පිළිවෙලට සකසා තිබු කාමරයකට ඇතුලු වුනු අප්පච්චි මා ඉදිරිපසට ඇවිත්
...අර තියෙන්නෙ මගෙ මැණිකෙගෙ පුටුව....
කියා මා අත ලොකු අයියාගෙන් මුදවා අල්ලාගෙනම ගොස් මා හින්දුවේය.... එහෙම නළලත සිප
...අද ඉදන් ***සඳකිරණි*** ඇගලුම් ආයතනයෙ සම අධ්‍යයකවරියක්.....
යැයි අප්පච්චී කීවේය.... වායු සමනය කර තිබුණ ඒ හීතල කාමරයෙත් මම දහඩියෙන් පෙගී ඇත. මේ විසල් ආදරයේ උනුසුම ලබන මොහොතක වුනත් ඈතින් දුටු පිරිමි නෙත මහිත පුරා රටා අදින්නේය.... ඒ ඔහුමද...මල් වත්තේදි හමු වුනු ...සිහින...මද...මා හිත එහෙ මෙහෙ දුවන්නේය.
ඒ ඔහුම නම් එදා ලොකු අයියා ඔහු හදුනා නොගත්තේ ඇයි. නිවසේ පාලුවේ තනිකමේ ඉන්න බැරි බව කි මට අප්පච්චි දරන්නට බැරි තනතුරක් දුන්නේද...එසේත් නැත්නම් මේ මගේ හිත සොය සොයා උන් දෙය හමුවන තැනක්ද.....
...මැණික මොකද බයවෙලා වගෙ.....
අප්ච්චි එක පාරටම ඇසු දෙයින් මා යලිත් ආයතනයේ කාමරය තුලට ආවෙහිය. ලොකු අයියා තවමත් සිනාමුසු පිරි වතින් බලා හිඳින්නේය.
..නැහැ අප්පච්චි...මම පුරුදු වෙන්නම් වැඩ කරන්න... මගේ අප්පච්චි මං ආදරෙයි ගොඩක්.....
කියමින් මා අප්පච්චිගේ නළලත සිම්ඹේය.... අකමැත්තෙන් ආයතනයට ඇතුළු වුනු මගේ සිතුවිලි වෙනස් වුනු අපුරුවක් යැයි මටම නොසිතුනා නොවෙයි.
...මගෙ මැණිකට මොනව හරි දෙයක් තිබුණොත් අල්ලපු කාමරේ ලොකු අයියා ඉන්නවා.. අනික් පැත්තෙ කාමරේ මම ඉන්නවා.. මේ මගෙ මැණිකත් බලා ගන්න ඕනි දේවල්නෙ....
අප්පච්චි එසේ කියා....
එහෙනම් ඔන්න මගෙ මැණික වැඩ පටන් ගන්න.....
අප්පච්චි එසේ කියා යන්න හැදුවේය...
අප්පච්චි...ඊට කලින් මම ආසයි මේකෙ ඇවිදලා මිනිස්සු අදුරණ ගන්න.....
එය නම් හුදෙක්ම මගේ යටි සිත බව මම දන්නේය. මගේ මේ ඉක්මන් වෙනස ගැන ලොකු අයියා හෝ අප්පච්චි තේරුම් ගනියිදෝ කියා බයකුත් මසිතට ආවේය.....
...ම් එහෙම නම් ලොකු අයියා එක්ක ගිහින් එන්න. හැබැයි මගෙ මැණික මේ හැමෝම අපේ සේවකයො....අන්න ඒකත් මගෙ මැණික හිතේ තියාගෙනම ආයතනයේ සේවය පටන් ගන්න..............
මුලු සමාජයේ සියලුම මිනිසුන්ට ආදරය කරුණාව උදව් පදව් කරන මගේ අප්පච්චි නොදන්නා දෙයක් ගැඹුරින් මට කිවුවාද.... කිසිම දවසක දුප්පත් දරුවන් සමඟ ගැවසෙන්න ඉඩ නොදුන් මට අප්පච්චි මේ නොකියා කිවුවේ කුමක්ද....ඒ සියල්ල සිතමින් මා ලොකු පසු පස වැටි පැය 2කට වඩා ගමනක් හමාර කලේය... එහෙත් මා සෙවු ඒ රුව...ඒ ඇස් මට මුණ නොගැසිණි.... ආයතනයේ සියළුම සේවක සේවිකාවන් බොහෝමත්ම ලෙංගතුව ආදරයෙන් සිනා පිළිගැන්වු බව නම් මතකය.....නමුත්................
