ගිනි ගන්න ඉර මද්දහනෙ
දැවි දැවී යන අපුරුව හිත
රිදි රිදී දුක පිරෙන අන්දම
සැගෙවුවා ඇස මලක් අද්දර.....
සළු පිලි ඇදන් නිල්ල නිලෙ හැඩ
වෙලා උන්නත් නිල් ගොයම් ටික
ඇවිළිලා පරඩැල් වෙච්ච විට
ඉරිතැළුණු කම්මුල් පිරිමදියි නිති...........
හිනැහිලා හසමල් ගෙනා ඇලවේලි
පරවෙලා පෙති සිඹින විට මිහිකත
සනසලා හිස අත ගගා ළග හිද
පණපොවා දෙයි සිත් විල මැදම....
පැසව පැසවා සැරව එන වණයක්
වගෙම දුක පලිදරන් හිටියත් වෙලී
අලුත පීදෙන කුඹුරු යායක් වගෙ
නම නොලිවු පදවැලක් අප්පච්චී........
තාත්ත කියන වචනය මම ආසම වචනය හා දුක්බරම වචනය!
ReplyDeleteනිර්මාණය ලස්සනයි අක්කෙ!
මමත් ජිවිතේ අකමැතිම වචනය මල්ලි...ඒත් ඒ වචනයට අසාධාරණයක් කරන්න බැරි නිසා පද ගලපනවා....
Deleteහිතින් ගමටගියා ආයිමත් සැරයක්,.....ඉස්සරම කාලෙට
ReplyDeleteඑහෙමනම් සතුටක් විමුක්ති....ඒ කියන්නෙ මගෙ කවිය පොඩ්ඩක් හරි දැනුනා කියලනෙ...
Deleteලස්සනයි අක්කේ....
ReplyDeleteපියගුණ ගැන ලියවෙච්ච ලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDelete