දකින්නවුන් සිනා සී සිරි විඳ ගනියි
ඒ වුනත් සියොළගම ගිනි ගනියි...
හ්ම්__________සමුදෙන්න සැරසෙනවා දවසකට
දිවාකරයාණන්_______________
අන්තිමට නෙත් හෙලා බලනවා සිප ගන්න
සයුරු ඉම ඈත ක්ෂිතජයේ_____________
ඇට මිදුළු රිදුම් දී වේදනා එයි_____________
උගුර දණ්ඩුත් නියගයක් වාගේ
පෙලෙනවා පිපාසෙන් හොදටම______________
අලුපාට අලුයමක පිටවෙච්ච වැට
ආයෙමත් ඇතුල් වෙන්නට විගස
ඔසවනවා දෙපා යුග ඇය හනි හනික_________________
තෙරපිලා රිංග ගත්තත්
පොල් පැටවුවාක් වැනි බස් රථයට_____________
නෙත් කෙවෙනි රිදුම් දී........
ඉකිළුමක් හැංගුවා සැමට රහසින්________________
කදුළු ගනින්නට බැරි තරම්___________
සිනා මල් අහිමි වුවත්_________________
ළය මත බුර බුරා උඩ එන
සෙනෙහසේ මල් පොකුරු_____________
දිලිසෙනවා සිහිවෙලා..........
පෙරමගක ඇති සිගිත්තිය______________
______හිමි______
අහිමි කරවූවත්......කුරිරු වූ යුද්ධයට_______________
දිරි අරන් වෙර ගන්නවා ඇය
පුබුදන්න මල් කැකුළ________________
දහඩිය මතින් ඇතුළු වු විට ගෙයි දොර
පපුව මැදටවිත් රිංග ගන්නා පැංචිය..........
_______මගෙ අම්මි මට සුවදයි______________
කිවුව විට හුරුබුහුටි සිගිති දෙතොළගින්............
මැවෙනවා හිමියනි මට නුඹව සිහියට____________
දන්නවද ඒ ඇයි කියා.........
______________නුඹෙ සුවඳ මට දෙන්නෙ ඇය නිසා________________
No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.