චණ්ඩ රල හා ඔට්ටු කරමින්
නොපෙනෙනා තොටමුණට පදවන්න
ප්‍රදීපාගාරයක දිලෙන එළියක්
සොය සොයා තනිව වෙහෙසව
නවුකාව ගෙන නුඹ නියමුවානෙණි......
ඝන මේඝවලා කරයි තරවටු
ඉන්ද්‍රචාපය වසා ගෙන යයි
සමුදුර ලමැද ගිනිගෙන දැවෙයි
උදම් රල වෙස්වලා රඟදෙයි
දිරි අරන් පැදයන්න නියමුවානෙණි....
දිනක් එයි විලිබරව ලජ්ජාවෙන්ම
හැකිළිලා යන්නට රල පෙරලට
සිනාසී හදවතින් තොටමුණ දකින
කිත් කිරුළ ජය පැනින් නැහැවෙන
හෙටක් එනතුරු පැදයන්න නියමුවනෙණි...........
..... දිනිති .....
අරමුණක් නැති මගක
ReplyDeleteහෙටක් පැහැදිළි නැති විටෙක
ජීවිත නෞකාව සැඩ පහරක් ලග
පැද යන නියමුවායි මම හුදෙකලා උන..
හුදකලා සිත ළගක
Deleteමගබලා නුඹ හොදට
පැදයන්න මල්ලියේ
ජිවිත නැව දිගට...
ස්තුතියි ඔයාට මල්ලි...
මං වගේ...........
ReplyDeleteහිහි වැඩේමයි.....
Deleteමාත් හෙටන් එනකන් බලන් ඉන්නවා.
ReplyDeleteඒක නෙමේ දිනිති මාර ඉක්මනට පෝස්ට් දානව නෙව. :)
අනේ මධුරංග කම්මැලි කමට තනිකමට වෙන මොනා කරන්නද... පන්හිද විතරයි මගෙ හිතවතා....මිතුරා....මේකට දාන්නෙ ලියන ඒවයෙන් දශමයයි....
Deleteඇවිත් ගියාට ස්තුතියි...
අපිත් පදිනමුත් ජීවන නෞකාව
ReplyDeleteකොහොම වෙරගම්ද කුණාටු හමුවූ විට
නොසිතු ලෙසකට මුහුදු බත්වුනත්
පැදිය යුතුවෙයී එදවස වෙනකල් .....
( ඔන්න ස්තූතියි නම් එපා හොදද. යාළුවෝ යාළුවෝ මොකට ස්තූතියි කර ගන්නවද)
දිරි අරන් වෙර ගන්නම වෙනවා බට්ටියේ... ඕන් ස්තුතියි කියන්නෙ නැහැ බට්ටියෙ ආයෙ... :-D
Delete