Tuesday, February 14, 2012

පළමු පෙම්වතා නමට



ලඳු දෙවටි දිග දං පඳුරුවලට
කෑ ගසන බටිත්තෝ තාම එනවද....
ඒ ළගින් ගී ගයපු නුඹ හදට
මගේ හඩ තවමත් ඇසෙනවද....

සිලි සිලි නදින් හමාගෙන යන
නල තවම ඔබ විදිනවද....
සුළග යට ආදරෙන් ගුලිවෙච්ච
ඒ මතක තව මැවෙනවද....

ගම්මානෙ සුවඳ අතහැර මම
කොලොම්තොට දන්නවද...
එනවා කිවු ඔබ එයි කිය කියා
මග බලනවා දන්නවද.....

... දිනිති...

8 comments:

  1. නුඹ එයිදැයි තාම සිතාගෙන
    කොළොම් තොටේ මා තනියම
    නුඹ තාම ගම්මානෙමද
    ආවේ නැත්තේ මා අමතකවද?

    ReplyDelete
    Replies
    1. එන්නම් කිවුවා මට යන්න කියා...තවමත් නා කාරණේ ඇයිදැයි නොදන්නෙමි..... :-(

      Delete
  2. කොච්චර බලං හිටියත්................

    ReplyDelete
    Replies
    1. ඔච්චර තමයි නේද මල්ලි.....

      Delete
  3. ලස්සන කවි පෙළක්.

    ආපු පලවෙන් දවසෙම කියෙවුවෙ පලමු පෙම්වතා ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..පළමු පෙම්වතා කොච්චර ෂෝක්ද....

      Delete
  4. කලින් කියන්න එපැයි ඔයා බලන් ඉන්නවා කියලා.

    ReplyDelete
    Replies
    1. කිවුවා මධුරංග...හරි ගියෙ නැහැ තාම...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...