එක දිගට දින කිහිපයක්ම සිහිනයියා ප්‍රැක්ට්‍රිය අසලට නාවේය. මට මැණිකෙ නැන්දාගෙන් අසන්නටද බැරිය. එදින මා පැක්ට්‍රියට ගියවිට දෙව්මි පැමිණියේ මට පසුය. මා ඇය ආ විට ඇය හා කතා කලේය.
—දෙව්මි...මට සිහින අයියා බලන්න ඕන....
—තේරුම් ගන්න රන්මුතු....ඔයාට සිහිනව ගැලපෙන්නෑ.....
—ගැලපෙනවා....මං සිහිනයියට ආදරෙයි....එයත් මට ආදරෙයි....ඉතිං තව මොනවද ගැලපෙන්න ඕන....
—ආදරේ විතරක් තිබිලා මදි රන්මුතු....එයා ඔයාගෙ පවුලට ගැලපෙන්නෑ...ඔයාගෙ අප්පච්චී අයියලා කැමති වෙන්නෑ....
—මං කැමති කර ගන්නවා....
—ඒක හිතන තරං ලේසිත් නෑ....කියන තරං ප්‍රායෝගිකත් නෑ....
—මට කියන්න ඔයා එනවද සිහිනයියලගෙ ගෙදර යන්න.....
—මට බෑ....
—මං තනියම යනවා....හිතුවක්කාර වූ මා දැකි දෙව්මිගේ දෑස් ව්ශාල විය.
—ගෙදරින් එක්ක යන්න ආවම මොනාද කියන්නෙ....
—මන්දන්නෑ දෙව්මි....ඔයා මොකක් හරි කියන්න.
—පවුකාර වැඩවලට හවුල්වෙලා මටත් පරිසන් දෙනවා.....
—ආදරය කරන එක පවුකාර කමක්ද දෙව්මි......ඊට ඇය කිසිවක් නොකියා නිහඩ විය.
නුවර පැක්ටියෙ වැඩ සදහා කාර්ය බහුලව සිටින අප්පච්චීට දැන් මා ගැන කල්පනාවක් නැත. එය විවෘත කිරිමට තව මාසයක්වත් නැති තරම්ය. ඒ වෙනුවෙන් මාද යමක් කළ යුතුයැයි සිතුවද , එහෙත් කිසිදෙයක් මහිත නොරැදිනි. මගේ හිත දිවුවේ සිහිනයියා පසුපසය. ඔහුට කුමක් සිදුවීද...? අපි හවසට ගෙදර ගියොත් සිහිනයියා ගෙදර හිදීද...? නොයෙකුත් දේ මහිත උඩ පෙරළි කළේය.
වෙනදා සේ අදද ලොකු අයියා හා මට යෑමට සිදුව තිබුණි. ඉතිං මා දෙව්මිගේ පිහිට පැතීමට ඇය දෙස බැලීය. කිසිම කතාවක් නැතිව ඇය මා අතින් අල්ලා ලොකූ ළග නැවතුනි.
—ලොකු අයියෙ....අද රන්මුතුව අපේ ගෙදර එක්ක යන්නද...?
—ඇයි දෙව්මි නංගි...?
—අපේ ගෙදර අද පොඩි පාටියක් අපේ අම්මගෙ අයියෙ....ඉතිං අපෙ අම්මි කිවුවා පුලුවන් නම් රන්මුතුවත් එක්ක එන්න කියලා....
—එහෙනම් නගින්න මං ගිහින් දාන්නම්....
ලොකු අයියා එසේ කී විට නැවතත් මා අසරණ විය.
—එහෙනම් රන්මුතු.... ලොකු අයියා එක්ක එන්න...මං අපේ කාර් එකේ යන්නම්...කියා දෙව්මි ගියේය.
—මගේ හිතට තවත් අසරණ කමක් දැඩිව දැනුනද දෙව්මි පිහිටවන බව සිතා නිහඩ විය.
