Thursday, February 9, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 02

          

 අලුයම එක දිගට වදින ඔරලෝසුවේ හඩට විවර නොවු දෙනෙත් පොඩි කරමින් අවදි වන්නට මා උත්සහා ගත්තේය. කම්මැලි සිතුවිලි හද පොරකන විට ආයෙමත් පොරවනයේ හරි බරි ගැසී මම ගුලි වුයෙමි.
        .. කෝ රෝසමල නැකිටින්න... කියමින් මැණිකෙ නැන්දා මා යටිපතුල් කිති කැවුවේය. 

... බලන්න 10 ත් පහුවෙලා., හැමදාම කියනවා නේද මෙච්චර වෙලා නිදා ගන්න එපා කියලා, කෝ අහන එකක්යැ...

අම්මා නැති ගෙදර ඇය අම්මා වී මට සැර වැර කරයි... සේවිකාවක් වුවත් ඇයට සේවිකාවකට හිමි තැනට වඩා තැනක් .... රන්මුතු ... බංගලාවේ ඇයට හිමිය.

... දීග ගිය දවසක තේරෙයි....

          ඇය තවත් කියවයි.  අපොස සාමාන්‍ය පෙල ලියා නිවසේ නතර වූ දා සිට ඇය මේ දෙඩවිල්ල මතුරයි... මන්තරයක් සේ එක දිගට ජප කිරිල්ල මට පුරුද්දකට ගොස්ය. කොට්ටය අරන් කන් දෙක තද කරගෙන මම තවත් උන්ඩි වුයෙමි...

  ... අනේ ඇත්තමයි ගැහැණු ලමිස්සියෙක් හැදෙන හැටි... ලොකු හාමු තමා මේ හැමදේම කරන්නෙ....


   අවදි වෙනකම් ඇය මේ ගාථාව නතර කරන්නේ නැත... ඉදින් මම ඇද උඩ හිට ගත්තේය...

... මේන් මං නැකිට්ටා...දැන් හරිද....


පුරුදු විදිහටම සිනාවක් මුව දරාගෙන ඇය බලා හිදින්නේය. 

....වැටෙයි රෝස මල කෝ එන්න මුහුණ හෝදන්න යන්න.....

  ....මට බැහැ.....

එහෙම්ම ඇද උඩ වාඩි වී කිරි වීදුරුව බිවු මා ඇය වතත් සිපගෙන බාත් රූම් එකට වැදුනෙමි.

......... රෝස මල.....රෝස මල.............

ආයෙමත් මැණිකෙ නැන්දාගේ හඩ ඇසෙන්නේය. 

.... මං ගේම් එකක් ගහනෝ .....

එන්න පහලට බලන්න කවුද ඇවිත් ඉන්නෙ කියලා....

          මේ උදය වරුවේ රන්මුතු බංගලාවට එන්නට කිසිවෙක් නැත. ලොකු අයියා අප්පච්චි සමග ව්‍යාපාර කටයුතු වලට ගොස් ඇත.. දෙවෙනි අයියා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්නවා ඇත... 
    හ්ම්... මද්දු මෙවරත් චූටි ලබන වරත් පිළිවෙලට උසස් පෙළ ලියනවා ඇත...

කවුරුන්ද ආවේ..... මා තවමත් කාමරය මැදට වී කල්පනා කරයි... ලොකු නැන්දා එන්න විදිහක් නැත. ඇය මේ දිනවල විදේශ ගතවී ඇත... 

පුරුද්දට වේගයෙන් පඩිපෙල දුවගෙන පහලට ගියෙමි...


... මගෙ මැණික...වැටෙයි...හෙමින් එන්න රත්තරන්........

 පුදුමයකි... අප්පච්චී සාලයේ සිට පුරුදු පරිදි හඩ තැලුවෙහිය. 

..මගෙ අප්පච්චී... කියමින් මම ඔහු වටා දෑත දමමින් වැළද ගත්තේය... 

