Tuesday, May 15, 2012

_____කළුතර බෝ සමිදු ළගඳි_____



සමනල සිරස වැඳගෙන
අන්තිමට දෑත ගෙන
සාධු නාදය දෙන්නෙ
මෙතනට තමයි කළු ගඟ.....

අර ඉස්සි ඉස්සි බලන
නිල් සමුදුර
රැකවල් දාගෙන
පිරිත් හඩ අහන්නෙ
උදේ පාන්දරට මෙතනදි තමයි....

පාන්දර පහ වෙන්නත් කලින්
උදෑසන පන්සිල් ගන්න
මළුවෙ හැම තැනම
අමදින්න
වැඩ බෙදා ගන්න
කුරුල්ලො එන්නෙ
මෙතනට තමයි....

අලුයම 5.50 දුම්රිය
මුලින්ම
නමස්කාරය කියන්නෙ
සද්දෙට පඩුරු දමලා
මේ පටන් ගැන්මෙදි තමයි....

හඳිස්සියෙ වුනත්
තම පෙම්වතිය
මඟ ඇරෙයිදෝ
කියන බය
පපුවෙ තියාගෙන
කොන්දොස්තර මහත්තුරු
අධිවේගී දිවීම
පටන් ගන්නෙ
මෙතනදි තමයි....

ඒ විතරක් නම් කමක් නැහැ
අර උතුරු පැත්තෙන්
අයියලා දෙන්නෙක්
අත්වැල් අල්ලගෙන
යකඩවලින්ම......
හැමදාම ඇතුල්වෙන අය දිහා
ඇස් උලුප්පාගෙන ඉන්නෙ
හිතුවක්කාර නපුරු අය ආවොත්
දඩුවම් දෙන්නම තමයි.....

ඒ කොහොම වුනත්
විසේකාර සුළගත්
ශාන්තව සිල් ගන්නෙ
නිරාමිස සැනසුමට හුස්ම
ඉහල පහල දාන්නෙ
හිස බිමට පහත් කරන්
කීකරුව මෙතනදි තමයි....


මේ හැම දෙනාම
මේ තරම් සන්සුන්ව
බැතිබරව වෙන්නෙ
කළුතර බෝ සමිඳු ළගදි තමයි.......

4 comments:

  1. //විසේකාර සුළගත්
    ශාන්තව සිල් ගන්නෙ
    නිරාමිස සැනසුමට හුස්ම
    ඉහල පහල දාන්නෙ
    හිස බිමට පහත් කරන්
    කීකරුව මෙතනදි තමයි....//

    එල!

    ReplyDelete
  2. කළු ගං ඉවුර අසබඩ
    නැගි අස් කුස
    දුර පෙනෙන සමනල කන්ද
    වගේමයි මහ සමුදුරට.
    මහා බෝධී...

    ReplyDelete
  3. උදෑසනට කලුතර බෝධියට පෙනෙන වටපිටාව ඇත්තටම හරිම නැවුම් සුන්දර අත්දැකීමක්...!

    ReplyDelete
  4. කළුතර බෝධියට මුලින්ම ගියේ ඉස්කෝලේන් ගිය ටිරිප් එකකින්
    එදා හිතට දැනුනු සැනසිල්ල අදටත් හිතේ තියේන්නනේ එදා එතන තව ටිකක් වෙලා ඉදලා එන්න තිබුන නමි කියලා

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...