Tuesday, February 14, 2012
පළමු පෙම්වතා නමට
ලඳු දෙවටි දිග දං පඳුරුවලට
කෑ ගසන බටිත්තෝ තාම එනවද....
ඒ ළගින් ගී ගයපු නුඹ හදට
මගේ හඩ තවමත් ඇසෙනවද....
සිලි සිලි නදින් හමාගෙන යන
නල තවම ඔබ විදිනවද....
සුළග යට ආදරෙන් ගුලිවෙච්ච
ඒ මතක තව මැවෙනවද....
ගම්මානෙ සුවඳ අතහැර මම
කොලොම්තොට දන්නවද...
එනවා කිවු ඔබ එයි කිය කියා
මග බලනවා දන්නවද.....
... දිනිති...
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
නුඹ එයිදැයි තාම සිතාගෙන
ReplyDeleteකොළොම් තොටේ මා තනියම
නුඹ තාම ගම්මානෙමද
ආවේ නැත්තේ මා අමතකවද?
එන්නම් කිවුවා මට යන්න කියා...තවමත් නා කාරණේ ඇයිදැයි නොදන්නෙමි..... :-(
Deleteකොච්චර බලං හිටියත්................
ReplyDeleteඔච්චර තමයි නේද මල්ලි.....
Deleteලස්සන කවි පෙළක්.
ReplyDeleteආපු පලවෙන් දවසෙම කියෙවුවෙ පලමු පෙම්වතා ගැන.
ස්තුතියි..පළමු පෙම්වතා කොච්චර ෂෝක්ද....
Deleteකලින් කියන්න එපැයි ඔයා බලන් ඉන්නවා කියලා.
ReplyDeleteකිවුවා මධුරංග...හරි ගියෙ නැහැ තාම...
Delete