අද දෙසැම්බර් 22
සිහිනයක සිතුවිලි අතරෙ හිරවෙන්න හැදුවට හැමදාම වගේ හිත උඩ ඔයා ඉන්නෙ... දන්නවද මම වෙනස් වෙන්න පුරුදු වෙනවා....උදේ අවදිවෙනකොටම හිතට එබෙන ඔයාව අමතක කරන්න පුරුදු වෙනවා..ඒත් හිරු දුටු පිනිබිදු වගේ මගේ සිතුවිලි මැරෙනවා....හතිදාගෙන පුරුදු විදිහට පරිගණකය ඔන් කරලා පරිගණක තිරය උඩ හිනාවෙන ඔය හිනාව බලන එක දැන් මට පුරුද්දක්....
මගෙ මේ හිත මම ඔයාට කොහොමද පෙන්වන්නෙ...අර දුර අහසෙ සඳ වගේ හැමදාම වෙනස් වෙනවා ඔයා...දවසගානෙම වෙනස් වෙනවා...වලාකුලු උඩ පාවෙවි වෙනස්වෙන ඔයා ළග ඉන්නෙ කොහොමද කියලා හිතනවා මම...... මේ නන්නාදුනන රටේ අඩි 10 ක්වත් දිග පළල නැති කාමරය ඇතුලට වෙලා මේ දකින හීන ඔයාට විහිලු වෙන්න ඇති...ඒත් දන්නවද......
ඔයා ළග දැවටි දැවටි ඔය සුවඳ විඳ විද ඉදපු දවස් මතක් වෙනවා.... පුංචි එක්කෙනෙක් වගේ තුරුල් කරගෙන නිදාගත්තු ඔයා ළග උණුසුම මට තාමත් දැනෙනවා....
හිතෙනවා කමදාවත් මට ලැබෙන්නෙ නැතිවෙයිද කියලත්...ඒත් අර රලු නපුරුකම් යටින් සොදුරු ඔයා සමහරවෙලාවට මතුවෙනකොට මට ලෝභ හිතෙනවා...අනේ කොයි තරම් සොදුරුද ඔයා...... අපුරුද.......
මහ දවාලෙ පාර මැද්දෙ නැවතිලා අයිස් අරගෙන කකා ජිවිතේ සතුටු සිනා බෙදා ගත්ත හැටි මතකද ඔයාට...අදත් ඒ මතකයන් ඇතලෙ හිත අතිතෙමයි...අනාගතයට එන්නෙම නැහැ....මම දන්නෙ නැහැ මේ හිතට මොනා කරන්නද..තව හරියටම මාස 23 ක් මම බලා ඉන්න ඕනි...අනේ ඒ අතරෙ කොයි තරම් දේ වෙනස් වෙයිද මේ ඉරහද යට.....ඒත් ඔයා වෙනස් වෙන්න එපා රත්තරං.......මම එනකම් ඉන්නවා කිවුවා වගේම ඉන්න....මම ඇගිලි ගැන ගැන ඔයා වෙනුවෙන් පේ වෙවි බලා ඉන්නවා ළගට දුවගෙන එන්න..සත්තයි....
හුගාක් ලියාගන්න බැහැ...අද වැඩ කරලා මහන්සියි....මේ පුංචි වචන ටිකත් ලියලා යන්නෙ සයිබර් අහස යට ඇවිදනකොට හදිසියෙවත් ඔයා දැක්කොත් කියලා....බලන්නෙ නැහැ කියලා මම දන්නවා...ඒත් බැලුවොත් වැරදිමකන්වත් නේද....
පුරුදු විදිහටම අදත් කියන්නෙ මහ හුගාක් ගොඩාරියක් ආදරෙයි මම ඇත්තමයි......
No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.