කටු ඇනුණා
වගෙම හිත
නොරිදෙනවා නෙමෙයි මට.....
වැර දෙන්න
ළග ඉදන්
බැරි එකයි තියෙන දුක...
පසුපසින් සෙවනැල්ල
මමයි
නුඹෙ හැමදාම පෙරසේම....
වැට බැදන් සිත
පතුලෙ
සඟවපන් මා හුරුසේම...
දිරි අරන් පණ
දියන්
හෙට ලොවේ සුදු සිහිනෙ....
මල් පිපෙන දවසකට
මතු
සත්තමයි මම යනවා දුර ඈත....
me kaviye kiya ganna beri amuthu lassanak thiyenava akkio..
ReplyDeleteකියා ගන්න බැරි හුගක් දේ කවියට ලිවුවා වර්ෂා නංගියෝ...
Deleteනුඹ හින්දා
ReplyDeleteරිදුම්දේ
මගේ මේ තුන් හිතම
වැර දෙන්න
සිප ගන්න
එනේ යලි නොම එන්න
අනේ නුඹ ජය ගන්න
Deleteසැම සිහින ඉටු වෙන්න
එහෙම දවසක් එන්න
මට හැකියි දුර යන්න....
ලස්සන අදහසක් අක්කේ..
ReplyDeleteස්තුතියි මල්ලියේ...
Deleteමම මේ කවියෙන්ම ආස ටික තමයි
ReplyDelete"මල් පිපෙන දවසකට
මතු
සත්තමයි මම යනවා දුර ඈත.... "
ලස්සන කවි සිතුවිල්ලක්.
මට හිතාගන්න බැරි මල් පිපෙද්දි ඇයි යන්නේ කියලා.
මල් පිපෙද්දි යන්නෙ මධුරංග රිසි සේ මල් සුවඳ විඳගන්න ඉඩ දෙන්න.... මල් පිපෙනකම් වැර දුන්නෙ හුදෙක්ම පරාර්ථකාමී සිතුවිල්ලකින් විතරමයි....
Delete