Tuesday, February 21, 2012

ඔබ එන්න...

අර නීල අම්ඹරේ
නිදි කිරන තරු වගේ
සඳක් වී පායලා ඔබ
එනතුරා මා බලා ඉන්නේ
තටු ගසා නෙත් දෙකේ.....

හිරවෙවී සුසුම් ගුලි
ලය පුරා තෙරපිලා
වැහි කදුළු කැට සැදී
සිප ගනියි පොලේ තල
නොආ හින්දා සඳ තාම.....

ඇබින්දක් ඇවිදින් විගස
ඔබ තුටින් කියනවා නම්
සිත පුරා හසරැලින් මට
ඉන්න තිබුණා තව දිනක්
නොදැන උන්නට ඔබත්.....

පින්න ඉහිරෙන උදෑසන
පිපි මලක් වෙලා හෝ
එන්න හනිකට ඇස ළගට
නිවා යන්නට මගෙ තනිය
මේ දැවෙන පාලුවෙන්.....

නිදිවරා වෙහෙස නොබලා
නුවර අහසක් යටක ඔබ
සොයා එන්නට බැරිකමට
වසන්තයෙ කවි මලක් මම
එවනවා සිත ලියා සුළගක.....

5 comments:

  1. ලස්සනයි අක්කේ...

    ReplyDelete
  2. වෙනද වගේම ලස්සනයි අක්කෙ!
    අක්කෙ ඔය කවි පොතක් මුද්‍රණය කරලා තියේද??

    ReplyDelete
  3. ලස්සන කවි ට්කක්.

    ජයවේවා.!!

    ReplyDelete
  4. තුන් හතරපාරක් කියෙව්වා වැදෙන තුරු හිත් පතුලටම...

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...