Monday, December 26, 2011

ඊයෙ...අද..හෙට..

දුක් කදුළු බර
කොහොම උසුලනු
හිමි අහිමි කම්
කොහොම පහදනු....

මීට සත් වසරකට

අතීතය මත ඇවිද
යනෙන විට හිත
කීරි ගැසෙනවා මගේ....

අතීතය අතීයක් විතරමයි කියලා හිතලා අමතක කරන්නෙ කොහොමද....අතීතයට එකතු වුන හැම දෙයක්ම වර්තමානයට අනාගතයට අඩිතාලම් දාන බව අපි දන්න නිසා....


හිත දුර ගමනක් ගියා...මීට අවුරුදු 7 කට කලින් ආපස්සට....ඒ 2004 අවුරුද්දෙ සීතලම සීතල උදුවප් මාසේ 26 වෙනදිවක් වුනු උදුවප් පුන් පොහෝ දවස..... ඒ වගේම සාමයේ කුමරුන්ගෙ උපත සමරපු දවසට පසු දවස.......


ඒ විතරක්ම නම් කමක් නැහැ....මම හා හා පුරා කියලා මගේ මව් රටින් වෙන් වෙලා යන්තම් මාස 6 ක් ලගවුනා විතරමයි.....එදා අපිට නිවාඩු දවසක් වුනා..... උදේ අවදිවෙලා ටික වෙලාවයි ගියෙ ලංකාවෙන් කෝල් එකක් ආවා මුහුද ගොඩ ගලනවා කියලා....දෙයි හාමුදුරුවනේ කාට කියන්නද.....


මගෙ සහෝදරිය පදිංචිවෙලා ඉදියෙ හම්බන්තොට....උඩට ගත්ත හුස්ම පහලට හෙලාගන්න බැරිවුනා....පරිගණකය ළගට අරගෙ අන්තර්ජාලය පීරුවා...හැම තැනම එකම ප්‍රවෘත්තියක්....ඇස් දෙකට ඉබේම කදුලු ආවා.....


මේ වේදනාවන් දරාගෙන හිස් ලු ලු අත දුවන මිනිසුන්...ජිවිතය බදාගෙන ගාල්ල ස්ටෑන්ඩ් එකේ එක පොදියට තුරුලුවෙන සමනලියන් රෑනක් අනේ කෝච්චි පෙට්ටි ගානක් කණපිට පෙරලිලා...බලන හැම තැනම මියගිය මිනිසුන් වැටිලා සිටිය ආදී දේ විතරමයි දකින්න තිබුණෙ රූපවාහිනියෙ.....


අපිට කරන්න පුලුවන් වුන එකම දේ ඒ අයට කඩිනමින් උදවු කරන එක විතරයි..අපි අපිට පුලුවන් විදිහට ලහි ලහියෙ හැමදේම එකතු කරලා ලංකාවට එවුවා...ඒ වගේ මුලු ලෝකෙන්ම වගේ එහෙම උදවු ලැබුණා.....


මෙහෙම මුහුද ගොඩ ගලපු එක සුනාමියක් කියලා කිවුවා....ඒ අලුත් වචනය අපිට බිය වචනයක් වුනා....අපුර්ව සොබා දහමට මිනිසා කල හදියන් දිගු කාලිනව බලපාලා සොබා දහමෙන් ලැබුණ දායාදයක් වුනා....ඒ දායාදය දැන් අතීතයට ගිහින් ඉවරයි.....


අනාගතයටත් මෙහෙම දේවල් අනන්තවත් එන්න පුලුවන්....එහෙම නම් අද වත්මනෙ අපි කරන දේ හෙට අතීතයට එකතුවෙනවා...හෙට නමැති අනාගතයෙ අපි භුක්ති විදින්නෙ මේ අද දවසෙ දේ....එහෙමනම් අපි අපිට පුලුවන් විදිහට මේ සොබා දහමට ආදරය කරමු....සොබා දම රැකගනිමු...එහෙම වුනොත් අපිට සොබා දහම එරෙහි නොවන්න පුලුවන් හෙට දවසෙදි...


දස දහස් ලක්ෂ ගණන් ජීවිත අහිමි කල...අම්මා තාත්තා නැතිව අදත් තදුළු බොන....දරැවො නැතිව දෙමාපියො හුල්ලන...දවසක් ආයෙත් නොඑන්නට අපි වග බලාගමු.....


සුනාමියෙන් මිය ගිය ඔබ සැමට නිවන් සුව පතන්නම්...සංසාරෙ කවමදාවත් මෙවැනි විපත් හමුනොවේවා.....


                 

1 comment:

  1. සුනාමියෙන් අකාලයේ අවසන් ගමන් ගිය අය වෙනුවෙන් අපි ද නිවන් සුව පතමු!

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...