Friday, February 3, 2012

*** අඹ ගසක කතාවක් ***

මොනවද මුත්තේ බිම හාරන්නේ.....
ඇඹ ඇටයක් නොවැ හිටවන්නේ....

අල්ලපු වත්තට මායිම වෙන්නේ....
මෙහා වත්තටත් ලෙංගතු වන්නේ.....

පුංචි දවස්වල සෙල්ලම් ගේනේ....
දිමියන් එක්කලා නෑගම් යන්නේ....

අඹකොල තොප්පිය හිස දැවටෙන්නේ.....
ගැට කඩමින් ලුණු පොගවන්නේ...

කැකුලු පැටවු නෑ සීමා දන්නේ....
දෙපසක දරුවන් සෙනේ විදින්නේ...

දවසින් දවසට යෞවන වෙන්නේ....
වැඩිහිටි සිත්වල ලොබ ඇතිවන්නේ.....

නඩු හබ කියමින් ගස පෙරලන්නේ
කදුලක් වැටුනත් ගස සමුගන්නේ....

පත්තිනි දෙවියන් උපන් කියන්නේ
බැල්මෙන් නැහැ හෙලා බලන්නේ......

සමගිය සාමය වැපිරුව අස්වැන්නේ
කෙලෙසෙද ඒ ලෙසෙ හැංගෙන්නේ....

කුහක වෛරයට ගස බිලිදුන්නේ
කවුරුදු ආයෙත් ගස් සිටවන්නේ....

20 comments:

  1. හොද ආදර්ශයක් තියෙන කවියක් අක්කේ.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. හැමදාම ඇවිත් මල්ලි දෙන දිරිය අපමණයි...

      Delete
  2. Replies
    1. සහතිකම ඇත්තක් නම් :-D :-D මල්ලි...

      Delete
  3. දෙතුන්දාහට මිනිස්සුන්ව මරණකොට ගහක්ගැන කවරකතාද...

    ReplyDelete
    Replies
    1. මදැයි විමුක්තිට හිතුන දේ ...නරකත් නැහැ ඒකත්... :-D

      Delete
  4. ඉස්සර සොභා දහම ගැන තිබුන හැඟීම අද මිනිස්සු ගොඩදෙනෙක්ගෙන් ඈත්වෙලා...ලස්සන අරුත් තියෙන කවි...ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. අපි සොබාදමට එරෙහි වෙනකොට දවසක සොබාදම අපිට පෙරලා එරෙහි වෙනවා... එදාට අපි අසරණයි සිහින මතකයන්...

      Delete
  5. කතාවේ ආදර්ශය නියමයි !!!

    ReplyDelete
    Replies
    1. මධුරංගත් ඇවිත් ගිහින්..... ස්තුතියි ඔබට...

      Delete
  6. අද වෙනස් මාතෘකාවක්!

    වෘක්ෂ දේවතාවොත් පිට මගම යති
    මුත්‍ර කරන්නට පමණක් මුලට එති.....
    කියල තමයි කියන්න වෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. අපොයි නුවන් මල්ලි.... :-(

      Delete
  7. සහතික ඇත්ත
    ලස්සන කවිය

    ReplyDelete
  8. ම්...ස්තුතියි කිවුවා මල්ලි....

    ReplyDelete
  9. මොනවත මුත්තේ ඔතන කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ.......

    පුන්චි කාලේ අහපු අපූරු සින්දුවක් මතක් උනා මේක කියවද්දි......
    ලස්සන නිර්මාණයක්....:)

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....