්දිය තැණුවේය... ඒ සැබෑ ශ්‍රිලංකිකයා අදද අප ළග සිටින්නේය..වෙනස අද අපි නොමැරෙන්න ආ උන් ලෙස හැසිරීමය....

     අපි හැමෝම මැරෙන්නට ඉපදුනු මිනිස්සු.... නොමැරෙන්න ආ කවුරුත් නැහැ නේද... ජීවත්ව ඉන්නා කාලයේදී කරන හොද නරක එහෙමත් නැත්නම් කුසල අකුසල දෑතේ ගුලිකර ගෙන මැරෙණදාට අරන් යන්නෙ... ඉදින් නොමැරෙන්න ආ ලෙස ජිවත්වන්නට වැර වෑයම් ගන්නේ කිමද...


       වෛරය වපුරා..ද්වේෂය වපුරා ලබාගන්නට දෙයක් නැහැ.... සිරිලක් මෑණියන්ට ඇයගේ කොයි දරුවත් දරුවාය... ඒ සිරුරුවල දුවන්නේ රතුපාට ලේමයි.... ඉදින් සිරිලක් මෑනියන්ව රැක ගැනීම ඇගේම දුවා දරුවන්ට බාරයි නේද......




             දන්නවද මගේ රටෙන් ගවුගානක් ඈත ඈත ඉන්න මට මගේ රටේ වටිනාකම කියන්න බැහැ..

මව්බිම පැත්තෙන් හමාගෙන එන සුළං පොදටත් මම ආදරෙයි මහ හුගක්...

මේ නොරටුන් මැද්දෙ ඉන්නකොට...මේ රටවල ස්වේදිශිකයන්ගෙන් ලැබෙන මදි පුංචිකම් දැනෙනකොට මගෙ රටේ හිගා කන එකත් සැපයි කියලා නොහිතෙනවා නෙමෙයි...

      කොයිතරම් වටින රත්තරන් පොළවක්ද මගේ රට...

මුතු මැණික් මිනිරන් පිරුණු පුන්‍යවන්ත බිමක් නේද මගේ රට..... 

ඒත් අද ඔබ ඒ පින්බිම ගැන කොහොමද හිතන්නෙ...

පක්ෂ පාට ජාති ආගම් වලට මුලාවෙලා කේසර තේජසක උරුමයක් හංගන්න හදනවා නේද.....


අතීතයේ වගේ ....එක මවකගෙ දරු කැල බැවිනා...යමු යමු වී නොපමා.....

 ඒ කොයිම වුනත් වචනයට සිමා වෙච්ච නිදහසක් භුක්ති විදින අපට

....සියොතුන් රෑනක් සේ ඉගිලෙන දිනක් ඔබට ලැබේවායි මගේ පැතුම... 



මේ මගේ රට ගැන මම ලිවුව ගීතයක්
http://www.facebook.com/photo.php?v=301518359896104

http://www.youtube.com/watch?v=Dva-9ynoalk&feature=youtu.be&fb_source=message 






 

6 comments:

  1. අපි අද මේ දවසේ කරන්නෙ මහා බොරුවක් කියල මට නම් වෙලාවකට හිතෙනව අක්කෙ!
    අනේ මන්ද!:-/

    ReplyDelete
    Replies
    1. සමහරවෙලාවට හුගක් අය දවසකට සිමා කරලා ඒ ගැන උනන්දුවෙනවා..මට නම් දැනෙන්නෙ මල්ලි අපි තාමත් නිදහසක් ලබලා නැහැ වගේ...

      Delete
  2. "මව්බිම පැත්තෙන් හමාගෙන එන සුළං පොදටත් මම ආදරෙයි මහ හුගක්..."

    මේ වචන ටික ඇහෙනකොට හිතට පවන් සලනවා වගේ.
    අපේ දේවල් වටින්නේ අපට නේ. අනිත් එක තමා අපට අපේ රට වගේ යෑ අනිත් රටවල් !!!

    ReplyDelete
    Replies
    1. ...මගේ රට මට තරම් වටීවිද කාටවත්...
      හැමකෙනෙක්ටම එහෙම හිතෙනවා ඇති මධුරංග...මම ලංකාවෙන් ඈත්වෙලා අවුරුදු 8ක් වෙනවා...මට දැනෙන දේ ලියන්න තරම් මට ශක්තියක් නැහැ...

      Delete
  3. ඇත්ත සහතික ඇත්ත දිනිති සහෝදරී, නමුත් අවාසනාවකට වෙලා තියෙන්නේ අපේ මිනිස්සු ඉන්නේ නිදාගෙන. එහෙමත් නැතිනම් ඇවිදින මළකඳන් වෙලා. මොකද ලොකු ලොක්කෝ අපේ මිනිස්සුන්ට පෙන්නලා තියෙන හීනවල හැටියට අපේ මිනිස්සුන්ට නැගිටින්න ලෝබත් ඇති. ඇයි දෙයියනේ අපේ රට වේගයෙන් සංවර්දනය කරා යනවනේ. ආසියාවේ ආශ්චර්යය.ලොකුම විහිලුව තම ආර්ථික සංවර්දන වේගය අතින් අපිට ඉස්සරහින් ඉන්නේ ඉන්දියාවයි චීනයයි විතරයි. එත් අපේ උන් අල්පෙනෙත්තේ ඉඳං හැම දෙයක්ම ගෙන්නන්නෙත් ඔය රටවල් දෙකෙන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ අදහස් දැක්වුවාට....

      Delete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....