Wednesday, April 11, 2012

...සුපෙම්වත...

සුපෙම්වත....
බෝ දුරක් දරාගෙන බර
පැමිණියෙමි ඔබ සමඟ
දැන් ඉතින් වෙන්ව යමු
දෙමඟක අපි අපිට නැති.........

මල් පිපි හිනැහෙද්දි මැයි මාර
ගස් පෙළක් යට තනිවෙලා අපි
ගිම් නිවපු හැටි අමතකම කර
කොහොම යන්නෙමුද වෙනතක......

අනෝරා මහ වැස්ස මැදකදි
ගුලිවෙලා උන්නු හැටි හීතලක
ගෙනෙයි මට මතුත් වැස්සක් යටදි
නැති වුනත් නුඹ ළගක මගෙ....

පාලුවත් විඩාවත් දැනෙන විට මම
සුසුම් ගුලි කර විසි කරන්නම්
මුසලම මේ වාතලය මතටම
කියයි ඒ පාව විත් මා ගැන නුඹට....

බොහොම පොහොසත් උණු කදුළු
පිච්චෙනා විට හද ගැඹර සැරට
හිත වසා ජිවිත පොතේ පිටුවක්
අරඹන්න යමු අපි අයිති නැති හෙටට..........

*** දිනිති ***
 
 

10 comments:

  1. //මල් පිපි හිනැහෙද්දි මැයි මාර
    ගස් පෙළක් යට තනිවෙලා අපි
    ගිම් නිවපු හැටි අමතකම කර
    කොහොම යන්නෙමුද වෙනතක//

    nice means very nice!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගෙ නංගියේ....

      Delete
  2. බොහොම පොහොසත් උණු කදුළු
    පිච්චෙනා විට හද ගැඹර සැරට
    හිත වසා ජිවිත පොතේ පිටුවක්
    අරඹන්න යමු අපි අයිති නැති හෙටට.


    ලස්සන අදහසක්.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිත්රූ සිහින...

      Delete
  3. ලස්සනයි අක්කේ හැමදාමත් වගේම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ....

      Delete
  4. ඔබ අයිති නැතත් මට
    මම අයිති ඒ අතීතෙට
    මම අදත් විඳිමි තනිවම
    ඔබ නැතත් ඒ සුවඳ මට

    ReplyDelete
    Replies
    1. හෙටක් ගැන හෙට ගෙනෙයි කියලා
      බලා ඉන්නවා ඇස් මගක තියලා
      මටත් නැති මම නුඹට ලියලා
      බලා ඉන්නවා හද සෙනේ පුරවා......

      Delete
  5. අව්රුදු 7,8 ක අතීතයට අරන්ගියා...

    ReplyDelete
    Replies
    1. ම්..එහෙනම් මල්ලියට කවිය අතීතයෙ සමරුමක් වගේ....

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...