උණු බතක රස නොවිද අය හට
උණු බතක රස දැනේවා...
ඇඳි වතක් වත් නොමැති අයහට
ඇඳිවතක් ලැබේවා..
හිසට සෙවණක් නොමැති අය හට
හිසට සෙවණක් ලැබේවා...
ලබන අවුරුදු සිරිය සැම දනන් හට
හිත තුටින් සුභ අවුරුද්දක්ම වේවා...
කවියක් ලියන්න හිතුවා හිතුවා..ඒත් හිත අහලකවත් සිතුවිල්ලක් නැහැ...ඒක නිසයි මෙහෙම සටහනක් ලියන්න හිතුවෙ....
2011 ගෙවිලා යන්න තියෙන්නෙ තව පැය ගානයි....ඉතින් ඒ ගෙවිලා යන 2011 වෙනුවෙන් මෙහෙම ලියන්නම්......
හැම දවසකටම හිරු එළිය එබෙනකොට දහසක් ප්රාවර්ථනා එක්ක අවදිවෙන අපි දවස් 365ක් ගෙවුනෙ කොහොමද කියලා ආපසු හැරිලා බලනකොට
අපි අතින් වුනේ මොනවද නොවුනෙ මොනවද.....
පොලවෙ වැලි කැට ගානට සිහින දකින අපි ගසක මල් පොට්ටුවක් ඇවිදින් ඒ පොට්ටුව පිපෙනවා වගේ සපල වෙන්නෙ කීයෙන් කියද.......
සමහර වෙලාවට ජිවිතේම හිනයක් කියාගෙන හිනෙන් වගේ ජිවිතයම අතපත ගාන වෙලාවලුත් අපිට නොතිබුණා නොවෙයි නේද.........
ගිනි ගහන කාෂ්ඨක අවුවක දිය බිංදුවක් නැතිව පිපාසෙන් හෙම්බත් වුනා වගේ අසරණ වෙන මොහොතවල් කියක් නම් ආවා නේද.........
ඒ වගේම ගසක අතු ඉතිවල පවා මල් ගෙඩි පිපිලා වසන්තය හිනැහෙනවා වගේ සතුට සොමනස ඉහිරුණු මොහොතවත් කොයි තරම් නම් තිබුණා නේද.......
කාසියක් දෝවනය කරලා පඩුරක් ගැට ගහනවා වගේ බැතිබරව හිතේ පැලපදියම් වෙච්ච සිහින සාර්ථක වුනා නොවුනා වෙන්න පුලුවන් මේ ගෙවෙන අවුරුද්දෙ.....
අපි අසුභවාදි නොවෙමු.....සුභවාදි වෙමු..... අපිට කෙනෙක්ට දෙයක් දෙන්න හිතුනොත් හරිම පවිත්රඅ හිතෙන් දෙමු.....
ඇයි දන්නවද
අද අපි මෙහෙම ඉදියට කි දාහක් දෙනා අදින්න ඇදුමක් නැතුව හුල්ලනවා ඇද්ද.....
රසම රස උණු බත් කටක් කන්න නැතුව හුල්ලනවා ඇද්ද......
වහිනකොට ගල්ගෙඩි වගේ ගේ මැද්දට වැටෙන වැහි වතුර දිහා බලාගෙන හුල්ලන මිනිස්සු කී දාහක් ඇද්ද................
ඉස්කෝල යන්න විදිහක් නැතුව ලියපු එක්සයිස් පොත මක මකා ඒ උඩම ආපහු අකුරු කරන අහිංසක දරුවො කොච්චරනම් හුල්ලනවා ඇද්ද.........
ලේ කදුලු දහඩියේ මිරිකෙමින් රුපියල් හොයන මිනිස්සු ළග තියෙන සුවද විඳින්න අපි හිතුවද........
අපේ අම්මා තාත්තා අපිට හැමදේම දුන්නා කියලා අපි ඇස් පියා ගෙන ඉන්නවද...... නැත්නම් පොලවෙ පය ගහලා ලෝකෙ දිහා බලනවද කියලා අපි හිතුවද....................