  මට මෙතරම්ම සතුටක් දැනෙන්නේ හැමදාමත් මා අවදි වන්නටත් පෙර නිවසින් යන අප්පච්චී යලිත් මධ්‍යම රාත්‍රියත් පසු වී නිවසට එනවිට මා නින්දේ බැවිනි....


... ඔන්න මගෙ මැණික ලැහැස්ති වෙලා එන්නකො....

.... අප්පච්චී..කොහේ යන්නද....


....මං කිවුවනෙ එදා මැණිකට ආයෙ තනියක් පාලුවක් දැනෙන්න දෙන්නෙ නැහැ කියලා.....

       මගෙ අප්පච්චී... එදා මම දුර දුක නොසිතා කියු දේ ඔබට මේ තරම් දැනී ඇද්ද... රන්මුතු බංගලාවේ සියළු යස ඉසුරු ඔහු මට ලබා දෙන්නේය... මවක් ගැන මතකයක්වත් නැති මට මව්පිය සෙනෙහේ සමව දෙන්නට තරම් මුදු මොලොක් වූයේ කෙසේද...,? පියෙකුගේ හදවත විනිවිද දකින්නට නොහැකි වුවත් ඔහුගේ අපිරිමිත දාරක ස්නේහය ඒ ඇස් තුල දිලිසෙමින් තිබෙන බව මට පෙණිනි...


... අනේ අප්පච්චි මං නිකන් කිවුවෙ.....

.... මගෙ මැණික ගැන මම දන්නවා... කෝ එන්න ඇදුම් මාරු කරගෙන...

   හිතාගන්නට නොහැකි සිතුවිලි සමුදායක් කරලින්නාගෙන මා ඉහල මහලයට නැග කාමරයට වැදුනෙමි.

 ..... අප්පච්චී... මේන් මම ආවෝ.... 

 දිගු කල්පනාවක උන් අප්පච්චිගේ දැහැන් බිදිමින් ඔහු ඉදිරිපස ගවුම් සාය කරකවමින් කැරකුනෙමි...

ලස්සන කහපාට මල් තිබෙන මේ ගවුම අප්පච්චි පසුගිය සතියේ මට ගෙනත් දුන් එකක්ය....

.... මගෙ දූ හැඩයි....


  අප්ච්චිගේ දු හැඩ බව අප්පච්චි හරිම ආඩම්බරයෙන් හැමදාමත් දොඩවයි... ඒ විසල් පපුවට තුරුල් කරගනිමින් සෙනෙහස බෙදයි. 

... කෝ මැණිකෙ නැන්දට කියලා එන්න.....

අප්පච්චි එසේ කිවත්,

... මැණිකෙ නැන්දෙ මං යනෝ....
කියමින් කෑගසා මම අප්පච්චි අත එල්ලී වාහනය දෙසට ආවෙමි.


 තටු ලැබුණ කිරිල්ලිය සේ මම අප්පච්චී සමග වාහනයේ වටපිට බලමින් ගියෙමි... අද අප්පච්චී කිසිම කතාවක් නැත. මේ මුණිවත මට නුහුරුය. 


... කියන්නකො අප්පච්චි අපි කොහෙද යන්නෙ...?
 මම අප්පච්චි දෙස හැරි ඇසුවෙමි...

.... මගෙ මැණික අද ඉදන් අපිත් එක්ක වැඩ කරමු....


... අපෝ අප්පච්චි එච්චර ලොකු වැඩ මට කරන්න බැහැ...


... මැණිකට අපි ඉන්නවනෙ...


...මට බැහැ අප්පච්චි. මම ගෙදර තනියම ඉන්නවා කිවුවට සමාවෙන්න.. මට නම් බැහැ අප්පච්චි...


.... මේ හැමදේම මැණිකටත් අයිතියි.. ලොකු කෙනෙක් විදිහට දකින්න අකමැති නිසයි මැණිකව ගෙදර තිබුබෙ....


