________අතීතයේ ඇත්තම ජීවිත පාඩමක්_________
මට බෝ ඉස්සර අතීතය මතක් වේ. ඒ දහම් පාසල් කාලයයි. එමෙන්ම වස් පිංකම් කාලයයි.
හැමදාම සුදුම සුදු මල් වට්ටියක් පාන්දරම අවදි වී සකසා ගන්නා මා ඒ මැදට අක්කාගේ රතු රෝස පඳුරෙන් හොරෙන් මලක් කඩාගෙන සිලි සිලි බෑගයකට වතුර බිඳක් ඉස මගේ පොත් බෑගයේ හංගා ගනිමි.
නිවස පසු කර වෙල් යායද පසුකර ගියාට පසු අර රතු රෝස මල මම මගේ මල් වට්ටියේ මැදට තබා හැඩ බලමි.
කියන්නට බැරි සුන්දරත්වයක් මට දැනේ. එහෙත් කොයි තරම් අලංකාරව සකසා සුදු මල් වට්ටිය ගෙනිච්චත් හැමදාමත් මට ලකුණු 75 ට වඩා දෙන්නේ නැත.
අනෙක් ලමයින්ගේ මල් වට්ටි නිකන්ම නිකන් සුදු මල් විතරක්ම තිබියදි ලකුණු 80 ක් 90 ක් දෙන පොඩි හාමුදුරුවෝ විශාල වට්ටියක අර තරම් මහන්සියෙන් නෙලා සකසා යන මගේ මල් වට්ටියට අඩු ලකුණු දෙන එක ගැන මා හිත් රිදවීමෙන් උන්නේය.
දිනක් දෙකක් නොව කිහිප දවසක්ම මෙය අසන්නට මා පොඩි හාමුදුරුවන් අසල කැරකුනෙමි. එහෙත් මගේ ළපටි සිතට ඒ තරම් හයියක් තිබුණේ නැත.
අහම්බෙන් වස් පිංකම් දවසක මා වෙහෙර මළුව අමදිද්දි පොඩි හාමුදුරුවන් හා කතා කරන්නට ඉඩක් ලැබුණි.
ආයෙ පසුවට කල් නොදා මම එක හුස්මට මගේ හිතේ පැසව පැසවා තිබුණ දෙය උන්වහන්සේට කීවේය.
කිසිවක් නොකියි උන්වහන්සේ මට පෙන්නුවේ මා පොල් අතු රටාවට ඇමදුව මළුවේ උන්වහන්සේගේ පා සටහනක් තබා පමණි.
ඇත්තටම හිතට තරහක් මට ආවේය. බොහෝ අමාරුවෙන් ඇමදු මලුවේ අච්චර ඉඩ තියෙද්දිත් උන්වහන්සේ මා ඇමදුව කොටසේම පා සටහනක් තිබ්බාටය.
සත්තටම අවුරුදු 13ක් 14ක් වු මට ඒ කිසිම දෙයක් නොවැටහුණේය.
හැමදාම වගේ තරහින් පුපුර පුපුර මා උන්නාය. එහෙත් අහම්බයකින් දිනක අක්කාගේ රතු රෝස පදුරේ හොරකම් කිරිමට එක රෝස පොහොට්ටුවක්වත් නැති ඉරිදාවක මම සුදුම සුදු කිරි ඉද්ද වට්ටිය සකසාගෙන පොඩි සාදු ලකුණු දමන තැන පෝලිමේ උන්නේය.
පිළිගන්න මට එදා ලකුණු 95ක් දුන්නේය. පිළිගන්නට බැරි උද්දාමයෙන් මම ඉපිලෙමින් උන්නේය.
එදාද ඒ ගැන අසන්නට මට ඇවසි වුවත් බැරි විය. එහෙත් කල් යත්ම ඒ මතකය හැමදාමත් මහිත විය.
මෝරා වැඩෙද්දි අදද එය මා සිත ඇතුළත තදින් කා වැදී සිත්තම් පෙළ සිනමා පටයක් සේ මට මතක් වේ. එහෙත් එදවස මට නොතේරුණ පොඩිහාමුදුරුවන් නොකියා කියාදුන් ජිවිත පාඩමක් මට අද වැටහේ... එනම් ,
කොයිතරම් අපුරුවකට ජිවිතය ගැලපුවත් එකම එක නොගැලපීමකින් මුලු ජිවිතයම වෙනස් වෙන බවය.
