Thursday, May 10, 2012

...කුලී රියදුරුගෙන් තම බිරිඳට...

හන්තානෙත් පීරා එන
සිහිල් සුළග හිග වුනාම
සංසාරේ බොහෝ දුකයි
වන්දනාවෙ අපි ගියාට.....

අඬන එකී කැහැටු පපුවෙ
තියා ගනින් සීදේවී
නොරටු පුදන කිරි පිටියෙන්
මුවා කරන් සීදේවී......

ගිනි අව්වක් නොදැනුනාට
පිච්චෙන්නේ හිත
ආවට මේ දුර තනියම
වද දෙන්නේ හද....

කාසි අහුරු සිදාදියෙන්
ගමට පටව එවන්නේ
හිගා නොකා කෙලී තියන්
සීදේවියෙ සැනසෙන්නේ...

නොකා කාපු හිස් බඩටම
වතුර නලෙන් පිරෙන්නේ
අඩක් වැසෙන නෙත් අසලට
උඹයි කෙලියි එබෙන්නේ.....

මුදලාලිගෙ හයර් වලට
නැහැ යහමින් ගෙවන්නේ
ලබන මාසෙ ගම එන්නට
වැඩිපුර නිදි මරන්නේ......

පිනයි පවයි මෙයයි කියා
හිතාගනින් සීදේවී
පුරපස නම් මුවා වුනත්
අවපසවත් බලාවී.....

ටීක් බෝල වගේ ඉතින්
නොකර විසල් ඔය ඇස්දෙක
පාර බලා නොඉද දැන්ම
නිදා ගනින් සීදේවී.....

මතක ඇතුව අලුයමින්ම
ලියා එවන් ගම විස්තර
අඩිය පෙනෙන නුඹේ හිතට
පිරුණු සෙනෙහේ ඇත තවරා.......

12 comments:

  1. යථාර්තයට හුගාක් ලගයි කියලා හිතුනා. ඒකයි මේ. ජය...!

    ReplyDelete
  2. ගමෙන් සිදාදියට ගිය අයට වගේම රට රස්සාවට ගිය අයටත් මේක පොදුයි කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඔව් නේද මල්ලි...

      Delete
  3. //නොකා කාපු හිස් බඩටම
    වතුර නලෙන් පිරෙන්නේ
    අඩක් වැසෙන නෙත් අසලට
    උඹයි කෙලියි එබෙන්නේ.....//

    යථාර්තය අපේ කල්පිත වලින් බොහෝ ම ඈතින් තිබෙන්නක්..
    ඒත් මේ කවිය යථාර්තයට බොහොම ආසන්නයි කියලයි හැඟෙන්නේ.. හැමදාමත් වගේ බොහොම සාර්ථකයි අක්කේ.
    ජය!

    ReplyDelete
    Replies
    1. හුගාක්ම ස්තුතියි මල්ලියේ....

      Delete
  4. මට දැනෙන්නෙ විදේශගත වූ කෙනෙකුගේ සිතේ පහලවන සිතුවිල්ලක් වගේ කියල. ලස්සන කවියක්

    ReplyDelete
  5. Replies
    1. ස්තුතියි සිහින...

      Delete
  6. ගොඩක් අපූරුයි අක්කියෝ.. ලස්සන අදහසක්.
    කපුගේගෙ මගෙ බිසවුනේ අසාපන් ගීතය මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. ම්....ඔව් නේද නංගියේ....ස්තුතියි ඔයාට...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...