Wednesday, February 1, 2012

*** මම තවම කවි ලියනවා ***

කොල හැලුණු ඇහැල ගහ යට
මම බලන් ඉන්නවා
අද නැතත් මල් පිපී කහපාට
හිනැහෙතැයි හෙට සිතනවා....

මතක හසරැලි අරන් සිත මතට
තවම නල හමනවා
නුඹ නැතත් ඇහැල ගහ යට
මම තවම ඉන්නවා...

කෙහෙරැල්ලෙ නුඹ සගවාපු ඇහැල
මල් පෙත්ත අඬනවා
ඇහැල ගස ළගින් නුඹෙ සුවඳ
මට හොඳට දැනෙනවා.....

සිල් අරන් වගේ ඇහැල ගහ
නිහඩවම ඔහෙ ඉන්නවා
ඇහැල ගස යට ඉදන් මම
නුඹට කවි ලියනවා.........

15 comments:

  1. අපි ආදරෙන් හමු උන
    පෙම් ගිත නුඹ මිමිණුව
    ඒ ඇහැල ගහ ලග මම
    නුඹ එනතුරු බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අද හෙටක නුඹ එතැයි
      නෙතු තවම මග ඇතී..
      බැරි වුනොත් නොඑන්නට
      මට හුගක් දුක ඇතී...

      ස්තුතියි මල්ලියේ...

      Delete
  2. ඔබේ කවි කම්
    ඇස ගැටුනත් මූණු පොතේ
    අදයී මේ පැත්තේ
    එන්න මාවත විවර වූයේ...

    කවිකම් කරන අයනම්
    විදිති ජීවිතේ මනරම්
    නොකියනු මුසාවක්
    විදවනා බව ඔබ නම්

    ReplyDelete
    Replies
    1. හිතට එන සිතුවිලි මුහුණු පොත
      වපුරලා දුවනවා
      නෙතට එන කදුළැල්ල අත්
      දෙකෙන් පිසිනවා...
      විඳින විඳවන ජීවිතේ තවම මගෙ
      ගෙවෙයි හුදකලාවේ....

      ස්තුතියි බට්ටියේ.... කවිය ජිවිතේ නොවෙයි බට්ටියේ... මේ පදවැල් අස්සෙන් මා නොපෙනෙයි...සිතුවිලිම විතරයි හුදෙක්...

      Delete
  3. අගෙයි අක්කේ ඔබ ලියනා කවි පේලී
    දෙනවා කමෙන්ටුව කවියෙන් නොව මෑලී
    එනමුත් අක්කේ දිගටම කවියේහිම නෑලී
    ලියන්නකෝ පොඩ්ඩක් නිසඳැස් කෑලී

    මට නම් බෑ කවියෙන් හරඹය දෙන්න
    ඒ නිසාම මෙතනින් නවතිමි ඔන්න
    තරහ නැතුව අක්කේ මේ අහන්න
    මගේ බ්ලොගේ පැත්තෙත් ඇවිදින් යන්න

    ReplyDelete
    Replies
    1. සඳැස් නිසඳැස් කවී
      හිතෙන විදිහට ලියා
      මකා ගන්නට වෙර
      ගන්නවා මම නිති...

      ඇවිත් ගියෙ ඒ දෙසේ..
      මලක කවි දුටුවෙමි
      ආයෙ දවසක එමි...
      එතෙක් මම මෙහි ඉමි...

      ස්තුතියි මල්ලියේ.....

      Delete
  4. ලස්සනයි! :) :)
    අැත්තම කියනවනං මමත් ඔහොම තමයි :(

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මල්ලි..බොහොමයක් ඔහොම තමා ... :-)

      Delete
  5. ලියන කවි අපි බලනවා!:)
    ලස්සනයි අක්කෙ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නුවන් මල්ලියේ...

      Delete
  6. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  7. කියවන විට මේ ලස්සන කවිපේලි
    මැවුනා ඇයව හද පත්ලෙන් පේවී
    සිතුනද ඇයව මම අමතක කර දමමී
    අදටත් මගේ හිත ඇය ගාවයි සිරවී

    ReplyDelete
    Replies
    1. නැග එන සිතුම් ළග ඇය
      ඉන්නවා හැඩකාර
      හද ගැබ තුලින් දළුලයි තව
      පෙම මනහාර...

      ස්තුතියි සිහින මතකයන්...

      Delete
  8. සිල් අරන් වගේ ඇහැල ගහ
    නිහඩවම ඔහෙ ඉන්නවා
    ඇහැල ගස යට ඉදන් මම
    නුඹට කවි ලියනවා.........

    ලස්සනයි ගොඩක් අක්කියො..

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...