Wednesday, February 1, 2012

කියා යනු මැන

රෝස දම් රතු පැහැ පලස් අතුරා
බිම දිගේ....
නීල නෙත් හොරා ගෙන මල් වියන්
බැදි ගසේ....
හීන නම් තව දුර වුනත් වසත්
කල මගේ.....
ආයෙ ඇවිදින් යන්න එනවද ඔබ
සකුරා මලේ......

දිගටි සිනහව ඇස් පොඩි කරන් සැලුවෙ
පෙර දිනේ....
සිගිති සිහිනෙක සිත තියෙන පොඩි ලමෝ
අපි වුනේ....
හැපෙන සියොළගම වෙලි වෙලී තියෙන
සුවඳක් වුනේ....
මතක මංපෙතෙ එකම පාරක් ඇවිත් යනවද
සකුරා මලේ....

සකේ බොනවා මම පාලු අතරට ඔබ
මතකය පුරා....
මගේ හිත ගත් මල ඔබම මගෙ
පණ සමකරා.....
සිතේ තරහක් නැහැ කිසිම දින සෙනේ
හදවත පුරා.....
එකම පාරක් කියා යනවද මගෙම නුඹ
අනේ සයොනාරා......


4 comments:

  1. ලස්සන සිතුවිල්ලක් අක්කේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ...

      Delete
  2. නොරිකෝ සහ දෙවෙන්දර සං මතක උනා!:)

    ReplyDelete
    Replies
    1. ම්... ආයෙමත් එනවනම් මළවුන්ගෙ අවුරුදු අරන්....
      ස්තුතියි නුවන් මල්ලියේ....

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...