කොල හැලුණු ඇහැල ගහ යට
මම බලන් ඉන්නවා
අද නැතත් මල් පිපී කහපාට
හිනැහෙතැයි හෙට සිතනවා....
මතක හසරැලි අරන් සිත මතට
තවම නල හමනවා
නුඹ නැතත් ඇහැල ගහ යට
මම තවම ඉන්නවා...
කෙහෙරැල්ලෙ නුඹ සගවාපු ඇහැල
මල් පෙත්ත අඬනවා
ඇහැල ගස ළගින් නුඹෙ සුවඳ
මට හොඳට දැනෙනවා.....
සිල් අරන් වගේ ඇහැල ගහ
නිහඩවම ඔහෙ ඉන්නවා
ඇහැල ගස යට ඉදන් මම
නුඹට කවි ලියනවා.........
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
අපි ආදරෙන් හමු උන
ReplyDeleteපෙම් ගිත නුඹ මිමිණුව
ඒ ඇහැල ගහ ලග මම
නුඹ එනතුරු බලා ඉන්නවා.
අද හෙටක නුඹ එතැයි
Deleteනෙතු තවම මග ඇතී..
බැරි වුනොත් නොඑන්නට
මට හුගක් දුක ඇතී...
ස්තුතියි මල්ලියේ...
ඔබේ කවි කම්
ReplyDeleteඇස ගැටුනත් මූණු පොතේ
අදයී මේ පැත්තේ
එන්න මාවත විවර වූයේ...
කවිකම් කරන අයනම්
විදිති ජීවිතේ මනරම්
නොකියනු මුසාවක්
විදවනා බව ඔබ නම්
හිතට එන සිතුවිලි මුහුණු පොත
Deleteවපුරලා දුවනවා
නෙතට එන කදුළැල්ල අත්
දෙකෙන් පිසිනවා...
විඳින විඳවන ජීවිතේ තවම මගෙ
ගෙවෙයි හුදකලාවේ....
ස්තුතියි බට්ටියේ.... කවිය ජිවිතේ නොවෙයි බට්ටියේ... මේ පදවැල් අස්සෙන් මා නොපෙනෙයි...සිතුවිලිම විතරයි හුදෙක්...
අගෙයි අක්කේ ඔබ ලියනා කවි පේලී
ReplyDeleteදෙනවා කමෙන්ටුව කවියෙන් නොව මෑලී
එනමුත් අක්කේ දිගටම කවියේහිම නෑලී
ලියන්නකෝ පොඩ්ඩක් නිසඳැස් කෑලී
මට නම් බෑ කවියෙන් හරඹය දෙන්න
ඒ නිසාම මෙතනින් නවතිමි ඔන්න
තරහ නැතුව අක්කේ මේ අහන්න
මගේ බ්ලොගේ පැත්තෙත් ඇවිදින් යන්න
සඳැස් නිසඳැස් කවී
Deleteහිතෙන විදිහට ලියා
මකා ගන්නට වෙර
ගන්නවා මම නිති...
ඇවිත් ගියෙ ඒ දෙසේ..
මලක කවි දුටුවෙමි
ආයෙ දවසක එමි...
එතෙක් මම මෙහි ඉමි...
ස්තුතියි මල්ලියේ.....
ලස්සනයි! :) :)
ReplyDeleteඅැත්තම කියනවනං මමත් ඔහොම තමයි :(
ගනන් ගන්න එපා මල්ලි..බොහොමයක් ඔහොම තමා ... :-)
Deleteලියන කවි අපි බලනවා!:)
ReplyDeleteලස්සනයි අක්කෙ!
ස්තුතියි නුවන් මල්ලියේ...
Deleteලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDeleteස්තුතියි මධුරංග.
Deleteකියවන විට මේ ලස්සන කවිපේලි
ReplyDeleteමැවුනා ඇයව හද පත්ලෙන් පේවී
සිතුනද ඇයව මම අමතක කර දමමී
අදටත් මගේ හිත ඇය ගාවයි සිරවී
නැග එන සිතුම් ළග ඇය
Deleteඉන්නවා හැඩකාර
හද ගැබ තුලින් දළුලයි තව
පෙම මනහාර...
ස්තුතියි සිහින මතකයන්...
සිල් අරන් වගේ ඇහැල ගහ
ReplyDeleteනිහඩවම ඔහෙ ඉන්නවා
ඇහැල ගස යට ඉදන් මම
නුඹට කවි ලියනවා.........
ලස්සනයි ගොඩක් අක්කියො..