Sunday, February 5, 2012

*** අප්පච්චී ***

ගිනි ගන්න ඉර මද්දහනෙ
දැවි දැවී යන අපුරුව හිත
රිදි රිදී දුක පිරෙන අන්දම
සැගෙවුවා ඇස මලක් අද්දර.....


සළු පිලි ඇදන් නිල්ල නිලෙ හැඩ
වෙලා උන්නත් නිල් ගොයම් ටික
ඇවිළිලා පරඩැල් වෙච්ච විට
ඉරිතැළුණු කම්මුල් පිරිමදියි නිති...........


හිනැහිලා හසමල් ගෙනා ඇලවේලි
පරවෙලා පෙති සිඹින විට මිහිකත
සනසලා හිස අත ගගා ළග හිද
පණපොවා දෙයි සිත් විල මැදම....


පැසව පැසවා සැරව එන වණයක්
වගෙම දුක පලිදරන් හිටියත් වෙලී
අලුත පීදෙන කුඹුරු යායක් වගෙ
නම නොලිවු පදවැලක් අප්පච්චී........


6 comments:

  1. තාත්ත කියන වචනය මම ආසම වචනය හා දුක්බරම වචනය!
    නිර්මාණය ලස්සනයි අක්කෙ!

    ReplyDelete
    Replies
    1. මමත් ජිවිතේ අකමැතිම වචනය මල්ලි...ඒත් ඒ වචනයට අසාධාරණයක් කරන්න බැරි නිසා පද ගලපනවා....

      Delete
  2. හිතින් ගමටගියා ආයිමත් සැරයක්,.....ඉස්සරම කාලෙට

    ReplyDelete
    Replies
    1. එහෙමනම් සතුටක් විමුක්ති....ඒ කියන්නෙ මගෙ කවිය පොඩ්ඩක් හරි දැනුනා කියලනෙ...

      Delete
  3. ලස්සනයි අක්කේ....

    ReplyDelete
  4. පියගුණ ගැන ලියවෙච්ච ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...