Thursday, February 2, 2012

*** නියමුවානෙණි ***

චණ්ඩ රල හා ඔට්ටු කරමින්
නොපෙනෙනා තොටමුණට පදවන්න
ප්‍රදීපාගාරයක දිලෙන එළියක්
සොය සොයා තනිව වෙහෙසව
නවුකාව ගෙන නුඹ නියමුවානෙණි......


ඝන මේඝවලා කරයි තරවටු
ඉන්ද්‍රචාපය වසා ගෙන යයි
සමුදුර ලමැද ගිනිගෙන දැවෙයි
උදම් රල වෙස්වලා රඟදෙයි
දිරි අරන් පැදයන්න නියමුවානෙණි....

දිනක් එයි විලිබරව ලජ්ජාවෙන්ම
හැකිළිලා යන්නට රල පෙරලට
සිනාසී හදවතින් තොටමුණ දකින
කිත් කිරුළ ජය පැනින් නැහැවෙන
හෙටක් එනතුරු පැදයන්න නියමුවනෙණි...........


..... දිනිති .....

8 comments:

  1. අරමුණක් නැති මගක
    හෙටක් පැහැදිළි නැති විටෙක
    ජීවිත නෞකාව සැඩ පහරක් ලග
    පැද යන නියමුවායි මම හුදෙකලා උන..

    ReplyDelete
    Replies
    1. හුදකලා සිත ළගක
      මගබලා නුඹ හොදට
      පැදයන්න මල්ලියේ
      ජිවිත නැව දිගට...

      ස්තුතියි ඔයාට මල්ලි...

      Delete
  2. මං වගේ...........

    ReplyDelete
  3. මාත් හෙටන් එනකන් බලන් ඉන්නවා.
    ඒක නෙමේ දිනිති මාර ඉක්මනට පෝස්ට් දානව නෙව. :)

    ReplyDelete
    Replies
    1. අනේ මධුරංග කම්මැලි කමට තනිකමට වෙන මොනා කරන්නද... පන්හිද විතරයි මගෙ හිතවතා....මිතුරා....මේකට දාන්නෙ ලියන ඒවයෙන් දශමයයි....
      ඇවිත් ගියාට ස්තුතියි...

      Delete
  4. අපිත් පදිනමුත් ජීවන නෞකාව
    කොහොම වෙරගම්ද කුණාටු හමුවූ විට
    නොසිතු ලෙසකට මුහුදු බත්වුනත්
    පැදිය යුතුවෙයී එදවස වෙනකල් .....
    ( ඔන්න ස්තූතියි නම් එපා හොදද. යාළුවෝ යාළුවෝ මොකට ස්තූතියි කර ගන්නවද)

    ReplyDelete
    Replies
    1. දිරි අරන් වෙර ගන්නම වෙනවා බට්ටියේ... ඕන් ස්තුතියි කියන්නෙ නැහැ බට්ටියෙ ආයෙ... :-D

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...