—රෝසමල මොකද කල්පනා කරන්නෙ....ලොකු අයියා ඇසීය.
—මොකුත් නෑ...
—ඔයාට මහන්සි නම් ගෙදර යන්....
—එහෙම එකක් නෑ...
ලොකු අයියා මා දෙව්මිලාගේ නිවසට ඇරලා නැවත පැය දෙකකින් පමණ ආපසු එනබව පවසා පිටත්විය.
දෙව්මි සුපුරුදු දගකාරකමින් සිනහා වී මාවද ඇදගෙන ඇගේ කාමරයට ගියේය.
පාටියට නේද ආවෙ අම්මිගෙ... දැන් ඉතිං බිපං වතුර...යැයි කියමින් දෙව්මි ඇගේ බෑගය පසෙකින් තැබීය. මගේ දෑසට කදුළු ආවේ ඉබේමය.
ඉතිං ඕකට අඩන්න ඕනෙද .....?මං කිවුවෙ ඇත්තනෙ....දෙව්මි සුපුරුදු විහිළුව පටන් ගත්තේය. ඒ සමගම ඇගේ මව කාමරයට ආවේය.
—ආනේ...රන්මුතු දුවත් ඇවිත් ඉන්නෙ....කියමින් මා අසලට ආවේය.
—ඔව් අම්මේ...අපේ යාළුවෙක් hospital එකේ. ඉතිං දෙන්නත් එක්කම බලන්න යන්න කියලා....
දෙව්මි කී දෙයට මට සිනහා ආවේය . ඇය මේ තරම් මට ලෙංගතු බව නොවැටහුණි. මා සිතුවේ අද මට සිහිනයියා දැකීමට නොහැකිවේදෝයි කියාය. මගේ මිතුරිය සැබෑවටම මට මිතුරියක් වී නොවේදැයි මට සිතිණි.
—Oasis එකේ අම්මා... අපි දෙන්නා පයින් ගිහින් එන්නම්...
—අනේ එපා දුවේ...ඇරත් රන්මුතු දුවත් ඉන්නවනෙ...
—පවුනෙ අම්මා...ඩ්‍රයිවර් අන්කල් දැන් බත් කනවා ඇති...
—ඇයි ඔය දෙන්නා කන්නැද්ද ඉතිං....
—අපිට බඩගිනි නෑ...අම්මා...එහෙනම් taxi එකක යන්නද...
—හා දුවේ...
කියමින් ඇගේ මව නික්මිය. අප තරම් වත් පොහොසත් කම් නොවුනිද දෙව්මිගේ පවුලටද යමක් කමක තිබුණේය.එමෙන්ම ඇගේ මව ඇයට යෙහෙළියක් මෙන් යැයි මට සිතුණි.
උදේ සිටන් ඇදගෙන සිටි ඇඳුම ඇදගෙන යන්නට බැරි නිසා දෙව්මිගේ ඇදුමක් ඇය මට දුන්නේය . Taxi එකක් මගින් ගන්නවා යැයි ඇගේ මවට කී අපි දෙන්නා පාරට බැස්සෙමු. මට මෙවන් ගමන් නුහුරුය. මන්ද යත් මා පාරෙ ඇවිද ගමන් ගොස් නැත. එහෙයින් දෙව්මි මගේ අතින් අල්ලා අසල ත්‍රීවීලයකට ගොඩවිය.
හෙමින් හෙමින් අප රැගත් ත්‍රීරෝද රිය නාරාහේන්පිට පේලිවත්ත දෙසට ගමන් කලේය . පාර දෙපැත්තේ ඇති නිවෙස්වල ගැහැණුන් හිස එළියට දමා බැලු අතර පුංචි ළමයි ත්‍රීවීල් එක පසුපස දිව ආවේය.
