Thursday, February 2, 2012

*** ඇය වෛශ්‍යාවක්ලු ***

වත්සුණු පාට සායම්
උලාගෙන මුව කමල
සරසවන් දෙව්ලියන්
පරදවන් රැයේ තනියට
මග තොටින් එබෙන්නේ....

ඒ වුනත් පුසුඹ ගැන
සිතුවෙ නැහැ කිසිම
අත්තික්කා මල් වගේ
කරදාසි මලෙ රුව
විතරමයි ගැවසුනේ...

වංගුවෙන් හැරෙනවිට
නියොන් එළියට දිලෙන
නාදල්ලෙ පාට ගෑවුන
තොල් සගල සොලවමින්
මිලක් දෙන්නට වෙහෙසුනේ.........

නා කියා ගෙට ආපු දාකට
සුදන වෙන සළෙල වුන්
පිස දමා දැලි කුණු ඉතින්
කරයි අත දිගු ඇයට නෙක
නිගා කරමින් හැමදිනේ....

බුදුන් සිටි කල අම්බපාලිය
නොවුනමුත් වෙන්න බැහැ
මග්දලාවේ මරියා කොයිම
පටාචාරාවක්ද නුඹත් අද
කිසාගෝතමියක්ද සිතුනේ.....


18 comments:

  1. ළය නොපෙනෙන ලඳුනේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්..... ස්තුතියි විමුක්ති...

      Delete
  2. රූපයෙන් ඔද වැටී
    කාසියට වහ වැටී
    නොසිතා වෙන වගක්
    නොමග යති මේ ළදුන්

    ReplyDelete
    Replies
    1. ඒ වුනත් බට්ටියේ කෝම නම් දිගු කරන්නද ඇගිලි... කෑගසා හඩනවා ඇති පපුව...
      ස්තුතියි බට්ටියේ...

      Delete
  3. කුහුඹුවකුට වරදක් නැති
    වැරදි කාර ළදුනේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඇත්ත මල්ලි... ස්තුතියි ඔයාට...

      Delete
  4. කවිය තේරේ! නමුත් මුකුත් සිතාගත නොහැක :( :(

    ReplyDelete
    Replies
    1. හිහි මොකුත් නොසිතාම ඉන්න මල්ලියේ... ස්තුතියි ඔයාට...

      Delete
  5. ලැම පමණක් ලොවට පෙනෙන
    ලය නොපෙනෙන ළඳුනේ!

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඔවුනෙ නුවන් මල්ලි....

      Delete
  6. කුහුබුවෙකුට ......... වරදක් නැති වැරදිකාර ළදුනේ!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නිපුන.... ස්තුතියි ඔබට ඇවිත් ගියාට ආලවන්ත හුදකලාවට...

      Delete
  7. පිරිමින්ගේ පාප කදට..දෝෂ විදින ලදුනේ .............

    ReplyDelete
  8. කවිය තේරේ......
    එනමුදු
    කිසිත් කියන්න නොතේරේ....

    ReplyDelete
    Replies
    1. ම්... මල්ලි ඉතින් බීටනෙ.... :-p

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.