Sunday, April 1, 2012
තුරුලිය පත්‍රයක්
බැදී වෙලිලා ඉන්න විට
පත්‍රයක් තරුලිය මතක
සිනාසී කෑගසා නැටුවා
හමන සුලගින් ඉපිලිලා.....
දිනකරත් දින දිනම
ඇවිත් කයියක් දමාගෙන
සිඹිනවා පත්‍රයෙ හිසම
මෘදුව යන්තම් රලුව.....
ස්නේහයේ දිය අරන්
වැස්ස ඇවිදින් ළගට
කියනවා රහසක් පත්‍රයට
සිසිලසයි ආදරය හරියට.....
මලානික කහ පැහැයකට
හැරවිලි පත්‍රය දිනක
නොකියාම යනවා යන්න
සිඹින්නට දෝතින් පොළව....
තුරුලිය උඩක පත්‍රයන්
නිහඬවම කියනවා බිම
බලාගෙන හරි දුකෙන්
අපට ඔය දේ හෙටයි....
නැවතිච්චි පත්‍රය පාමුලක
ගස ළගක උණුසුමින්
දිරා සුන්වී මැකෙනවා
පොහොර කර මුල්වලට....
මතුත් එවැනිම පත්‍රයන්
නීල හරිතව හිඳින්නට
නොකියාම උපකාරයක් කළ
පත්‍රයක් මොන තරම් අපූරුද.....?
***දිනිති ***
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
ලස්සන අදහසක් අක්කේ..
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලියේ...
Deleteම්ම්ම් හොඳයි
ReplyDeleteම්ම්ම්ම් ස්තුතියි...
Deleteniyamai dinithi
ReplyDeleteමේ තුරුලිය පත්‍රය නොකියා කියන්නේ ජීවිතේ යථාර්ථය එහෙමත් නැත්නම් සංසාර චක්‍රය ගැන නේද?
ReplyDeleteඅරුත් බර පැදි පෙළක්.