මග සළකුණු නිවැරදිව ආ ත්‍රීරෝද රිය සිහිනයියාගේ නිවස ඉදිරිපිට නතර විය . මා දෙව්මිගේ අතකින් අල්ලාගෙන ඉන් බැස ගත්තෙමි. හෙමින් හෙමින් ඉදිරියට පය එසවූ මා බාගෙට ඇර තිබූ දොරට තට්ටු කලේය. නිරාවරණය වූ උඩුකයින් යුතුව පොතක්ද අතැතිව සිහිනයියා ඉදිරියට ආවේය.
ඔහුගේ අතරැදි පොත ගිලිහුණි . බියපත් වූ නෙතකින් වාගේ සිහිනයියා අප දෙස බැලීය.
—ඇයි නංගි මෙහෙම ගමනක් ආවෙ.....
—මට ඔයාව දකින්නැතුව ඉන්න බෑ....
—ඒත් නංගි ගෙදර අය දැන ගත්තොත්....
—මං දන්නෑ අයියා......ඔයා දවස් ගානකින් පැක්ට්‍රිය ළගට ආවෙත් නෑ...මට ඔයාව ඕන අයියා...
—මෙහෙම ආපු එක වැරදියි නංගි...
—ඔය පණ්ඩිත කතා මට තේරෙන්නෑ....
—මම ආවෙ නැත්තෙ මට මේ දවස්වල කැම්පස් එකේ විභාගෙ...ඒකට පාඩම් කරනවා....
—ඔයාවත් මෙයාට තේරුම් කරලා දෙන්න නංගි...සිහිනයියා දෙව්මි දෙස බලා කියයි...
—කොහෙද මොලයක් නෑ....
—කාටද....?සිහිනයියා ඇසීය...
—මෙයාට....
—ඔව් මට මොලයක් නෑ තමයි.....ඒත්...මං ඔයාට ආදරය කරනවා අයියා....පිස්සුවෙන් වගේ....
—අපි අහසට පොළව වගේ රෝසමල....
—කමක් නෑ....අහසෙ හඳ පායපුවම මහ පොළවටත් එළියයි....මාත් එහෙමයි...
— හැබෑ ජීවිතේ එහෙම නෙමේ නංගි...
—මහප්‍රාණ ගැන මං දන්නෑ අයියා...
—මෙයා මොනාද නංගි දන්නෙ...?සිහිනයියා දෙව්මි දෙසට හැරී අසයි...
—ඕන එහෙකට අඩන්නයි....නෑ....ගාන්නයි විතරයි. එසේ කියමින් දෙව්මි ත්‍රීවීල් එක දෙසට ගියේය. මම හයියෙන් හුස්මක් ගෙන සිහිනයියා දෙස බැලුවෙමි.
—රෝසමල....මේ බලන්න මගෙ ගේ දිහා....
මුළු ගෙටම තියෙන්නෙ මේ ඇද විතරයි...මායි අම්මයි නිදා ගන්නෙ කන්නෙ බොන්නෙ ඔක්කොම මෙතන. අපෙ අම්මා ඔයාලගෙ ගෙදර වැඩ කලේ නැත්නම්....අපිට ජීවත් වෙන්න විදිහක් නෑ...මගෙ තාත්තා ගැන මං දන්නෑ..අම්මා කියන්නෙ වෙන ගෑනියෙක් අරන් ඈත පලාතකට ගිහින් කියලා...මගෙ අම්මා වයසට ගියෙ මං වෙනුවෙන් දුක් විදලමයි...ඉතිං නංගි මම කොහොමද ඔයාට දුකක් දෙන්නෙ....මට පව් පිරෙයි...සිහිනයියා එක දිගට කියවයි. ඒ කතා මැදින් ආයෙමත් පැක්ට්‍රියේ වැඩ කල චලන ගැන මතක් විය. සිහින අයියා කියන්නෙ එයයි අම්මයි විතරයි කියලා. එතකොට මේ නහය කට මුහුණ තියෙන චලන? මා හිතින් ප්‍රශ්න කරයි. සිහිනයියා හමුවෙන හැම මොහොතකම එය අසන්නට බැරිව මා ගොලුවී යයි.