ඒ විතරක්ම නෙමෙයි අපි අපි ගැනවත් හිතුවද..................
අපිට ආදරය නොකරන මිනිස්සු ළග වෙලි වෙලි ආදරය ඉල්ල ඉල්ල දුක කොච්චර නම් පුරවගන්න ඇද්ද......................
හැම වෙලාවෙම හිත රිද්දන මිනිස්සු ගාව තවත් ලතැවි ලතැවි බලා ඉන්නවා ඇද්ද.............
යන්තම් හරි වැරදිමක් වුනොත් උඩ දාගෙන හිනාවෙන යාලුවොයි කියන නාමික අයව තුරුල් කරගෙන අපි තාමත් බලා ඉන්නවා ඇද්ද......................
ජිවිතේ දුකේදි කදුළෙදි සිනාව බිංදුවක් හරි දුන්න මිනිස්සු කි දෙනෙක්ව අපි අමතක කරන්න ඇද්ද මේ අවුරුද්දෙ.................
ජිවිතේ කියන්නෙ ගඟක් නම් ඒ ගඟ ගලා යන්නෙ නිම්න තැනිතලා කදු පල්ලම් මේ හැම දෙයක්ම මැදින්..................
ඒත් ඒ යන අතර මගදි ගල් බොරලු මිනිරන් මැණික් මේ හැමදේම ගං දියත් එක්ක සැගවිලා තියෙනවා...................
අපේ ජිවිතත් ඒ වගේමයි....අපි වටේ ගල් බොරලු වගේ වැඩකට නැති මිනිස්සුත් ඉන්නවා..............මිනිරන
ඒ හැමදේම තෝරගන්න අපිටම බාරවෙලා නේද.......................
නිකන් ඉන්න වෙලාවක මල් ටිකක් පුජ කරලා නිදහසේ ගාථාවක් කියලා සැනසිමෙන් අපි ඉදියද...............
අපේ හිතම අපිට කතා කරයි.....................
ලෝකෙ යන්නම් වාලෙ යනවට වැඩිය අපි අපිට දැනෙන හොදම දේ හරි දේ කරලා හෙට දවසෙ එකම එක පැතුමක් හරි සපල කරගන්න මහන්සි වෙමු.................
ඒ වගේම අනික් මිනිස්සු ගැනත් දැනෙන හිතෙන කෙනෙක් වෙමු.............
අත්තානං උපමං කත්වා...........තමා තමාවම උපමා කර ගන්න අපේ බුදුහාමුදුරුවො කිවුවා වගේ අපිට වගේම අනික් මිනිස්සුන්ටත් හැමදේම දැනෙනවා රිදෙනවා...හැගෙනවා කියලා හිතමු................
2012 අවුරුද්දෙවත් අහිංසක එක නැතිබැරි මනුස්සයෙකුට එක බත් වේලක් හරි දෙන්න හිතාගමු................ එකම මනුස්සේක්ගෙ හරි හිතක් නොරිදා ඉන්න බලමු..............
දන්වද ජිවිතේ හොද වැඩක් අපි කරන්න හිතාගෙන සැලසුම් කලොත් අපි වටේ රොක්වෙන්නෙ හොද මිනිස්සු.............නරක වැඩක් කරන්න හිතාගෙන පටන් ගත්තොත් රොක්වෙන්නෙ නරක මිනිස්සු.............කරන කියන හැමදෙයක්ම සිය දහස්වාරයක් හිතලා කරන්න හිතෙන්නෙ එක පාරක් වැරදුනාට පස්සෙ කියනවනෙ....
........ඒක නිසා 2011 කරපු ගොන්කන් 2012 දිවත් නොකර ඉන්න බලමු....................
( මට නම් 2011 ජිවිතේ හැමදේම සාර්ථක වුන වසරක් වුනා )
අලුත් අවුරුද්දෙ හිතන්නට යමක් :)
ReplyDeleteකොහොමහරි
අක්කගෙ හැම පැතුමක්ම ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා :) :) :)
ස්තුතියි මල්ලියේ...ඔයාටත්...
ReplyDelete