Thursday, February 9, 2012

*** මා මිතුරන්ට ***

පෙළ පෙළ පද සොඳම
කලතුරින් ම'සිත වෙහෙස
පිය ගඳ සිහිල් නල
රත් පියුම් මල් සිඹින.....


තුඩ තුඩ දන පවස
කියැටි අභිමත වු රසය
සිරි හස් දල පළඳනය
වැනි මිතු කැල ඔබය....


සුනිල් පැහැ වූ අඹර
සිසි උවන හදගැබ හොබන
සුවදැති සඳුන් දසතක විසිර
ජයමඟුල් හඬ සකි කැලය.....

12 comments:

  1. නියමයි අක්කේ... මමත් මිතුරෙක් නිසා ස්තූතියි කියනවා.. !!

    ReplyDelete
    Replies
    1. ඕන්න මාත් ස්තුතියි කිවුවා මල්ලි...ඇවිත් ගියාට..

      Delete
  2. මිතුරු කමටත් වඩා මටනම් අක්කා මගේ සහෝදරියක් වගේ..

    ReplyDelete
    Replies
    1. අවුරුදු 3ක් 4ක් තිස්සෙ නොදැක්කත් මේ සයිබර් අහසෙ අපි ලෙංගුම සහෝදරයො වුනා මල්ලි...ඇත්තටම..

      Delete
  3. "මිතුරන් අතරත්
    ඇති නෙක ජාති මිතුරන්
    යහ කලට පමණක්
    සිටින මිතුරන් වේය හතුරන්

    හොඳ යහළුවකු නම්
    දුක සැප දෙකෙහි හැමකල්
    ලඟින් ඉඳ දිරිදෙත්
    ඒය වේ හොඳ මිතුරෙකුගෙ ගුණදම්"

    මට නම් අක්කට වගේ ලස්ස්නට ලියන්නට බෑ ඔන්න පුලුවන් විදිහට ලිවුවා. කවි ටික ලස්සනයි අක්කේ.....

    ReplyDelete
    Replies
    1. අක්කත් ලියන්න දන්න කෙනෙක් නෙමෙයි මල්ලියේ... ඒත් එහෙන් මෙහෙන් අකුරක් දෙකක් ගැට ගහගන්නවා.. ස්තුතියි ඔයාගෙ පද ටිකට...

      Delete
  4. ගොඩක් ස්තූතියි අක්කො! :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අලි මල්ලියේ....

      Delete
  5. මේක අපිටද දන්නෑ ලිව්වේ!:PP
    දිනේෂ් අයියගේ අදහසට එකගයි!

    ReplyDelete
    Replies
    1. හිහි..ඔයාලා හැමෝම මට මගේම අය මල්ලි...

      Delete
  6. කවි ටික ලස්සනයි !
    යාළුවෝ කිව්වම දුකේදි සැපේදි ඉන්න පිරිසක් නේ !

    ප.ලි. - අපට පෝස්ට් ලිස්ට් විජට්ටුව දාලා දෙන්න. එතකොට පරණ ලිපි වලට ඉක්මනින්ම ගියෑකි !!!

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔයා හරි මධුරංග... මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම හිදිති...

      අනේ මධුරංග මම දන්නෙ නැහැනෙ ඒවා කරන්න.. යන්තම් බ්ලොග් එක ලියන්න පුරුදු වුනෙත් දුකා අයියා කියලා දුන්න නිසා... කාගෙන් හරි අහගෙන දාන්නම්කො විජට්ටුව. :-D

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...