පෙරදිගින් නැඟෙන දිනිදුන්
අවරගිරෙන් සිඳු වැළදගෙන
හුරු පුරුදු ලෙස කණිසම්
වැදි වැදී හඩ තල තලා තව
දිනක් ගෙවිලා ගියා අම්මේ...
සමනල් සිහින හිත් අඩවියේ
තටු ගසා පියඹන්න හැදුවත්
සිරකාර පොඩි දෝණි තවමත්
කිරි සුවඳ ඉව කර කර ඔබෙ
ඔහෙ ඉන්නවා මගෙ අම්මේ...
සුළග ඇවිදින් සිඹින කොට
අත් බැඳන් සීතලට බැහැ
ඉන්න තුරුලේ ඔබ ළගින්
හිස හොවා ලැමෙ උන්නු
ලෙස පෙරදින වගේ අම්මේ...
සඳ මඩල වසාගෙන මුව
සිනා ඉහිරෙන මහ රැයට
තව තවා දෑත් දෙපා සීරුවෙන්
කියනවා තුන් පිරිත ජීවිතේ
කියාදුන් ලෙසම මගේ අම්මේ.....
බලාපොරොත්තුවේ මල් කිනිති
කිති කවා හදවත තුලම
මිලින වෙන්නට බැහැ කිය කියා
දඟකරනවා මගෙත් එක්කම
කියාගන්නට බැරි තරම් අම්මේ...
සිව්පද තාල තියමින් සීරුවෙන්
දිවි ගඟේ ගල් පර මතින්
නෙත් පියන් යා නොහැකි බව
මතුර මතුරා කියාදුන් අයුර
දැනුත් ඇහෙනවා මගේ අම්මේ....
අදුරු තිමිර පට ඉරාගෙන
පායනා පුන්සඳ වගේ අහසක
නගන්නට හසරැල් සිතාගෙන
පීදුනු ගොයම වාගේ ඔබ ළගක
වපුරනවා සරු අස්වැන්න අම්මේ....
සමනල් සිරස පුන්‍යවන්තව හදින්
නමදිනා බැතිමතෙක් විලසට
සිරිපතුල් ළග ඔබෙ වැඳ වැටී
දිරි අරන් දියතම දිනනවාමයි
කියාදුන් සෙත් පිරිතෙන්ම අම්මේ....
අම්මා ගැන කොහොම ලිවුවත් ලස්සනයි..
ReplyDeleteම්..ස්තුතියි ඔබට...
Deleteලස්සනයි අක්කේ..
ReplyDeleteස්තුතියි මල්ලියා..
Deleteකොහොම කියන්නද ඒගැන..
ReplyDeleteඒකනෙ...
Deleteඔබ මතු බුදුවන දවසේ මාරාහුල කුමරුන් සේ
ReplyDeleteසෙවණ පතා අදමෙන් පැමිණෙන්නෙමි
සුළඟිල්ලේ එල්ලී........
හිතට දැනෙන නිර්මාණයක් අක්කෙ!
මවු ගුණ !!! මවු ගුණ නම් කියලා ඉවර වෙන්නේ නෑ !!
ReplyDeleteකවමදාවත් බවර කරගන්න බැහැ මවුගුණ ලියලා..
Delete