Wednesday, April 18, 2012

නොහිමිකම



දැන් තමයි කිරා වැටෙමින් හිටිය
දූ පැටියා නිදා ගත්තේ මගේ
උණුහුමෙන් අයින් කර එන්න
ලොබ වුනා හිත ටිකක්....

ගුලිවෙලා ඇය ඉන්න විට ළමැදට
දැනෙනවා කප්පරක් සෙනෙහස
ඒ වුනත් සිහිවෙන විටදි ඇය ගැන
නොආ බැරි හින්දමයි ආවෙ මම

කලුවරේ මෙතනට වෙලා ඔබ
හුග වෙලා උන්නාද මම එනතුරුම
ඇය ඔබේ අද වේලපහ නිදාගන්නට
ගියාදැයි කිසිවක්ම නොඅසාම....

මලක් නැති ඔබෙ ගසට තව තවත්
නොගෙනෙයිද කිසි පෙර නිමිත්තක්වත්
මලක් දුන්නත් මම ලොව ඔබ නමට
බැහැ නේද කියන්නට අයිතිය ලොවට

***දිනිති***
18/04/2012

2 comments:

  1. වටින කවියක් කලබලේ නිසා තේරුනේ නැ...

    ReplyDelete
  2. මලක් නැති ගසක් වී
    හුදෙකලා වූ දිනෙක
    ඒ ගසෙහි පලන්දා මලක්
    හැඩ බැලූ විට
    අමතක විය මොහොතකට
    ඒ මලට පණ පෙවූ ඔබ
    සමා වුව මැනව හිමියනි
    මල අයිති ඔබට මුත්
    සුවඳ මුලු ලොවටමයි..

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...