පෙළ පෙළ පද සොඳම
කලතුරින් ම'සිත වෙහෙස
පිය ගඳ සිහිල් නල
රත් පියුම් මල් සිඹින.....
තුඩ තුඩ දන පවස
කියැටි අභිමත වු රසය
සිරි හස් දල පළඳනය
වැනි මිතු කැල ඔබය....
සුනිල් පැහැ වූ අඹර
සිසි උවන හදගැබ හොබන
සුවදැති සඳුන් දසතක විසිර
ජයමඟුල් හඬ සකි කැලය.....
නියමයි අක්කේ... මමත් මිතුරෙක් නිසා ස්තූතියි කියනවා.. !!
ReplyDeleteඕන්න මාත් ස්තුතියි කිවුවා මල්ලි...ඇවිත් ගියාට..
Deleteමිතුරු කමටත් වඩා මටනම් අක්කා මගේ සහෝදරියක් වගේ..
ReplyDeleteඅවුරුදු 3ක් 4ක් තිස්සෙ නොදැක්කත් මේ සයිබර් අහසෙ අපි ලෙංගුම සහෝදරයො වුනා මල්ලි...ඇත්තටම..
Delete"මිතුරන් අතරත්
ReplyDeleteඇති නෙක ජාති මිතුරන්
යහ කලට පමණක්
සිටින මිතුරන් වේය හතුරන්
හොඳ යහළුවකු නම්
දුක සැප දෙකෙහි හැමකල්
ලඟින් ඉඳ දිරිදෙත්
ඒය වේ හොඳ මිතුරෙකුගෙ ගුණදම්"
මට නම් අක්කට වගේ ලස්ස්නට ලියන්නට බෑ ඔන්න පුලුවන් විදිහට ලිවුවා. කවි ටික ලස්සනයි අක්කේ.....
අක්කත් ලියන්න දන්න කෙනෙක් නෙමෙයි මල්ලියේ... ඒත් එහෙන් මෙහෙන් අකුරක් දෙකක් ගැට ගහගන්නවා.. ස්තුතියි ඔයාගෙ පද ටිකට...
Deleteගොඩක් ස්තූතියි අක්කො! :)
ReplyDeleteගොඩාක් ස්තුතියි අලි මල්ලියේ....
Deleteමේක අපිටද දන්නෑ ලිව්වේ!:PP
ReplyDeleteදිනේෂ් අයියගේ අදහසට එකගයි!
හිහි..ඔයාලා හැමෝම මට මගේම අය මල්ලි...
Deleteකවි ටික ලස්සනයි !
ReplyDeleteයාළුවෝ කිව්වම දුකේදි සැපේදි ඉන්න පිරිසක් නේ !
ප.ලි. - අපට පෝස්ට් ලිස්ට් විජට්ටුව දාලා දෙන්න. එතකොට පරණ ලිපි වලට ඉක්මනින්ම ගියෑකි !!!
හ්ම් ඔයා හරි මධුරංග... මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම හිදිති...
Deleteඅනේ මධුරංග මම දන්නෙ නැහැනෙ ඒවා කරන්න.. යන්තම් බ්ලොග් එක ලියන්න පුරුදු වුනෙත් දුකා අයියා කියලා දුන්න නිසා... කාගෙන් හරි අහගෙන දාන්නම්කො විජට්ටුව. :-D