Sunday, February 5, 2012

*** සොදුර මේ නුඹ නමට ***

කටු ඇනුණා
වගෙම හිත
නොරිදෙනවා නෙමෙයි මට.....

වැර දෙන්න
ළග ඉදන්
බැරි එකයි තියෙන දුක...

පසුපසින් සෙවනැල්ල 
මමයි
නුඹෙ හැමදාම පෙරසේම....

වැට බැදන් සිත
පතුලෙ
සඟවපන් මා හුරුසේම...

දිරි අරන් පණ
දියන්
හෙට ලොවේ සුදු සිහිනෙ....

මල් පිපෙන දවසකට
මතු
සත්තමයි මම යනවා දුර ඈත....


8 comments:

  1. me kaviye kiya ganna beri amuthu lassanak thiyenava akkio..

    ReplyDelete
    Replies
    1. කියා ගන්න බැරි හුගක් දේ කවියට ලිවුවා වර්ෂා නංගියෝ...

      Delete
  2. නුඹ හින්දා
    රිදුම්දේ
    මගේ මේ තුන් හිතම

    වැර දෙන්න
    සිප ගන්න
    එනේ යලි නොම එන්න

    ReplyDelete
    Replies
    1. අනේ නුඹ ජය ගන්න
      සැම සිහින ඉටු වෙන්න
      එහෙම දවසක් එන්න
      මට හැකියි දුර යන්න....

      Delete
  3. ලස්සන අදහසක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ...

      Delete
  4. මම මේ කවියෙන්ම ආස ටික තමයි

    "මල් පිපෙන දවසකට
    මතු
    සත්තමයි මම යනවා දුර ඈත.... "

    ලස්සන කවි සිතුවිල්ලක්.
    මට හිතාගන්න බැරි මල් පිපෙද්දි ඇයි යන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. මල් පිපෙද්දි යන්නෙ මධුරංග රිසි සේ මල් සුවඳ විඳගන්න ඉඩ දෙන්න.... මල් පිපෙනකම් වැර දුන්නෙ හුදෙක්ම පරාර්ථකාමී සිතුවිල්ලකින් විතරමයි....

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...