එදා මගේ සුදු මල් වට්ටිය මැදට රතු රෝස මල නොගැලපුනේ ඇයි කියා වගේම මා අච්චර මහන්සියෙන් ඇමදපු මලුවේ පා සටහනක් පොඩි හාමුදුරුවන් තබා පෙන්නුවේ...මට ඒ දෙය කියා දෙන්නට බව අද බොහෝ හොදට වැටහේ.
ජීවිත පාඩම් නම් හරිම අපූර්වයයි දැන් සිතේ.
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
වෙන ස්වාමීන් වහන්සේ නමක් ලකුණු දුන්නනම් එ්වට 75 වී අක්කගෙ එකට 95 වෙන්නත් බැරි නැත!
ReplyDeleteමාරයි...මාරම මාරයි.....
ReplyDeleteපුදුම පාඩමක්... ඇත්තටම මාරයි
ඇත්තටම මටත් මැරෙනකම් අමතකම නොවෙන පාඩමක්....
Deleteනොගැළපීම්, නොගැළපීම් බව හඳුනා නොගැනීම නිසා ජීවිතය විනාශ වීම වලක්වන්නට සමහර විට උන් වහන්සේ එදා ඉගැන්වූ පාඩම හේතු වන්නට ඇත.. කෙතරම් ලස්සන වුවත් ධවල වර්ණ මලින් සැරසී පුදසුනක් මතට රක්ත වර්ණ රෝස කුසුමක් නොගැලපෙන්නේ යම් සේ ද, කෙතරම් වටිනා, මනහර දෙයක් වුවත් අපේ ජීවිතයට හා රටාවට නොගැළපේ නම් අලුයම ලූ කෙල පිඩක් සේ ඉවත දැමිය යුතු ය.. අතිශයින් වටිනා සටහනකි. ස්තුතියි!
ReplyDeleteහ්ම්..ඇත්තටම මතුපිටින් අපි ගලපන්න කොයිතරම් හැදුවත් නොගැලපෙන දේ නොගැලපෙනම හැටි... ජීවිතේ මෙහෙම අතලොස්සක් පාඩම් කියා දුන් දේ නිම කරන්න බැහැ මට. ස්තුතියි ඔබට..
Deleteමට මතක් උනේ " මලක් නෙලාගෙන විත් බුදුසාදුට පිදුවා " ගීතය..
ReplyDeleteම්... මම නම් මහ පාන්දර මල් කඩාගෙන ගියේ වැඩියෙන් ලකුනු ගන්න මල්ලි ඒ කාලෙ..
Deleteහරිම ආදරණීය පාඩමක්නේ.. අපූරුයි!
ReplyDeleteස්තුතියි මගෙ නංගියේ....
Deleteපොඩි හාමුදුරුවන්ගේ පාඩම.. නියමයි. කිසිවක් නොකියා ජීවිතේ බොහෝද් එයින් වටහාගන්න පුළුවන්. පා සළකුණ හොද සංකේතයක් ජීවිතේට
ReplyDelete@දිනිති අක්කියා, ඇත්තට ම ඒ දිනවල අක්කලගෙ පන්සලේ පොඩි හාමුදුරුවො අක්කියාට නිහඩව ම උගන්වන්නට උත්සාහ කරලා තියෙන්නෙ ඉතාම වටිනා පාඩමක්. මෙතනදි මට ප්‍රධාන කරුණු 02 පෙනෙන්නට තිබෙනවා. එයින් ප්‍රධාන ම දෙය තමා සුදු මල් වට්ටියකත රතු රෝස මලක් නොගැළපෙන බව. අනිත් කරුණ නම් (මේ දෙය නම් පොඩි හාමුදුරුවෝ දැනගෙන සිටියාද කියා නොදනී) අක්කියාගෙ අක්කගෙ රතු රෝස පදුරෙන් රෝස මලක් හොරෙන් ම කඩා ගැනීමයි. ඉතින් මේ දෙයත් පොඩි හාමුදුරුවො දැනගෙන සිටියා නම් අක්කියාට ලකුණු අඩුවෙන් දීමට එයත් බලපෑ හැකිය යන්නයි මගේ නම් මතය. මොකද එයත් වරදක් නිසා. කෙසේහෝ බනින්නෙ , ගහන්නෙ නැතුව වරද අක්ක්යාට ම තේරෙන පරිදි පා සළකුණක් තැබීමෙන් ඒ හාමුදුරුවන්ගෙ නැණවත්භාවය හොදින් ම පැහැදිලි වේ
ReplyDelete