පුරුදු රටතොට ගහකොලත් නැති
කතරෙ බක්මහ සුවද එනවා
නුහුරු සුළගක දැවටිලා එන
අසිරි සිරි අවුරුද්දෙ ගෙනෙනා....
පැතුම් සුපැතුම් දහස් ගනනින්
නොරට දෙසටත් විසි වෙලා
නැයො නොවුවනත් නෑයො ඇවිදින්
අපේ කම් ලෙංගතුව පුදලා....
කැවුම් කිරිබත් පන්සලේ මල්
පහන් හදවත ළගක මැවිලා
ඉතින් සයිබර් ලොවක ඉදගෙන
අපිත් අවුරුදු අද සමරලා......
නැවුම් සිතුවිලි උතුරා වාසනාවේ
ReplyDeleteමේ අලුත් අවුරුදු හිරු උදාවේ
කොතැන සිටියද ඔබ මේ ලොවේ
සිතින් මව්බිම නිතින් ඔබ ළඟම වේ...
ඔබටත් අවුරුද්ද පුරාම නැවමු සිතිවිලි වලින් සපිරි සුබ අලුත් අවුරුද්දක්ම වේවා
වැටෙනා හුස්ම මව්බිමෙ සුව විමසනවා
Deleteවඳිනා දෑත මව්බිම දෙස ටත් එසෙවෙනවා...
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක්.
හැම යහපත් පැතුමක්ම ඉටු වෙන,වැඩැවැඩියෙන් කවිම ලියවෙන නිරෝගිමත්-වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගෙ අක්කිට..
ReplyDeleteමගෙ නංගිටත් අධයාපන කටයුතුත් සාර්ථක කරගෙන ලිවීමේ හැකියාවත් දියුණු කරගෙන දිනෙන් දින වාසනාව සිරිකත උදාවෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා...
Deleteවැඩි වැඩියෙන් ලියන්න අක්කට මේ අව්රුද්දෙ වසනා වේවා!
ReplyDeleteඊලග අව්රුද්දෙ අපේ රටේ ඉදන්ම ජයට අවරුදු සමරන්න ලැබේවා කියල හදවතින්ම පතනව!:)
ම් ඔව් මල්ලි ලබන සිංහල අවුරුද්ද නම් ලංකාවෙ ඉන්න බලනවා... ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් මල්ලි...
Delete