ඒ විතරක් නෙමෙයි ...මම හොදට දුක් විදපු විදින කොල්ලෙක්...ඒත් ඔයා..එහෙම නෙමේ. ඔයා සැප විදපු විදින කෙනෙක්...ඒ තරං සැප මට ඔයාට දෙන්න බෑ නංගි. අපි මේ මුඩුක්කු වල ඉපදුන මුඩුක්කු කොල්ලො විතරයි...එහෙම කොල්ලෙකුට කොච්චර ඉගෙන ගෙන තැනකට ආවත් ඔයා වගේ කෙනෙක්ව ගැලපෙන්නෑ රෝසමල...එසේ කියා ඔහු මා දෙස බැලීය.
—අපිට ආදරය කරන්න බැරිද අයියා...?
—බෑ නංගි එහෙම වුනොත් අන්තිමට දුක විතරයි...
—එහෙම කියලා මේ ආදරේ මරලා දාන්නද අයියා...
—කොහොම හරි හිත හදාගමු නංගි...
—මට ආපහු හැරෙන්න බෑ අයියා...
—පුළුවන් නංගි....
—ඒ කියන්නෙ ඔයා මට ආදරේ නැතිද...?
—මේ බලන්න මගෙ ඇස් දෙක දිහා.....මගෙ ඇස්දෙක ඇතුලෙ ඉන්නෙ ඔයා. මගෙ හුස්ම ටික ඔයා. මගෙයි කියන හැමදේම ඔයා. ගෙවුන අතීතෙ....වර්තමානෙ...අනාගතේ...මේ හැමදේම ඔයයි මගෙ නංගි.
—ඇයි එහෙනම් මට යන්න කියන්නෙ...
—මං මගෙ තරම දන්නවා නංගි...ඒකයි...
—ඒවා මට වැඩක් නෑ...
—ඔයාගෙ අප්පච්චි බනියි අපෙ අම්මට...
—ඒ මොකටද....?
—ඔයාව රවට්ටගත්තා කියලා....
—අප්පච්චි එහෙම කරන්නෑ....මගෙ සතුට දෙයි...
—එහෙම නොවුනොත්...
—එච්චර දුර හිතන්නෙපා අයියා....
—ඔයා හිතුවක්කාරයි නංගි...
—ඔව්...මං හිතුවක්කාරයි. එදා මගෙ ඇස් දෙකට ඔයා මුණ නොගැහුනා නම් මං මෙහෙම කෙනෙක් නෙමේ. මේ පපුව පැලෙන්න මං ආදරය කළා. කරනවා. මගේ හැම හීනෙම ඔයයි...එහෙම මට ආපහු හැරෙන්න කියන්න එපා අයියා....
කියමින් මා සිහිනයියාගේ ඒ නිරුවත් පපුවට තුරුල් වුනෙමි. ඉතිං මේ විසල් පපු තුරුලේ මියැදුනත් සැපය.
ඒ ආදරය මට මහා සැනසුමක් විය. අමා සුවයක් තරමට සිහිලැල් විය. වෙනදා වාගේ සැහැල්ලුවෙන් ඉන්නට මට හැකිවිය. රන්මුතු බංගලාවෙ පාළු නිහඩ බව මගේ හීන ලොවට තවත් රුකුලක් විය. ඉදහිට කතාතරන මැණිකෙ නැන්දා හැරුනු කොට අප්පච්චි, ලොකු, චූටි අයියලා ව්‍යාපාරවලට කැපවී ඇත. දෙවෙනි අයියා විශ්ව විද්‍යාලයේ විභාගයට සූදානම් විය. මගේ හැම හුස්ම පොදකම සිහිනයියාගේ ආදරේ තැවරී තිබුණි.
