රෝස දම් රතු පැහැ පලස් අතුරා
බිම දිගේ....
නීල නෙත් හොරා ගෙන මල් වියන්
බැදි ගසේ....
හීන නම් තව දුර වුනත් වසත්
කල මගේ.....
ආයෙ ඇවිදින් යන්න එනවද ඔබ
සකුරා මලේ......
දිගටි සිනහව ඇස් පොඩි කරන් සැලුවෙ
පෙර දිනේ....
සිගිති සිහිනෙක සිත තියෙන පොඩි ලමෝ
අපි වුනේ....
හැපෙන සියොළගම වෙලි වෙලී තියෙන
සුවඳක් වුනේ....
මතක මංපෙතෙ එකම පාරක් ඇවිත් යනවද
සකුරා මලේ....
සකේ බොනවා මම පාලු අතරට ඔබ
මතකය පුරා....
මගේ හිත ගත් මල ඔබම මගෙ
පණ සමකරා.....
සිතේ තරහක් නැහැ කිසිම දින සෙනේ
හදවත පුරා.....
එකම පාරක් කියා යනවද මගෙම නුඹ
අනේ සයොනාරා......
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
ලස්සන සිතුවිල්ලක් අක්කේ...
ReplyDeleteස්තුතියි මල්ලියේ...
Deleteනොරිකෝ සහ දෙවෙන්දර සං මතක උනා!:)
ReplyDeleteම්... ආයෙමත් එනවනම් මළවුන්ගෙ අවුරුදු අරන්....
Deleteස්තුතියි නුවන් මල්ලියේ....