මගෙ අප්පච්චි..ඔබ වරදක් කර නැත. මෙතරම් සංවේචිව දොඩන්නට තරම්. මා හිතට ආපු දේ කියෙවුවාට මේ රෝස මල අප්පච්චිගේ අයියලාගේ එකම සම්පත බව දන්නේය. 


ආයතනය ඉදිරිපිටින් වාහනය නවත්තන තුරුත් නිසොල්මනේ ආ මා වාහනයේ දොර අරින්නට මැලි වෙද්දී, එකපාරටම ලොකු ඇවිදින් දොර විවර කර...


... ‍රෝස මල.... කියමින් මා දෑත ගන්නට හැදුවෙමි. කදුලු පුරවාගත් නෙතින් මම ලොකු දෙස බැලුවෙමි.


... කෝ කෝ රෝස මලට කදුලු පුරුදු කරන්න බැහැ...එන්න යන්න...


කියමින් ලොකු අයියා අතින් අල්ලාගෙන ... සඳකිරණි... ඇගලුම් ආයතනය ඇතුලු වුයෙමි...


එක දිගට ඇසෙන මැෂින් ශබ්ද පසු කරමින් කාර්යාල කාමරයට යාමට ඇත.


එහෙත් අතරමැද ඈතින් පිරිමි රුවක ඡායාවක් මට පෙනුණි.
දෑස් උස්සා බලන්නට බැරි කමට මගේ වමත අල්ලාගෙන යන ලොකු අයියාගේ පසු පස මම ඇවිද ගියෙමි.


සත්මහලක සුව දුන්නා
දිවිගමනේ හැමදා..
සතර වරම් දෙවි පිහිටයි
අප්පච්චී රුකදේවා..


සිත් මඩලට සුව කැන්දා
අප්පච්චී ළග වුන්නා...
සඳ මඩලක සුව දැනුනා
අප්පච්චි ළග ඇතිදා...


විසල් පොළවෙ මහ ගස්වැල්
අප්පච්චී පණ දුන්නා..
එවන් ගසක් දෙස බලමින්
නිහඩව වතම රන්දා.....





11 comments:

  1. නියමයි අක්කෙ...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු කිවුවා මල්ලි.... :-p

      Delete
  2. හැමදාමත් ඇහෙන්වැටෙන
    කඳුළ මගේලඟ රන්දා
    ඈත දුරක ඉඳන්මගේ
    අප්පච්චියේ නුඹවැන්ඳා...

    ReplyDelete
    Replies
    1. කවදාවත් නොවැටි කදුළු
      තව තියෙනවා ඇස් අස්සේ...
      නොදුටු පියේ නුඹ නාමෙට...
      වදිමි මෙමා සිරස නමා...

      Delete
  3. කියෙවුවා.. මේ පැත්තට එන්න ටිකක් පරක්කු උනා අක්කේ.. ඒක නෙමෙයි කතාවේ කොටස් අර විදිහට නම් කරන්නේ ඇයි...

    පළමු දිගහැරුම.
    (දෙවන කොටස ) ( part - 01 -ii )

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ඇවිත යනවනෙ මල්ලි... එහෙම නම් කරන්න හිතුවෙ... පළමු එක යටතේ උප කොටස් විදිහට හිතලා මල්ලි... මොකද ඊගාවට දෙවෙනි දිගහැරුමක් 3 වෙනි දිගහැරුමක් එන නිසා...

      Delete
  4. කියාපු ගමන් පබ්ලිස් කොරලා නේ . ලස්සනයි ඈ....
    ඉතුරු ටිකත් ලියමු...... ජය...

    ReplyDelete
    Replies
    1. ආයෙ තව දෙයක් අහගන්න ඕනයැ... ලිවුවා දඩිබිඩි ගාලා.....:-p

      Delete
  5. රෝස මල වැඩ කරන්ඩ කැමති වෙයි ද ? ලස්සන කතාවක් !!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මධුරංග.....

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...