Tuesday, April 17, 2012
*** මවක් නම් ***
ඉරේ රැස් සෙනෙහින් නිවන්නී
සඳේ සිහිලස ගෙන පුදන්නී
හදේ සොම්නස ගෙන බෙදන්නී
ඇගේ සෙනෙහස නිම නොවන්නී.....
කැකුළු මල් ලොවටම සදන්නී
පාට දේදුන්නෙ හැඩ දමන්නී
කදුලු ඇස් යට සඟව ගන්නී
දිනන්නට ලොව මං තනන්නී....
මුදු යහන් සළු නොම සොයන්නී
ලද දෙයින් හිත සතුටුවන්නී
නොමැත කිරලා සෙනේ දෙන්නී
ලොවක ප්‍රේමය පුදා දෙන්නී.....
මහළු සිතුවිලි නොම කියන්නී
නැවුම් පැතුමින් දිරිය දෙන්නී
මැවුම් කරු වී ලොව තනන්නී
අමිල වත්කම මව්ම වන්නී.....
*** දිනිති ***
17/04/2012
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
සින්න වී යන ජීවිතේවත් උකස බේරා නොගන්නී
ReplyDeleteසත්තටම ඔව් මල්ලි...
Deleteඅදත් වෙනදා වගේම හැගුම්බර අදහසක් අක්කේ..
ReplyDeleteහුගක් ස්තුතියි මල්ලියේ...
Deleteවැලේ ගෙඩි වැලට බර නැතුවා සේ
ReplyDeleteදිවි පුදා දරු රකින්නී.
ඇති දා මෙන්ම නැති දාටත් එකසේ
ආදරේ අඩු නොවන්නී
කාටත් නොපෙනේන ගෙයි මුල්ලට වී
කඳුලු දිය වගුරවන්නී
අම්මේ ඔබයි සැමදා ලො එලිය කරනා
සිළුමිණි පහන වන්නේ
දිවියේ අඳුර දුරු කරමින් එළිය දෙන්නී
Delete...
ස්තුතියි අයියෙ....
අම්ම ගැන කොහොම ලිවුවත් ලස්සනයි.
ReplyDeleteහ්ම්....ස්තුතියි මල්ලි...
Delete