"ගඟ දෙගොඩින් කොක්කු ගියා
පුතු මාගේ නිදියනවා"
කියා ඉතින් ඒ නැලෙවුව
සාවි දුකෙන් සඳ මඩලෙම....
සීත කදුළ කොඳ මලකට
හැඩ දැම්මා වැටෙන බරට
සඳ සිසිලස විඳි සාවුන්
අතැර ගියා සඳ උණුසුම....
සැදූ මගක මල් වියනක්
දමා නිදන පුතු අතගෙන....
හඩා දුකට පපුව බදා
පොළව සිඹියි පුතු ඉල්ලා...
ගසක මලක් වෙන් කෙරුවම
කිරි කදුලක් ගසෙන් වැටේ....
කිරි කල හත දොවා දුන්නු
ලැම ලසොවින් ගිනි ඇවිලේ...
මෙරක් සිහින හද රදවා
නමින් පුතා විජිත තනා....
කිරුළ ගෙනත් පළදන්නට
දෙනෙත් නොවෙද මඟ බැලුවේ...
මහලු දෙඅත් උඩ අහසට
දිගු කරමින් කියයි සොවම...
ගිනිබත් කල ඇගෙ සිහිනය
මවු ලැමැදක් පැලු බසයෙ......
දුක හිතෙන සිදුවීමක් !
ReplyDeleteවෙනස් විදිහෙ දෙයක් ලියන්න ගියෙ මධුරංග...ලියවුනේ වෙන දෙයක්.. දුක හිතෙන්නෙ සංවේදී මිනිස්සුන්ට නොවැ.... :-p
Delete