ඒ අතර අලුත් පැක්ට්‍රියේ වැඩ අවසන් වී සියළුම දෙනා වෙහෙසව සිටියහ. එමෙන්ම සුපුරුදු ලෙස අප සියල්ලන්ම කැටිව සෑම වසරකම නුවරඑළිය යාමට සූදානම් වන දින පැමිණ තිබුණි. මද්දු අයියා නොමැති බැවින් මෙවර අප්පච්චි,ලොකු, දෙවෙනි, චූටි අයියලා හා මා පමණක් විය. ඊට දින කිහිපයකට පෙර සාලයේ ක්‍රීම් පාට ලොකු සැටියට බරවී හිටි මා අසල අප්පච්චි නතර විය.
—මෙදාපාර නුවරඑළි ගමන විශේෂයෙන් පුතා වෙනුවෙන්...දැන් ඉතිං කියන්න බලන්න ඔයාට මොනාද ඕන...දවස් කීයක් එහෙ ඉන්න ඕනිද...?
—අපි වෙනදා වගේම සතියක් ඉමු අප්පච්චි...
—හ්ම්...ඒක හොදයි....
—අප්පච්චි අපි මැණිකෙ නැන්දවත් එක්කන් යමු...
—එන්නැතිවෙයි පුතේ...
—අනේ අප්පච්චි ඔයා හා කියන්නකො මම අහන්නම් මැණිකෙ නැන්දගෙන්...
—බලමු පුතේ....
එසේ කියාගෙන අප්පච්චි රූපවාහිනිය දෙසට නෙත් යොමු කලේය. මා හෙමින් හෙමින් කුස්සිය දෙසට පිය එසවීය. මැණිකෙ නැන්දා කොහොමත් මේ ගමන නොඑන බව මා දනිමි. හේතුව සිහිනයියාය. අප්පච්චිට නොකීවට මගේ හිත පොර බැද්දේ සිහින අයියාද මේ ගමනට හවුල් කර ගන්නටය. අපේ පවුලේ අය සමග සිහිනයියාට හිතවත් විය හැක. ඔහු උගත් හොද පිරිමි ළමයෙක් වන නිසා අප්පච්චි කැමති වන බව මට සිතේ. එහෙත් පසුගිය වසරේ නුවර එළි ගමනේදි සිහිනයියා විහිළු කල හැටි මතක් වී මට සිනහ ආවේය. ලොකු අයියාට නම් සිහින තියා ඒ කිසි දෙයක් මතක නැති බව මට හොදාකාරවම විශ්වාසය. ඒ මතක නම් බොහෝ හැන්දෑවරුවල පැක්ට්‍රිය අසල ගැවසෙන සිහිනයියාව මෙලහකටත් හදුනාගෙනය.
—මැණිකෙ නැන්දෙ...ඔයා එනවද අපිත් එක්ක නුවරඑළි යන්න...
—අනේ බෑ රෝසමල...
—ඒ ඇයි....?
—ඒක කොහොමවත් කරන්න බෑ...
—ඉතිං ඇයි කියන්නකෝ....
—මං ගියාම මගෙ කොල්ලා තනියමනෙ ගෙදර...ඔය හිටියට කොහේටවත් යන්නෙ එන්නෙ නෑ...
මැණිකෙ නැන්දා සිහිනයියා ගැන කියවයි. මටද ඇවැසි ඔහුව රැගෙන යන්නට බව කෙසේ කියන්නද...?
—ඉතිං අපි එයාවත් එක්ක යමු...
—අම්මේ....දෙයි හාමුදුරුවනේ...ලොකු හාමුගෙන් විසුමක් නැති වෙයි....
—එහෙම වෙන්නෑ මැණිකෙ නැන්දෙ... මං අප්පච්චිගෙන් අහන්නම්....
—වෙනදා වගේ ගිහින් එන්න රෝසමල...
—එහෙ ගියාම මට පාළුයි. ඒකයි ඇහුවෙ මැණිකෙ නැන්දගෙන්...
