Wednesday, December 21, 2011

සිහිනයක සිතුවිලි - 3 ( මගේම මගෙ නුඹට... )


පඬුපාට හැන්දෑව ඇවිදින්
ඉකිබිඳින කොට ගොම්මන
තාරුකා එළියක්ව ළගකින්
ඔබ ඇවිත් ඉන්නකොට________

බොරපාට පිරිමි ඇස් දෙක ළග

නවතින්න ආසයි ආයෙමත්________
හිනාවෙන කම්මුලක් ළග
රැවුල් කොට ඇනි ඇනි
තෙරපෙන්න ආසයි ආයෙමත්_________

පාලු මන්දාරම් සීතලට

හීන් වැහි බිංදු වැටෙනකොට
උණුසුමක වෙලි වෙලි
තුරුල්වෙන්න ආසයි ආයෙමත්__________

මෘදු කම් නැති දඩම්බර නුඹේ

රලු වදන් ළග ළගම
හිනහා වෙවි කියව කියව
දැවටෙන්න ආසයි ආයෙමත්____________

කේන්තියෙන් පුම්බගෙන

කතා නොකරන ඔයා ළගින්
හ්ම් සද්දයක්වත් නැතිව
වචන හිරකරගෙන වගේ
ගැවසෙන්න ආසයි ආයෙමත්____________

පිඩෙන් පිඩ අනා උණු උණුවෙම

බැනුම් බැන බැන රවන ඔයා ළගක
දැවිල්ලෙ හුල්ල හුල්ල බත් කවන්න
ඉඩක් තිනවනම් ආසයි ආයෙමත්_______

පළල් උරහිස මැද්දෙ හැංගිලා

නුඹේ පපුවෙ සුවඳ විද විඳ
එළිවෙනකම් ගිලිවෙලා
නිදාගන්න ආසයි ආයෙමත්____________

හදිස්සියෙම ඇස් ඇරුණ උදෑසනට

කම්මැලි කමේ ඇස් පියාගන්න ඔයාව
පුංචි එකෙක් වගේ අවදි කර කර
දඟ කරන්න ආසයි ආයෙමත්_______________

' කරදරකාරී ' කියලා පාන්දරක

ඔයාගෙ උණුසුමේ ආපහු
බදාගෙන හංගගන්නකොට
පැනලා දුවන්න ආසයි ආයෙමත්______________

සරසඳක්වී සිත් අහස වසාගෙන

හිනාවෙවි ඉන්න ඔයා ගාව
බැහැයි නොකියා මට නවතින්න

_______පුංචිම පුංචි ඉඩක් දෙනවා නේද කියන්න_______

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...