මා දුටු මගේ ඇස් බොරුවක් වන්නේ කොහොමද....තවමත් මා අතරමංවී ඇත....
_______________________________________________________
...........මේ දන්නවද චුටි වැඩක්...එයා දැන් බිස්නස්කාරියක්ලු............
මා රාත්‍රි ඇදුම් මාරුකරගෙන රූපවාහිනිය අසලට යනවිට එතන ඉදිය මද්දු හයියෙන් චුටි අයියාට කිවේය....
හ්ම්..හ්ම්..ආරංචියි මටත්........චුටි පිළිතුරු දුන්නේය....
....මේ එන්න එපා ඕවා කියන්න....
...මොනවද......
ඇයි දැන් කිවුවෙ....
ඇහ්...මෙන්න චුටි මෙයා තොප්පි අහුලගෙන......
ඒකනෙ මද්දු..අපි මේ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ දුව ගැන කිවුවෙ....
අනේ යනවා යන්න.....
යනවා යන්න නෙමෙයි......මද්දු ඉස්කොලෙ ප්‍රින්සිපල්ගෙ දුවට ටිකක් interest ඒකයි........
.........අපොයි චුටි අයියෙ ඔයා නම් කට ඇරියොත් කියන්නෙ මහ ඕන්නැති කතාවක්මයි...ඉන්නවකො....
මා සෙටිය මත ඇති කොට්ටයක් අතට ගෙන දෙන්නටම ගහන්නට සැරසුණේය....
මොකද ...රෝසමල මේ....කියාගෙන මැණිකෙ නැන්දා ආවේය.....
මෙයා ගේ ඇතුලට තොප්පි දාගෙන මැණිකෙ නැද්දෙ......මද්දු උත්තර දුන්නේය....
කෝ..රෝසමලගෙ ඔලුවෙ තොප්පියක් නැහැනෙ...............
අත් දෙකෙන්ම කට වහගෙන සිනාසුන චුටි අයියා මද්දුට මා ඇසකින් පෙන්නුවේය...................
ඉන්නවකො මම අප්පච්චිට කියන්නම් කියාගෙන මා තරප්පු පෙළ වේගයෙන් නැංගේය.
එහෙමම කාමරයට ඇවිත් මා අර ඇස් මතක් කර ගන්නට තැතනුවේය....අහංකාර කතා කරන ඇස් දෙක...මා වශි කරගෙන කිවුවොත් නිවැරදිය......ඒ මුහුණු ඒ ඇස් දෙක දුටු විට මතක් වෙන විට මා විදුලි කෙටුවා සේ ගැස්සෙයි... මේතරම් මසික උඩ ඇවිද යන්නේ ඇයි... දෙපැයක් පුරා ආයතනයේ කරක් ගසා හතර වටෙන්ම සෙවුවත් යලි හමු නොවුනේ මන්ද... මසිත මායාවක් දුටුවෙහිද...නමුත් එය එසේ නොවන්නේමය... ඒ ඒ ඇස්මය..... මේ නොතේරෙණ සිතුවිලි අතර මා සැරසරන්නේ සිහිනයක්ම වෙන ....සිහින.... ඔබ ගැන නොවෙද......................
තාරුකා මල් පිපී හිනැහෙන
රාත්‍රියක මා අසල දැවටෙන
නොතේරෙණ කවියකට සම
නුඹ සිහිනයක්මද සිහින.............
සැරසරා මසිත අහුමුළු වලත්
රඟ දිදි ඇයි මේ තරම්
හති දම දමා මා සෙවුව මුත්
දුටු නොදුටු අරුමයයි සිහිනය......
හිත හොරා නුඹ අසලමයි
කියා දෙන්නට කෙලෙසදැයි
දිනක් ආවොත් වසන්තයෙ
සිහින ඔබ මගෙ ඇත්තමයි.......
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
හම්මෝ අක්කේ... මේ කොටස දාන්න ගිය වෙලා...
ReplyDeleteඅන්තිම පද පේලි ටිකට මගෙ හිත ගියා...
Deleteමම හිතුවේ මේ කතා වේ මේ කොටස මගැ අරුනද කියලා පහු ගිය ටිකේ
ReplyDelete