Saturday, April 21, 2012
***මලක් මුත් කුමුදු***
සලිත කිරණම වැටී හැඩ වැටෙන මැදියමක
උමතු සඳවත නැගී පෙති සිඹින කළුවරක
කුමට ගෙරවිලි නගා මල් පිපෙන උණුසුමක
රැයට හසරැලි උදයේ පිපි දිලෙනා කුමුදුවක......
සඳේ සොමිකැන් රාගයෙන් එවනකොට
මලේ රන්වන් සිනාකැන් දෙනු සෙනෙහසට
දියේ මාලුන් පිහිණුවත් උන් ලතාවකට
නොදේ රිඳුමක් කිසිවිටත් මල් කැකුළකට....
පුරා රැය එක දිගට හෙම්බත්ව සඳ එක්ක
උදා හිරු එන විටම හකුලුවයි පෙති විලක
බෙදා නෙක මුදු සුවඳ විහිඳුවත් මල් ලොවක
නැතේ කිසි හොඳ නමක් කුසුමට කිසි දිනක....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
රැයේපිපි උදේ පරවීයන මලකට හොඳ නමක් නැතිවුණත් රැයේපිපෙන මල් සුවඳයි දහවල පිපෙන මල් වලට වඩා. ඒ සොබාදහමේ කැමැත්තයි.
ReplyDeleteගොඩක් ලස්සන නිර්මානයක් දිනිතියො...
ReplyDeleteකුමුදු මල.. හරියට සමාජයට කොතරම් සේවයක් කලත් නිසි ඇගයීමක් නොලැබ දිවිගෙවන නිහඬ මිනිසුන් වගේ...
ReplyDeleteGodaaak. . .Lassanai. . .Akkiyo.
ReplyDelete