හිත හෙල්ලුනා_______________
හදවතේ සංවේදී සෛල තවමත්
පණ ගහනවා කියලා දැනුනා______________
ඇට මිදුළු කකියන්නට වේදනාව
දැනෙනවා කියලා තේරුණා_____________
මේ ගලන්නේ
________ප්‍රේමය________
නම්...............
ඒ ප්‍රේමයේ ධාරිණිපාත වර්ෂාවට
තෙමෙන්නට මග බලා ඉන්නවා_______________
දැන් ආදරයේ අසෙණිය වැසි වැටෙයි_____________
ඒ වැස්සට තෙත බරියම් වී හෙම්බත්ව
ඉන්නට ආසයි________________
ඒත් හදිස්සියකවත් කවුරුන් හෝ කියයි
පිස්සු යැයි කියා_______________
ආදරය...විරහව.... කදුළ... විතරමද අහයි
ළගක ඇත්තෙ______________
නැහැ..............නැහැ....
ගිරි දුර්ග මග දිගක කටු කොහොල් පිරි
තරම දන්නවා_______________
ඒත් සහේතුකව හිත ඉල්ලන්නෙම සබුද්ධික
නුවණ වෙනුවට මේ උන්මාදනීය හැගුමම නම්________________
ඉතින් සිහි විකල් කර ශල්‍යකර්මයකට යනවාට වඩා..........
මේ රිදීම් දැනීම් මත වෙලී හිදීම අපුර්ව නොවේද..............?
[ඒත් හදිස්සියකවත් කවුරුන් හෝ කියයි
ReplyDeleteපිස්සු යැයි කියා_______________]
අක්කට අපිව මතක් වෙනව නේ :D!
ලස්සනයි අක්කෙ! :)
හිහි..ස්තුතියි මල්ලියා....
Deletehttp://www.cinelanka.net/2011/12/ask-tesadufleri-sever-2011-love-like.html?utm_source=BP_recent
ReplyDeleteසැබෑ ආදරයක් ළඟ කඳුළ, දුක, විරහව..
ReplyDeleteහදවතින්ම නැගෙන හිනාවකට තවත් ඇරයුමක්..
ඉතින් මොකට ශල්‍යකර්ම.. වේදනාවෙන් හද රිදෙන..
සැබෑ ආදරයක් ඇතිවිට.. :)