Wednesday, December 14, 2011

නුඹත් අහිමියි මට....






රැයක් එනතුරු මග බලන
කොඳ මලක් ළග
තනි රකින පිනි කුදුළු
පැල්ලම් අතීතෙක
දිය යටක සගවන්න හදන
රබර් බෝලය වගේ
එබී බලනවා හිත උඩට හදිස්සියෙම.....

කාලයේ වැලි තලා අතරට

සගවන්න හැදුවත්
උඩු දුවන පිළිකා සෛලය
වගෙයි සිත
බුර බුරා ඇවිලෙන ගිනි දැල්
මිතුරු වී ඇවිත්
පාරවයි සිත කටු තුඩු තරම් විස.......

නෙත් ඇරන් වත්මනට හිත

ඔබන විට හෙමින්
එකිනෙක වඳින වචන වැල්
හී සර තරම් නුඹෙන්
සිත් පත්ල කළඹලා ඇලෙනවා
පතුලට ගිහින්
මහ හුගක් බරටම තදින්.......

ඇස් කණ්ඩි පුපුරු ගසමින්

රූරා වැටෙන
කදුළු ළග උණුසුමක් දැනෙන
කම්මුලට වැරෙන් හැපි හැපී ඉල්ලන
මේ මතක නුඹ ඉතින් ගනින්........

අතීතයෙ සෙවනැලි ළගදි හිනැහෙන

වත්මනේ නුඹත් හෙට
මියැදේවි අඩුවයසින්ම නොවැරදිවම
වසන්තය දිවිමගට අහිමි හින්දම........

2 comments:

  1. අැත්තටම හිත තුවාල උනාම ජීවිත කාලෙටවත් හොඳ වෙන්නෙ නෑ :(

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත මල්ලියා...

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...