—සතියනෙ රෝසමල...ඔයාට අප්පච්චි, අයියලා ඉන්නවානෙ...
—මහ නරකයි...ඔයා නම්...
—එහෙම හිතන්නෙපා රෝසමල...
—මං කියනවා අප්පච්චිට...මැණිකෙ නැන්දා එනවා කියලා...
—තේරුමක් වෙන්නෑ...
—මැණිකෙ නැන්දා තේරුමක් නෑ කීවද මගේ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට මා සිතට තර කර ගත්තේය.
ඉතිං ඒ සදහා මා බොහෝ උත්සහා ගෙන අවසන එය සාර්ථක විය. අප්පච්චි මැණිකෙ නැන්දාවත් සිහිනයියාවත් මේ ගමන රැගෙන යාමට කැමති විය.
සිහින් ස්වරයෙන්
පිරිමදියි තත්
හදවතේ අහුමුළු පුරා...
නැවුම් පැතුමින්
සුපිපෙනා ඔබ
කුසුම් යායක සුන්දරත්වේ....
හෙමින් ඇවිදින්
නැවතිලා ඔබ
ආදරේ මුදු සිහිනය වුනේ....
නිමක් නොමැතිව
දිවා රෑ දෙක
වෙහෙස කරවන වෙලාවේ...
සඳවතක් ඔබ
සිහිල් සෙනෙහින්
ජීවිතේ පිටු අලුත් වුයේ....
සියපතයි ඔබ
පිරුණු හිමිදිරියෙ
අලුත් හුස්මක් ගෙනාවේ...
පිරිමදියි තත්
හදවතේ අහුමුළු පුරා...
නැවුම් පැතුමින්
සුපිපෙනා ඔබ
කුසුම් යායක සුන්දරත්වේ....
හෙමින් ඇවිදින්
නැවතිලා ඔබ
ආදරේ මුදු සිහිනය වුනේ....
නිමක් නොමැතිව
දිවා රෑ දෙක
වෙහෙස කරවන වෙලාවේ...
සඳවතක් ඔබ
සිහිල් සෙනෙහින්
ජීවිතේ පිටු අලුත් වුයේ....
සියපතයි ඔබ
පිරුණු හිමිදිරියෙ
අලුත් හුස්මක් ගෙනාවේ...
සිසිල් පැන් නදි ගලා යයි සිත විඩාවක් නැති .............ජිවිතේ
ReplyDeleteඔබේන් තොරමට ලෝකයක් නැත කියන්නට මේ .....ජිවිතේ
අතින් අල්ලා මුදුව මා වෙත පැලදුවා අපි ...................ජිවිතේ
සිතින් වාගෙම වෙන්ව ඉන්නට ඇයිද ඉපදුනේ ..........ජිවිතේ
හිරු
//අහසෙ හඳ පායපුවම මහ පොළවටත් එළියයි.//
ReplyDeleteහ්ම්..
අද එහෙත් පර්ටියක් එහෙනම්. මරු.
ReplyDeleteමරු කතාව අක්කේ... මැවිලා පේනවා
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අදත් ආවා... මරු
ReplyDelete//..
ReplyDeleteසඳවතක් ඔබ
සිහිල් සෙනෙහින්
ජීවිතේ පිටු අලුත් වුයේ....//
කතාව නම් ලස්සනට ගලාගෙන යනවා දිනිති....
අවසානයක් හිතා ගන්න අමාරු කතාවක්.. බලමු...
ReplyDeleteසෑහෙන්න දිගට ලියන්න පුළුවන් කතාවක්. ආදර නෝක්කඩුකම් මැවිල පේනවා..
ReplyDeleteහැගුමක් වේලි ......
ReplyDeleteසුසුමක් සැලී
හදවත
තනි වී
සිත් අහසේ ........
වෙලුනු
හදකට
පෙම්
කල
රතු
මල්
කීම මෙසේ
අද
තනිවෙලා ...............