Wednesday, December 21, 2011

ඔබ එන්න....

විඩාබරවම ගලා යන
හුදකලා දිවිමගට
මුව දොරක් වී ඔබ එන්න......

සිනාවත මියැදිලා යන
හිරු බසින හැන්දෑවට
සිනාපිරි සඳවතක් සේ
අනේ ඔබ එන්න.....

අලුයමට නිවාඩුව යන
සඳ මඩල ළගකට
බලාපොරොත්තුව වී
උදෑසනකට හිරු අරන්
ආයෙමත් ඔබ එන්න......

සෙනෙහසේ සියක් මල්
පිපෙන හදවත් අසපුවට
ජීවිතේ සුවඳ විදගන්න
එකමපාරක් ඔබ එන්න.......

2 comments:

  1. රෑ අහසින් හීනෙන් ඔබ දකීවී..
    ඇස් පියන් වසාගෙන ඔබ ඉඳීවි..
    කදෙින හෝ අපි යලිත් මුන ගැසේවී..
    මතකයන් පසුපසින් අප පෙලාවී...

    ReplyDelete
  2. මතකය ළගක නුඹ සුවදයි හැමදාම....

    ස්තුතියි අමිල....

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...