Saturday, April 14, 2012

...අවුරුදු..


පුරුදු රටතොට ගහකොලත් නැති
කතරෙ බක්මහ සුවද එනවා
නුහුරු සුළගක දැවටිලා එන
අසිරි සිරි අවුරුද්දෙ ගෙනෙනා....

පැතුම් සුපැතුම් දහස් ගනනින්
නොරට දෙසටත් විසි වෙලා
නැයො නොවුවනත් නෑයො ඇවිදින්
අපේ කම් ලෙංගතුව පුදලා....

කැවුම් කිරිබත් පන්සලේ මල්
පහන් හදවත ළගක මැවිලා
ඉතින් සයිබර් ලොවක ඉදගෙන
අපිත් අවුරුදු අද සමරලා......

6 comments:

  1. නැවුම් සිතුවිලි උතුරා වාසනාවේ
    මේ අලුත් අවුරුදු හිරු උදාවේ
    කොතැන සිටියද ඔබ මේ ලොවේ
    සිතින් මව්බිම නිතින් ඔබ ළඟම වේ...

    ඔබටත් අවුරුද්ද පුරාම නැවමු සිතිවිලි වලින් සපිරි සුබ අලුත් අවුරුද්දක්ම වේවා

    ReplyDelete
    Replies
    1. වැටෙනා හුස්ම මව්බිමෙ සුව විමසනවා
      වඳිනා දෑත මව්බිම දෙස ටත් එසෙවෙනවා...


      ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක්.

      Delete
  2. හැම යහපත් පැතුමක්ම ඉටු වෙන,වැඩැවැඩියෙන් කවිම ලියවෙන නිරෝගිමත්-වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගෙ අක්කිට..

    ReplyDelete
    Replies
    1. මගෙ නංගිටත් අධයාපන කටයුතුත් සාර්ථක කරගෙන ලිවීමේ හැකියාවත් දියුණු කරගෙන දිනෙන් දින වාසනාව සිරිකත උදාවෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා...

      Delete
  3. වැඩි වැඩියෙන් ලියන්න අක්කට මේ අව්රුද්දෙ වසනා වේවා!
    ඊලග අව්රුද්දෙ අපේ රටේ ඉදන්ම ජයට අවරුදු සමරන්න ලැබේවා කියල හදවතින්ම පතනව!:)

    ReplyDelete
    Replies
    1. ම් ඔව් මල්ලි ලබන සිංහල අවුරුද්ද නම් ලංකාවෙ ඉන්න බලනවා... ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් මල්ලි...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...